IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘වූහාන් හි සිසුන් 30 දෙනා ගෙන්වා ගැනීමට නොහැකියි’

(නාලක සංජීව දහනායක)

කොරෝනා වෛරසය පැතිර යෑම ආරම්භ වූ චීනයේ වූහාන් නගරයට ඇතුලූවීමට හෝ ඉන් පිටවීමට කිසිවෙකුට අවසර නොදෙන බැවින් එහි සිටින ශ්‍රී ලාංකික සිසුන් 30 දෙනා මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී තිබෙන බව ජාත්‍යන්තර සහයෝගීතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (28) පැවසීය.

ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධව හා ආහාර සහ අනෙකුත් අවශ්‍යතා සම්බන්ධයෙන් බීජිං නුවර පිහිටි මෙරට තානාපති කාර්යාලය හා එරට එරට බලධාරීන් නිරන්තරයෙන් සොයා බලන බවද ඔහු කීය.

එහෙත් වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකිකයන් 557 දෙනාගෙන් 204 දෙනෙකු මේ වනවිට මෙරටට පැමිණ සිටින බව කී රාජ්‍ය අමාත්‍යවරයා ඉතිරි පිරිස ද කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද සඳහන් කළේය.

එමෙන්ම කොරෝනා වෛරසය ආසාධිත චීන ජාතිකයකු මෙරටින් හමුවීමත් සමඟ පාසල් වසාදැමීමට රජය තීරණය කර ඇති බවට පැතිරයන ආරංචිවල කිසිඳු සත්‍යතාවයක් නැතැයි ද හෙතෙම පැවසීය.

කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ දී අද (28) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ජාත්‍යන්තර සහයෝගිතා රාජ්‍ය අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මේ බව සඳහන් කළේය.



අදහස් (5)

‘වූහාන් හි සිසුන් 30 දෙනා ගෙන්වා ගැනීමට නොහැකියි’

AnanadaR Tuesday, 28 January 2020 02:04 PM

තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ඔවුන්ට කරදරයක් නොවේවා !

:       25       128

Hemantha Wednesday, 29 January 2020 03:57 AM

ඔය ටික සෞඛ්‍ය ඇමති තුමිය දන්නේ නැද්ද?

:       0       2

malli Wednesday, 29 January 2020 04:08 AM

මේ බයිලා තේරෙන්නේ නැත්තේ මට විතරද ?

:       0       3

උපුල Wednesday, 29 January 2020 10:11 AM

සෞඛ්‍ය ඇමැතිණියට කතා කරන්න දැන්නම් එපා. මොකද කට ඇරියොත් වෛරස් එළියට එන්නේ...

:       0       12

sampath Thursday, 30 January 2020 09:27 AM

වූහාන්වලට ඍජු ගුවන් ගමන් නැහැ.. චීන ආණ්ඩුව අවසර දෙනවා නම් විශේෂ යානයක් වූහාන්වලට පිටත් කරන්නම වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site