IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘‘සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා‘‘

(අංජුල මහීක වීරරත්න සහ ක්‍රිෂාන් ජීවක ජයරුක්)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ යෝජනාවෙන් කතානායක කරු ජයසූරිය මහතාගේ ස්ථීරත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරි සතියේ දී එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර අද (23) මාතර දී පැවසීය.

තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙන බව කී මංගල සමරවීර මහතා එම මහ ජන රැලියට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය මෙන්ම දෙමල , මුස්ලිම් සියලුම පක්ෂ වල නියෝජිතයන් ද සහභාගී වන බව සඳහන් කළේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ බව කීවේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කරන්නැයි ඉල්ලා මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගනයේ පැවති “සජිත් එනවා”දෙවැනි ජන රැලිය අමතමිනි.

මාතර රැළියට සජිත් එයි



අදහස් (23)

‘‘සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා‘‘

Sidath Friday, 23 August 2019 02:13 PM

"සජිත් එනවා" ඇවිත් යනවා... පසුගාමීන් ජනාධිපති කරගත්තොත් ලංකාවේ ඉන්න පුන්නක්කු කන ගොයියලා 2015 කරගත්තු එකේ දෙවෙනි එක කරගන්නේ.. මිනිස්සුන්ට පිනට දීලා රටවල් දියුණු කරන්න පුළුවන් කියලා හිතන කෙනෙක්ගෙන් මොන දියුණුවක්ද රටකට බලාපොරොත්තු වෙන්න පුළුවන්...? මිනිහට ඕනෑ හිඟන්නන් ටිකක් වට කරගෙන....

:       5641       3129

Mahika Friday, 23 August 2019 03:42 PM

අනේ හොඳයි හොඳයි. අත උඩින් යූ.එන්.පී එක හේදිලා යන එක නම් සහතිකයි. උස නම් සිකුරිටි, මිටි නම් කම්කරු කිව්ව කෙනානේ... නිදන් හාරපු ඇත්තු මරලා දාලා ගත්තු කෙනානේ. එහෙව් කෙනා ඉතින් ජනාධිපති නෙමෙයි අඩුම ගානේ හම්බන්තොටවත් බේරා ගත්තොත් ලොකුදෙයක්...

:       3655       1743

lankasri Friday, 23 August 2019 03:59 PM

රටේ ඉන්නේ සේරම හිඟන්නෝ තමයි මහත්මයා... එ්කනේ මේ 225එපා කියල වෙනසක් කරන්න දත කන්නේ...

:       2       93

isuru Friday, 23 August 2019 04:01 PM

ජයවේවා ශ්‍රී ලංකාවට..!!!

:       321       1219

Prabha Friday, 23 August 2019 04:09 PM

මංගල මූලික වෙලා ගෙනාවොත් ඉතින් සුපර් ස්ටාර් කෙනෙක් තමයි. මතකයිනේ 2015 ගෙනාව ස්ටාර් එක?

:       2       264

පුරවැසියා Friday, 23 August 2019 04:24 PM

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ "නියම ජනාධිපති අපේක්ෂකයා ගෙනෙන තුරු" සජිත්ව අන්තර්කාලින ජනපති අපේක්ෂකයා ලෙස තබා ගනිමු.

:       471       130

ok premalal Friday, 23 August 2019 04:30 PM

හොඳ නායකයෙක් රටට හොඳක් වෙනවා නම්...!!!

:       223       1127

Chanak los angeles Friday, 23 August 2019 04:39 PM

සජිත් කියලා කීවට පසුව ගෝල්ෆේස් එකේ අපේක්ෂකයා හඳුන්වලා දෙනවලු.. එහෙනම් මාතර සජිත් ගෝල්ෆේස් එකේ කරුද..?

:       436       266

Nanda Friday, 23 August 2019 06:43 PM

ලංකාවේ ගොඩදෙනෙක් අමාරුවෙන් ගත කරනවා කියලා හිතෙන්නේ මට විතරද​? මහින්දත් හිටියේ ඔහොම තමයි.

:       7       31

ලුම්බිණි Saturday, 24 August 2019 02:34 AM

තව දෙසතියකින් ගෝල් ෆේස් පිටියේ දී එම ජනාධිපති අපේක්ෂකයා රටට හඳුන්වා දෙනවා නම් මේ මොකද්ද කරන දේ? සති දෙකක් ඉන්න බැරිද?

:       0       0

piyal Saturday, 24 August 2019 03:50 AM

මංගල සමරවීර ඇමතිතුමා ඉස්සර රනිල් හිතවාදී කෙනෙක්. අපි සිහිබුද්ධියෙන් තේරුම් ගත යුතුයි එතුමාගේ මේ වෙනස් වීම... රවී කරුණානායක ඇමතිතුමා, මංගල ඇමැතිතුමාට පහරපිට පහර එල්ල කළා. මුදල් අමාත්‍යාංශය ගැන... රවී ඇමැතිතුමා සජිත් විරෝධීව පෙනීසිටින කෙනෙක්. රවීට පහර දෙන්න හොඳම ක්‍රමය සජිත්ට සපෝර්ට් කරන එක... මේ හැමදෙනාම පෙනී සිටින්නේ තම පෞද්ගලික අභිමතාර්ථයන් සඳහා මිස රට ගැන හිතලා නොවේ.

:       135       356

aruna Saturday, 24 August 2019 04:22 AM

සිරිසේන පත්කර ගත්තට දෙවෙනි වෙන්නේ නැහැ. එ්ක සිකුරුයි. රටේ අනාගතය ගැන පමණක් සිතන නිර්පාක්ෂිකයෙකු වන මගේ ඡන්දය නම් ලැබෙන්නේ නැහැ.

:       22       47

de silva Saturday, 24 August 2019 04:30 AM

සජිත් ජනපති වුණොත් අායෙමත් මහබැංකු කේස් එක උඩට අරන් මහබැංකු හොරුන්ගෙන් නිවාස පගාව විදිහට ගනිපු ඇමතියෝ හිරේ යවන එක නම් අනිවාර්යයෙන්ම සිදු කරාවි...

:       9       41

kamal Saturday, 24 August 2019 04:40 AM

“සජිත් එනවා” නම් රට කොහේ යයිද?

:       16       0

aruna Saturday, 24 August 2019 05:16 AM

සජිත් වෙනුවෙන් පෙනී සිටින බොහෝදෙනා ඔවුන්ගේ පුද්ගලික වාසි වෙනුවෙන් කටයුතු කරන අය මිස රට වෙනුවෙන් කටයුතු කරන අය බව ඔවුන්ගේ ඉතිහාස පරීක්ෂා කරන විට පැහැදිලිය..

:       523       421

sisira Saturday, 24 August 2019 06:52 AM

රනිල් කපන්න බැරි අත ඉඹිනවා.

:       0       11

Rata Perata Saturday, 24 August 2019 07:06 AM

සජිත් අවොත් එජාපය ඉවරයි. කරු හරි ෆොන්සේකා හරි දාන්න.

:       343       111

Lebbe Saturday, 24 August 2019 07:27 AM

52ත් වසරක්ද?

:       0       1

Kakiyana Lea. Saturday, 24 August 2019 02:11 PM

අනේ මන්ද කිසිම දැක්මක් නැති චරිතයක් ..සංවර්දනය දෙපාමුලට ගෙනෙනවා ,දුප්පත්කම තුරන්කරනවා කියල කෑගහනවා නමුත් ඒක කරන ක්‍රමයක් කියන්නේ නැහැ .ආවොත් ඉතින් ආයේ අව්රුදු 5 අඩන්න වෙන්නේ .(හොදවෙලාවට එන්නේ නම් නැහැ ).

:       0       22

Raman Saturday, 24 August 2019 02:16 PM

මේ විදිහට පක්ෂයටත් චණ්ඩිපාට් දාලා බලෙන් අපේක්ෂකකම ගත්තාම 88 තාත්ත කරා වගේම බලෙන් රටත් යට කරාවිද කියලත් හිතෙනවා. මේවට අපි ඉස්කෝලේ ගිය කාලේ කොල්ලෝ කිව්වේ බයිබොස් කියලා. අන්තිමට කුරුඳු පොලු පාරවල් කන්නවෙන්නේ ඡන්දෙ දීපු අයට වගේ...

:       0       0

Bamunuarachchi Sunday, 25 August 2019 03:31 AM

මේක බෞද්ද රටක් නොවෙයි කියපු කටින් සජිත්ව ජනපති අපේක්ෂකයා ලෙස නම් කරනවා. අපි බාරගන්න සූදානම්ද? මම නම් මොවුන් දෙදෙනාම මායිම් කොරන්නේවත් නැත.

:       1       30

Bamunuarachchi Sunday, 25 August 2019 03:33 AM

මීළඟට එන ජනාධිපත්ගේ බලතල 95% පමණ 19 යෙන් කප්පාදු කරලා. එහෙමනම් මේගොල්ලෝ ජනාද්තිපති වෙන්න දැනගලන්නේ මොන බම්බුවක් කොරන්නද?

:       1       0

sampath Monday, 26 August 2019 09:29 AM

දැන් පමා වැඩියි. අවුරුදු ගණනාවක් අවස්ථාව තිබුනා. ඒවා අතහැර ගත් පක්ෂයේ බලය අල්ලගන්නේ නැතිව රටේ බලය එක එල්ලේම සිහිනයක් බව ඔප්පු කර පෙන්වා ඇත . සියලු දෙනාට මෙය පොදු ධර්මතාවයකි .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1494 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 714 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 605 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 322 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 554 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 505 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site