චාපා මධුභාෂිණී
පැවති අධික වර්ෂාවත් සමඟ මින්නේරිය හබරණ ප්‍රධාන මාර්ගයේ 7 කණුව දේවාලය ආසන්නයේ රිලා වංගුව ප්‍රදේශයේ මීටර 25 පමණ කොටසක් ගිලා බැස තිබේ.
මෙම රිලා වංගුව ප්‍රදේශයේ මාර්ගය ගිලා බැසීමත් සමඟ මාර්ගයේ එක් මංතීරුවක පමණක් ධාවන කටයුතු සිදුවන අතර ඒ හේතුවෙන් මාර්ග ධාවන කටයුතුවලට බාධා එල්ල වී ඇත.
මාර්ගයේ ගිලා බැසීමට ලක්වූ කොටස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධරයෝ අද (23) උදෑසන එම ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණ සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මහින්ද සමයේ කොමිස් ගසාකමින් හැදු පාරවල්. මෙම පාරවල් සැදීමේදී යොදාගත් යන්ත්‍රෝපකරණ බැසිල්ට අයත් ඒවා. ටෙන්ඩර් මුදල අනිත් අයට පැයකට 2500. මෙයාට 5000.
රටත් ගිලා බහිනවා... රටේ පාරවලුත් ගිලා බහිනවා!!!