(අංජුල මහීක වීරරත්න)
කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම් හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධානතම කරුණක් වන දිනය වැරදිවුවත් එය න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට කතානායක පියවර ගන්නේ නම් විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදීමට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.
එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග පරාජය කිරීම රජයට මහලොකු කජ්ජක් නොවන බව පැවසූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඒකාබද්ධ විපක්ෂයට දිනය නිවැරදිව සටහන් කර විශ්වාසභංගයක්වත් ඉදිරිපත් කිරිමට නොහැකි තරම් බංකොලොත් වී ඇතැයිද පැවසීය.
විශ්වාසභංගය වැනි වැදගත් ලියැවිල්ලක දිනය නිසි ලෙස ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවක එය ප්‍රතික්ෂේප කිරීම වැදගත් රාජ්‍ය ආයතනයක වගකීම බවද ඇමතිවරයා කීවේය. එහෙත් තමා දුටු විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස 2018 මැයි 09 ලෙස සඳහන්ව තිබුණේ යැයි ද එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි වරදක් බවද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.
විශාල වරදක්වුවද එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතිනම් ළඟම දිනයක් විවාදය සදහා ලබාදීමට සුදානම් බවද ඇමතිවරයා පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යනඑන මං නැති වෙන ලෙස රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවද ඇමතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ඕන ගොනෙකුට ගොන් තර්ක" ගෙනඒමට පුළුවන් බව මහජන මුදලින් සිය පවුල් පිටින් ජීවිකාව ගෙනයන මෙම මහජන නියෝජිතයා මනාව පිළිඹිබු කර ඇද්ද?
ඔව් ඉතින්... රටට හෙණ ගැහුවත් මට මොකද නේද? මෙහෙමත් ඇමැතිවරු..
මෙතුමාට එවැනි දෙයක් කිරීමට නිමිත්තක් නැද්ද? මහජනතාව මහමැතිවරණයක් එනකං බලන් ඉන්නේ මෙතුමාට තියෙන විශ්වාසය පළ කරන්න...
ඔව්, ඔව් රිෂාඩ් දිනවල ඡන්දෙට එන්න. නුවර අපි බලාගෙන ඉන්නේ ඇල්ලව ගෙදර යවන්න. නුවර මුස්ලිම් ඡන්ද වලින් විතරක් ඔයාට දිනන්න පුළුවන්නේ. ඔයාට වැඩ බැරි කට විතරක් තියෙන බව අපි ඔක්කොම දන්නවා. මධ්‍යම අධිවේගේ තියාගෙන ඉන්නේ ඡන්දෙ කිට්ටු වෙනකන් බව අපි ඔක්කොම දන්නවා...
දිනේ දෙන්නේ අද හෙටමද? නැතිනම් කමිටුවක් එහෙම පත්කරලා ඉවර වෙලාද?
අපිට මතකයි සමහර විශ්වාසභංග ගේන්න තිබුණු කලබලය. නිසි පටිපාටියක්වත් අනුගමනය නොකර හූ කියලා සම්මත කරගත්තු විශ්වාසභංග.. ඇයි ඒවා මේවට නැත්තේ...? මැරුණු මිනිස්සු අහිංසක මිනිස්සු නිසාද?
මෙතුමාට තියෙන්නේ ටිකිරි මොලයක්... තවත්නම් ඔය මොලයෙන් රටට ඵලක් නෑ... පුළුවන් ඉක්මනට බංග වෙලා ගෙදර යන්න.
කවදද 225ටම භංගෙ ගන්නේ...?
මම බදුර්දීන්ට කැමති නෑ. නමුත් මේ අයට බැරිඋනාද කියවලා බලල අත්සන්කරන්න.
ඔව් පරාද කරන්න අපි ඒක දන්නවා කරලා එන්නකෝ ඡන්දෙ ඉල්ලන්න.