IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


MacBook Pro බැටරිය ආරක්ෂාකාරී නැත්නම් ගුවන් ගමන් වලට එපා

ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කළ අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය  ගිනි ගැනීමේ අවදානමක් ඇති හෙයින් එය ආරක්ෂාකාරී යැයි  තහවුරු කරන තෙක් ගුවන් ගමන් සඳහා ගෙන යාමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා ගුවන් සමාගම  මහජනතාවට දන්වා සිටියි.

අඟල් 15 MacBook Pro ඒකකයේ බැටරිය  අධික ලෙස රත්වී ගිනි ගැනීමේ අවදානමක් ඇති බවට එම සමාගම විසින්ම නිවේදනයක් නිකුත් කරමින් දන්වා තිබේ.

 ඇපල් සමාගම විසින් මෙම ඒකකය සීමිත ප්‍රමණයක්  නිෂ්පාදනය කර  ඇති අතර , මෙලෙස  අවදානමට ලක්වූ ඒකක මූලික වශයෙන් අලෙවිකර ඇත්තේ 2015 සැප්තැම්බර් මස සිට 2017 පෙබරවාරි මස දක්වා කාලය තුළ බවද එහි දැක්වේ.

 ඒ අනුව  තමන්  සතුව ඇති  MacBook Pro උපාංගය එවැනි බලපෑමක් සිදු වී තිබේදැයි  ඇපල් සමාගමෙන්   තහවුරු කරගන්නා ලෙස  ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ගෙන් ඉල්ලා සිටියි.  

 ගුවන්  ගමන්  සඳහා  පැමිණෙන  මගීන්ගෙන්  ගුවන්තොටුපළ පරීක්ෂා කිරීමේ කටයුතුවල දී  මෙම උපංගය සම්බන්ධයෙන් තොරතුරු විමසන අවස්ථාවේ දී බැටරිය නැවත ප්‍රතිස්ථාපනය කර ඇති බවට සාක්ෂි ඉදිරිපත් කිරීමට සිදුවන බවද ශ්‍රී ලංකා ගුවන් සේවය දන්වා සිටී.
 

එමෙන්ම එහි  ආරක්ෂිත බව තහවුරු කිරීමට නොහැකි වන්නේ නම් එය ගුවන් ගමන සඳහා රැගෙන යාමට ඉඩ නොදෙන බවද  සඳහන් කරන ගුවන් සමාගම එම උපාංගයේ ආරක්ෂාකාරී බව තහවුරු  කිරීම සඳහා, එහි  බැටරිය යළි කැඳවීමට අදාළ පහත සඳහන් වෙබ් පිටුවේ ඇති උපදෙස් අනුගමනය කරන ලෙසද දන්වා සිටියි.

 https://support.apple.com/en-hk/15-inch-macbook-pro-battery-recall?pub=autodetect

+94117771979  යන දුරකතන අංකයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ පැය 24 පුරා විවෘත සම්බන්ධතා මධ්‍යස්ථානයෙන් වැඩි විස්තර දැනගත හැකිය.


 



අදහස් (1)

MacBook Pro බැටරිය ආරක්ෂාකාරී නැත්නම් ගුවන් ගමන් වලට එපා

Sampath Thursday, 12 September 2019 10:54 AM

මොන වික්‍රමයක්ද මේ? මම යනවා පොලීසි..

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 66 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මත්පෙති සමඟ අයෙක් අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 26 95 0

යාපනය ප්‍රදේශයේ තරුණයන් හට අලෙවි කිරීම සදහා මත්පෙති සන්තකයේ තබාගෙන සිටි මහා පරිමාණ ජාවාරම් කරුවකු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරින් විසින් අත්අඩ


ලක්ෂ 70 ක ගංජා සමඟ ජාවාරම්කරුවෙක් අල්ලයි
2024 අප්‍රේල් මස 26 89 0

විදෙස් රටක සැගව සිටින මත්කුඩු ජාවාරම්කරුවෙකු වන රැවුල් කුමාරගේ ප්‍රධාන ගෝලයෙකු රුපියල් ලක්ෂ හැත්තෑවක් පමණ වටිනාකමකින් යුත් ගංජා කිලෝ 25 ක් සමග පොලිස්


තැනින් තැනට අදත් ගිගුරුම් සහිත වැසි
2024 අප්‍රේල් මස 26 97 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට අද පස්වරු 2.00 පමණ පසු තැනින් තැනට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කිය


හොර දොස්තර රෝහලට ආ දරුවාගේ පංචායුදය උස්සලා
2024 අප්‍රේල් මස 26 794 0

කකුලේ ඇතිව තිබූ තුවාලයකට ප්‍රතිකාර ගැනීමට කුලියාපිටිය ශික්ෂණ රෝහලට පෙරේදා (24) මවත් සමග පැමිණ සිටි දරුවකු පැළඳ සිටි රුපියල් තුන් ලක්ෂ අසූ දෙදහසක් පමණ වට


රෝහ‍ල් කුස්සියේ බඩු උස්සා මිනී කාමරේ හංගලා: කෝකියා දැලේ
2024 අප්‍රේල් මස 26 723 1

කෑගල්ල මහ රෝහලේ අරක්කැමි (කොකියා) රුපියල් හාර දහස් අසු දෙකක් වටිනා කරවල, අලුත් මාළු හා අර්තාපල් සොරාගෙන යමින් සිටියදී රෝහල් අධ්‍යක්ෂවරයාට හසුවූ බව කිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 329 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1710 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site