IMG-LOGO

2025 දෙසැම්බර් මස 07 වන ඉරිදා


‘විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදෙන්න සූදානම්’

(අංජුල මහීක වීරරත්න)
 
කර්මාන්ත හා වාණිජ කටයුතු, නැවත පදිංචි කිරීම් හා වෘත්තීය පුහුණු ඇමති රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවේ ප්‍රධානතම කරුණක් වන දිනය වැරදිවුවත් එය න්‍යාය පුස්තකය වෙත ඇතුළත් කිරීමට කතානායක පියවර ගන්නේ නම් විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදීමට සූදානම් බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පෙරමුණේ ඇමතිවරුන්ට එරෙහි විශ්වාසභංග පරාජය කිරීම රජයට මහලොකු කජ්ජක් නොවන බව පැවසූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා  ඒකාබද්ධ විපක්ෂයට දිනය නිවැරදිව සටහන් කර විශ්වාසභංගයක්වත් ඉදිරිපත් කිරිමට නොහැකි තරම් බංකොලොත් වී ඇතැයිද පැවසීය.

විශ්වාසභංගය වැනි වැදගත් ලියැවිල්ලක දිනය නිසි ලෙස ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවක එය ප්‍රතික්ෂේප කිරීම වැදගත් රාජ්‍ය ආයතනයක වගකීම බවද ඇමතිවරයා කීවේය. එහෙත් තමා දුටු විශ්වාසභංග යෝජනාවේ දිනය ලෙස 2018 මැයි 09 ලෙස සඳහන්ව තිබුණේ යැයි ද එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළ හැකි වරදක් බවද කිරිඇල්ල මහතා පෙන්වා දුන්නේය.

විශාල වරදක්වුවද එය න්‍යාය පුස්තකයට ඇතුළත් කර ඇතිනම් ළඟම දිනයක් විවාදය සදහා ලබාදීමට සුදානම් බවද ඇමතිවරයා පැවසීය. ඒකාබද්ධ විපක්ෂ නඩයට යළි යනඑන මං නැති වෙන ලෙස රිෂාඩ් බදුර්දීන් මහතාට එරෙහි විශ්වාසභංගය පරාජය කරන බවද ඇමතිවරයා කීවේය.



අදහස් (10)

‘විශ්වාභංග විවාදයට ළඟම දිනයක් ලබාදෙන්න සූදානම්’

Raveendra Monday, 20 May 2019 10:34 AM

"ඕන ගොනෙකුට ගොන් තර්ක" ගෙනඒමට පුළුවන් බව මහජන මුදලින් සිය පවුල් පිටින් ජීවිකාව ගෙනයන මෙම මහජන නියෝජිතයා මනාව පිළිඹිබු කර ඇද්ද?

:       31       392

sunil milano Monday, 20 May 2019 10:51 AM

ඔව් ඉතින්... රටට හෙණ ගැහුවත් මට මොකද නේද? මෙහෙමත් ඇමැතිවරු..

:       29       296

දේශප්‍රේමියා Monday, 20 May 2019 11:28 AM

මෙතුමාට එවැනි දෙයක් කිරීමට නිමිත්තක් නැද්ද? මහජනතාව මහමැතිවරණයක් එනකං බලන් ඉන්නේ මෙතුමාට තියෙන විශ්වාසය පළ කරන්න...

:       31       238

udaya Monday, 20 May 2019 12:30 PM

ඔව්, ඔව් රිෂාඩ් දිනවල ඡන්දෙට එන්න. නුවර අපි බලාගෙන ඉන්නේ ඇල්ලව ගෙදර යවන්න. නුවර මුස්ලිම් ඡන්ද වලින් විතරක් ඔයාට දිනන්න පුළුවන්නේ. ඔයාට වැඩ බැරි කට විතරක් තියෙන බව අපි ඔක්කොම දන්නවා. මධ්‍යම අධිවේගේ තියාගෙන ඉන්නේ ඡන්දෙ කිට්ටු වෙනකන් බව අපි ඔක්කොම දන්නවා...

:       2       349

chandima Monday, 20 May 2019 01:01 PM

දිනේ දෙන්නේ අද හෙටමද? නැතිනම් කමිටුවක් එහෙම පත්කරලා ඉවර වෙලාද?

:       0       88

Sidath Monday, 20 May 2019 02:43 PM

අපිට මතකයි සමහර විශ්වාසභංග ගේන්න තිබුණු කලබලය. නිසි පටිපාටියක්වත් අනුගමනය නොකර හූ කියලා සම්මත කරගත්තු විශ්වාසභංග.. ඇයි ඒවා මේවට නැත්තේ...? මැරුණු මිනිස්සු අහිංසක මිනිස්සු නිසාද?

:       3       90

indra Monday, 20 May 2019 03:10 PM

මෙතුමාට තියෙන්නේ ටිකිරි මොලයක්... තවත්නම් ඔය මොලයෙන් රටට ඵලක් නෑ... පුළුවන් ඉක්මනට බංග වෙලා ගෙදර යන්න.

:       0       96

Kumara Monday, 20 May 2019 04:07 PM

කවදද 225ටම භංගෙ ගන්නේ...?

:       0       0

Sarath r Monday, 20 May 2019 06:21 PM

මම බදුර්දීන්ට කැමති නෑ. නමුත් මේ අයට බැරිඋනාද කියවලා බලල අත්සන්කරන්න.

:       71       10

jayath Tuesday, 21 May 2019 02:42 AM

ඔව් පරාද කරන්න අපි ඒක දන්නවා කරලා එන්නකෝ ඡන්දෙ ඉල්ලන්න.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 284 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 411 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 391 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site