IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


‘විධායක ජනපති ධුරය අහෝසි කරමුදැයි ජනපති ඇසුවා’

(අංජුල මහික වීරරත්න සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
 
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා කතා කර තමාගෙන් විමසූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පස්යාල කල්ලේලියේදී අද(20) පැවැසීය.
 
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන තමා සෙසු පක්ෂ සමග සාකච්ඡා කර නොතිබූ හෙයින් තමා ජනාධිපතිවරයාගේ යෝජනාවට එකඟ වූ බව කී අග්‍රාමාත්‍යවරයා ඒ අනුව ජනපති ඊයේ(19) දහවල් කැබිනට් මණ්ඩලය කැඳ වූ බව ද සඳහන් කළේය.
 
පස්යාල දොන් ස්ටීවන් නව ජාතික පාසල ඉදිකිරීම සඳහා මුල්ගල කැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කීය. කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීමක් පරිදි අධ්‍යාපනය අමාත්‍යංශයේ ‘ළඟම පාසල - හොඳම පාසල’ වැඩසටහන යටතේ මෙම නව පාසල ඉදිකෙරෙයි.
මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.
 
“19 වන සංශෝධනයේ කොටසක් අප විසින් සිදුකර තිබෙනවා. ඉතිරි කාරණා ගැන ප්‍රශ්න ඇතිවී තිබෙනවා. ජනාධිපතිවරණයත් සමඟ විධායක ජනාධිපති ක්‍රමය ගැන විවිධ සංවිධාන ප්‍රශ්න මතුකිරීම පුදුමයක් නොවේ. මෙය අද රටේ ප්‍රශ්නයක්.
 
මේ සතියේ මුල් භාගයේදී සමහර සිවිල් සංවිධාන අලුත් යෝජනා ඉදිරිපත් කළා. ජනතා විමුක්ති පෙරමුණේ 20 වන සංශෝධනය වහාම සම්මත කිරීම ගැන සාකච්ඡා ඇති වී තිබුණා. ඒ සාකච්ඡාවලට මා සහභාගී වී සිටියේ නැහැ. ඒ ගැන මටත් ආරංචි වුණා.

විධායක  ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කැබිනට් මණ්ඩලයේදී කතාකරමුදැයි ජනාධිපතිතුමා අද කතාකර මගෙන් ඇසුවා. අපේ පක්ෂ අතර මේ ගැන සාකච්ඡා කර තිබුණේ නැහැ. ඒනිසා එය හොඳයි මෙතන කතාකරන්න පුලුවන් කියා මා පැවැසුවා. ජනාධිපතිතුමා ඒ අනුව දහවල් කැබිනට් මණ්ඩලය කැදෙව්වා. මා ඊට පෙර අපගේ ඇමති මණ්ඩලය කැදෙව්වා. එහි විවිධ අදහස් තිබුණා. ඒ බව මම ජනාධිපතිතුමාට දැනුම්දුන්නා. එකඟතාවක් තිබේදැයි නොදන්නා බවත් මා පැවසුවා.එ
 
අවසානයේ ඒ ඒ පක්ෂ මේ ගැන තීරණය කිරීමට එකඟ වුණා. ඒ අනුව ඒ රැස්වීම අවසන් වුණා.
 
මෙහි යථාර්ථය නම් පොහොට්ටුවේ ඡන්ද නැතිව ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කරගත්තාට බැහැ. අපට 150ක මන්ත්‍රී පිරිසක් නැහැ. ඒ ගැන සාකච්ඡා කළත් පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට හැකිවන්නේ පොහොට්ටුවේ ඡන්ද තිබෙනවා නම් පමණයි යැයි මම දැනුම්දුන්නා.
 
විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කළාදැයි බොහෝ සිවිල් සංවිධාන මට දොස් කිව්වා. කෙසේ වෙතත් මෙය විවෘතව කතාකිරීම රටේ යුතුකමක්. සෑම පක්ෂයකටම මේ ගැන තීරණයක් ගන්න වේවි. අප කාටවත් මේ ප්‍රශ්නයෙන් හැංගෙන්න බැහැ. විධායක ජනාධිපතික්‍රමය තබාගන්නවාද නැද්ද කියා සෑම පක්ෂයක්ම තීරණය කරන්නට වේවි. අවසන් තීරණය ගන්නේ ජනතාවයි” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
 
(ඡායාරූප - ළහිරු හර්ෂණ)



අදහස් (32)

‘විධායක ජනපති ධුරය අහෝසි කරමුදැයි ජනපති ඇසුවා’

soma Friday, 20 September 2019 09:21 AM

කරුත් එක්ක යාළුවෙන්න වගේ...

:       1       95

NishanSaturday, 21 September 2019 08:40 AM

අමුතුවෙන් යාලු වෙන්න දෙයක් නැහැ.

:       18       0

Sajith Friday, 20 September 2019 09:25 AM

කරු අාවොත් පෙනෙයි තරු...!

:       758       1037

MaheeFriday, 20 September 2019 02:35 PM

අපට

:       102       107

aruna Friday, 20 September 2019 09:28 AM

ලංකාවේ අසාර්ථකම ආණ්ඩු . මේ කාලයේ කිසිම අලුත් දෙයක් කලේ නැත. ඒවෙනුවට පසුගිය ආණ්ඩුව කළ ව්‍යාපෘති බොරු හේතු කියමින් තමන්ගේ වගේ විවෘත කළා . අභයගිරි චෛත්‍ය ජනාධිපති වී සතියෙන් විවෘත කලේ තමන්ගේ චිත්‍රයක් එහි ඇඳලයි. අන්තිමට මිනිස්සු එකේ ඇස් උගුළුවා තිබු නිසා මකාදමා තිබුනා. මොරගහ කන්ද ව්‍යාපෘතියේ අමාරුම කොටස තිබුනේ දුර්වල බෙඩ් රොක් එක කොන්ක්‍රීට් යොදා ශක්තිමත් කිරීමයි. ඒකට විශාල කාලයක් ගියා. එ්කටත් මහින්ද ට බැන බැන එයා කළ දෙයක් විදියට විවෘත කලා. තව වැඩ ඉවර කරපු එම ව්‍යාපෘතියේම කළුගඟ ජලාශය විවෘත නොකර ඡන්දෙ කිට්ටුවෙලා විවෘත කරන්න ඉන්නවා. අඩුම ගානේ මේවා කරන කොට මහවැලි ඇමතිවත් නෙමෙයි. . කොළඹ නිවාස ව්‍යාපෘති , නෙලුම් කුලුන, කම්කරු පියස ආදී සියලුම ව්‍යාපෘති පසුගිය ආණ්ඩුවෙන් පටන්ගත්ත ඒවා දැන් පොර්ට් සිටි , ආරක්ෂක මුලස්ථානය වගේ ඒවා 50% ඉවර කරලා විවෘත කරන්න ලෑස්ති කරලා තියෙන්නේ .

:       5106       5313

samFriday, 20 September 2019 10:12 AM

1980 ගණන්වල කිව්වේ රට කෑවා, ගම කෑවා, ගුටි කෑවා කියලා. දැන් කියන්නේ ගමයි, රටයි දෙකම කෑවා කියලයි.

:       0       0

SLFriday, 20 September 2019 10:26 AM

බලය රැකගන්න 88-89 අපරාධත් සිදුවුණා. 2001 ප්‍රභාට ලියලා දෙන්න ගියා. 2007-8 තොප්පිගල කැලයක් වගේ දැකලා UN එකෙන් මහින්දගේ රජයට මානව හිමිකම් කොමිසමෙන් චෝදනා කරද්දී, මේක රටේ වැඩක් නෙවෙයි මහින්ද විසින් විසඳා ගතයුතු ප්‍රශ්නයක් විදිහට කියලා රට වෙනුවෙන් තිබුණු යුතුකම මග හැරියා, මහින්දට සම්බාධක දානකල් බලන් හිටියා, 19න් රට තවත් අස්ථාවර කළා. ඒකටම ග්‍රාම සේවකයෙක් රටේ ජනාධිපති වුණා.

:       45       138

dumindaFriday, 20 September 2019 10:30 AM

එ්ක තමයි වෙන්න ඕනෑ. නැත්තම් හැමදාම වුනේ පහුගිය ආණ්ඩු පටන් ගත්තු වැඩ මග දාලා අලුත් ඒවාට අතගහන එක. අවුරුදු 5කින් ගෙදර ගියාම හැමදාම අපිට ඉතුරු වෙන්නේ මුල්ගල් විතරයි. එහෙම කතා කළොත් දක්ෂිණ අධිවේගය සිරිමාවෝගේ කාලේ පටන් ගත්තු එකක්, එයාර් පෝර්ට්, හයිවේ එක 50% ඉවර කාලේ චන්ද්‍රිකාගේ කාලේ... තව කියනවා නම් හුඟක් දේ තියනවා.

:       238       221

Hafeel Friday, 20 September 2019 11:13 AM

අසාර්ථක ආණ්ඩුව, අසාර්ථක ජනාධිපති, අසාර්ථක අගමැති, අසාර්ථක ඇමති මණ්ඩලය. නමුත් සාර්ථක වූ මහබැංකු වංචා...

:       1241       1309

RaveendraFriday, 20 September 2019 05:45 PM

සහතික ඇත්ත....

:       149       190

sam Friday, 20 September 2019 09:35 AM

මම රනිල් වික්‍රමසිංහට එච්චරම කැමති නැහැ. හැබැයි මෙච්චර කල් මේ මනුස්සයා මෙහෙම ඇදගෙන නෑවේ නැහැ. යම්කිසි ගානකට තමන්ගේ ගෞරවය තියාගෙන හිටියා. ජනාධිපතිතුමා එක්ක ගෑවුණු හැම කෙනාම ඉවරයි. දැන් බලනකොට මේ වැඩෙත් ලණුවක්ද?

:       0       0

Amila Friday, 20 September 2019 09:35 AM

නිකන් බොරු කියවන්න එපා මහත්තයා. ජනාධිපතිකම අහෝසි කරන්න ජනමත විචාරණයකට යන්න වෙනවා..

:       0       0

Siyarata Friday, 20 September 2019 09:50 AM

රනිල්ම කියනවා හරි අමාරුවෙන් මේ දුර වසර 4 දී ආවේ කියලා. රනිල්ට ඕනේ දැන් ශ්‍රී ලංකා රාජ්‍යය දියකරලා හරි පක්ෂ නායකත්වය රැකගන්න. ජනමත විචාරණයක් නැතුව කොහොමද විධායක ජනපතිකම අහෝසි කරන්නේ? ඇරත් කවුද මේ සිවිල් සංවිධාන? එකක 10 දෙනෙක්වත් නෑ.

:       0       0

Sunil Friday, 20 September 2019 10:21 AM

සූත්තර පුංචගේ අන්තිම තුරුම්පුවත් කැලේ...

:       0       0

Amal Friday, 20 September 2019 10:27 AM

බොරු කියන්න ලෑස්ති වෙන්න එපා මහත්තයෝ. ඔයාට තමයි ජනාදිපති කම අහෝසි කර ගන්න ලොකුම වුවමනාව තිබ්බේ. හැබැයි ඊයේ ඔයා පරදවුණා. ඔයාගේ පක්ෂේ අයම ඒකට විරුද්ධ වුණා. දැන් ඒක වහගන්න ජනාධිපති අල්ලා ගන්න හදන්න එපා.

:       13       76

sanath Friday, 20 September 2019 10:46 AM

ගොඩක් ව්‍යාපෘති බාගෙට හදල විවෘත කරන්න හදනවලු

:       9       92

kamal Friday, 20 September 2019 11:19 AM

ආප්පත් තිත්ත කෝපිත් දුන්න නැති නිසා මම බැහැයි කිව්වා.

:       0       3

thilakasiri Friday, 20 September 2019 12:00 PM

අරුණ 2015 ට පෙර පැවති සුදුවෑන් ඒකාධිපති ක්‍රමය වෙනුවට ස්වාධින අධිකරණය පොලිසි හා රාජ්‍ය ආයතන වලින් හැදුනු ස්වාධින රජ්‍යන්ත්‍රණය ක්‍රියාකරවන නීති හදන විවිධ මතධාරීන් නියෝජනය කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර පුද්ගලයකු වෙනුවට ඒ සමුහය පාලනය කරන රටක් හැදීම යුද්ධය,පාරවල් හා බිල්ඩින් හදනවට වඩා අමාරු වැඩක්. 19 න් ජනපති බලය ඔයිටවඩා අඩුකරන්න ගියානම් ජනපති ඇතුළු පිරිසගේ ඡන්ද නොලැබෙන නමුත් අද විධායක ජනපති කම අහෝසි කරමු කියා ජනපති ඉල්ලීමට රනිල් එකගවීම නිවැරදි ය.මන්ද එය අහෝසි කිරීමට 2015 දී ජනතාව බලය දුන් නිසාත් ජනපතිවරණයට තවම මුදල් වියදම් නොකළ නිසාත් ජනපති බලය අහෝසි කිරීමට අවශ්‍ය ඡන්දය පාර්ලිමේන්තුවේදී ලැබේනම් කෝටි 400 ට වැඩි මජන මුදල් ඉතිරි කරගන කාකොටා ගැනීම් වලින් තොරව ව්‍යවස්ථාව හදා මහමැතිවරණය පවත්වා නිසි පාලනය ඇතිකිරීමට හැකියාව ඇති නිසාත්ය. ඇත්තටම කළයුත්තේ එයයි. නමුත් එයට විරුද්ධවන සජිත් ඇතුළු පිරිසත් රහුෆ් හිකිම් ඇතුළු පිරිසත් බලකාමයෙන් මත්ව විධායක ජනපතිවී දැනට තියන බලතල වගාකර කන්නයි හදන්නේ කියල දේශපාලන අයන්න දන්නා අයටනම් වතේ.

:       3449       2042

samanthaSaturday, 21 September 2019 03:56 AM

තිලකසිරි, කොහෙද දන්නේ නැහැ ස්වාධීන අධිකරණය තියෙන්නේ? දින කීපයකට පෙර ලීක් වුණු දිල්රුක්ෂි ඩයස් මහත්මියගේ දුරකථන සංවාදයෙන් ස්වාධීන අධිකරණයේ තරම මුළු රටටම පැහැදිලියි. රටට මෙපමණටම විනාශයක් සිදුකර සියලු රටවාසීන්ට යනඑන මන් නැතිකර තිබියදී තවත් මේ යහපාලන පිලිලයට කඩේ යන උදවිය ඉන්නවනේ...

:       88       119

thilakasiri Friday, 20 September 2019 12:00 PM

aruna 2015 ට පෙර පැවති සුදුවෑන් ඒකාධිපති ක්‍රමය වෙනුවට ස්වාධින අධිකරණය පොලිසි හා රාජ්‍ය ආයතන වලින් හැදුනු ස්වාධින රජ්‍යන්ත්‍රණය ක්‍රියාකරවන නීති හදන විවිධ මතධාරීන් නියෝජනය කරන පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර පුද්ගලයෙක් වෙනුවට ඒ සමුහය පාලනය කරන රටක් හැදීම යුද්ධය,පාරවල් හා බිල්ඩින් හදනවට වඩා අමාරු වැඩක්. 19 න් ජනපති බලය ඔයිටවඩා අඩුකරන්න ගියානම් ජනපති ඇතුළු පිරිසගේ ඡන්ද නොලැබෙන නමුත් අද විධායක ජනපති කම අහෝසි කරමු කියා ජනපති ඉල්ලීමට රනිල් එකගවීම නිවැරදි ය.මන්ද එය අහෝසිකිරීමට 2015 දී ජනතාව බලය දුන් නිසාත් ජනපතිවරණයට තවම මුදල් වියදම් නොකළ නිසාත් ජනපති බලය අහෝසි කිරීමට අවශ්‍ය ඡන්දය පාර්ලිමේන්තුවේදී ලැබේනම් කෝටි 400 ට වැඩි මජන මුදල් ඉතිරි කරගන කාකොටාගැනීම් වලින් තොරව ව්‍යවස්ථාව හදා මහමැතිවරණය පවත්වා නිසි පාලනය ඇතිකිරීමට හැකියාව ඇති නිසාත්ය. ඇත්තටම කලයුත්තේ එයයි. නමුත් එයට විරුද්ධවන සජිත් ඇතුළු පිරිසත් රහුෆ් හිකිම් ඇතුළු පිරිසත් බලකාමයෙන් මත්ව විධායක ජනපතිවී දැනට තියන බලතල වගාකර කන්නයි හදන්නේ කියල දේශපාලන අයන්න දන්නා අයටනම් වතේ.

:       3186       1613

Sena Friday, 20 September 2019 12:36 PM

නියම කඩේ යාම...

:       1       1

E A J Edirisinghe Friday, 20 September 2019 12:51 PM

එල හරකා සහ මී හරකා වගේ වැඩක්..

:       5       118

samSaturday, 21 September 2019 05:13 AM

රයිගමයයි, ගම්පලයයි නේද?

:       0       0

සෙනෙවි Friday, 20 September 2019 04:12 PM

මිදි තිත්තයි කිව්වලු...

:       0       16

chandima Friday, 20 September 2019 04:28 PM

මෙව්වට තමයි උපාය මාර්ග කියන්නේ.., රජා කියලා ඔටුන්න දාගෙන ගිහින්වත්, වැඩකාරයා කියලා තුවක්කු බෙල්ලේ බැඳගෙන ගිහින්වත්, කේවට්ටයෝ දාලා වේදිකාවල පාර්ලිමේන්තුවේ කෑ ගස්සවලාවත් මේ වගේ කෙලියක් කරන්න බැහැ. එ්කමනේ මෙය එනවට ඉන්දියාවත් බය..

:       0       0

Chanak los angeles Friday, 20 September 2019 04:56 PM

විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්නේ නම් මුල් දින 100 ‌මොකද? අවසන් දින 50 ‌මොකද..? සිරිසේන අවසන් ඕවරයේ ‌හෝ දුන් උඩපන්දුව අල්ලා ගැනීම සියළු ‌ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ වගකීමයි...

:       224       4

samanthaSaturday, 21 September 2019 04:05 AM

අපි පහුගිය අවුරුදු 4 ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් භුක්ති වින්දා. දැන්නම් මතක් වෙනකොටත් වමනේ යන්න එනවා. සියලු ශ්‍රී ලාංකිකයින්ටම ප්‍රජාතන්ත්‍රවාදය අප්පිරියා කෙරෙව්වා..

:       0       80

sujeewa Friday, 20 September 2019 06:29 PM

අපේ අගමැතිතුමා කියනා බයිලා, ජිප්සීස් වල සුනිල් පෙරේරාටවත් කියලා දිනන්න බැහැ. නියමයි.

:       0       0

ranjith Friday, 20 September 2019 10:31 PM

හොද යාලුවෝ දෙන්න

:       0       0

Mahinda Saturday, 21 September 2019 01:39 AM

කළ යුතු දෙය නොකරන, නොකළ යුතු දේ කරන රැලක් 70 වසරක් රට කනවා. කොන්ද පණනැති ගෝල බාල එහෙයියන් රැලක් කොටු කරගෙන...

:       0       0

de silva Sunday, 22 September 2019 01:03 PM

අපරාදේ එහෙම කරන්න එපා.. ඔබතුමා ඕකට ඉදිරිපත් වෙන්න ජනතාව පුලපුලා බලාගෙන ඉන්නේ ඔබට කලගුණ සලකන්න. ඔබතුමා 2015දී දීපු පොරොන්දු ඔක්කොම ඉෂ්ට කළානේ.., එමනිසා අපේ අාදායම් සරු වෙලා... මහබැංකුවත් දියුණුවෙලා.

:       0       0

chandima Tuesday, 24 September 2019 01:20 AM

අහපු ගමන් මමත් හා කිව්වා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 452 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 368 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 386 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 217 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 648 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 1118 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1525 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1420 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site