(මොහොමඩ් ආසික්)
මහ මැතිවරණයට අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීම ප්‍රමාද කිරීම මගින් බරපතල තත්වයක් ඇතිවිය හැකි බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ අහමඩ් මනාස් මකීන් මහතා පැවසීය.
එසේ නොකළ හොත් යළි රට තුළ බරපතල සෞඛ්‍ය අවදානමක් ඇතිවන බවත් ඊට අමතරව මහ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයට පවා බලපෑම් ඇතිවිය හැකි බවත් ඒ මහතා පැවසීය.
අදාල සෞඛ්‍ය නිර්දේශ නිකුත් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ඒවා බලාත්මක කිරීම සඳහා එම නිර්දේශ වහා ගැසට් කිරීම අනිවාර්ය බව කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
එම සෞඛ්‍ය නිර්දේශ පිළිබඳ සෞඛ්‍ය අංශ සහ බලධාරීන් පමණක් නොව ජනාධිපතිවරයා පවා එකඟතාව පළ කර තිබුණද ඒවා සාර්ථකව ක්‍රියාත්මක වන තත්වයක් දක්නට නොලැබෙන බවද ඒ මහතා පැවසීය.
මෙවැනි තත්වයක් මත ගෙන් ගෙට යාමේදී සහ ජනහමු පැවැත්වීමේදී ආදි කටයුතු වලදී අනුගමනය කළ යුතු සෞඛ්‍ය නිර්දේශ කොසලකා හරිමින් බොහෝ දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් කටයුතු කරන ආකාරය දක්නට ලැබෙන බවද කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂවරයා කීය.
මේ වනවිට කොරෝනා වසංගතය යළි හිස එසවීමේ අවදානමක් ද මතුව ඇති අතර මේ නිසා තවදුරටත් කල් නොදමා වහාම අදාල සෞඛ්‍ය නිර්දේශ ගැසට් කිරීමට කටයුතු කළ යුතු බව අහමඩ් මනාස් මකීන් මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
606
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘ප්‍රමාද නොකර සෞඛ්‍ය නිර්දේශ ගැසට් කරන්න‘‘