ශ්රී ලංකාවේ විශ්ව විද්‍යාල වෙනුවෙන් වාර්ෂිකව රජයෙන් වෙන් කෙරෙන මුදලින් රුපියල් මිලියන 5,666 ක මුදලක් විශ්ව විද්‍යාල 15 ක් විසින් ප්‍රයෝජනයට ගැනීමෙන් තොරව බැංකු ගිණුම් 794 ක පවත්වාගෙන ගොස් ඇති බව 2017 විගණන වාර්තා හරහා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හෙළි කරගෙන ඇත.
විශ්ව විද්‍යාල සඳහා වාර්ෂිකව ලබාදෙන ප්‍රාග්ධන ප්‍රදාන අදාල කාර්යයන් සඳහා ප්‍රයෝජනයට නොගෙන රඳවා තබාගෙන තිබෙන බවත් ඒ අනුව 2017.12.31 වන දිනට විශ්ව විද්‍යල විසින් රඳවා තබාගෙන ඇති මුදල රුපියල් මිලියන 1,416 ක් බවත් කෝප් කමිටුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද සිය සිව්වන වාර්තාවෙන් හෙළි වී තිබේ.
නිශ්චිත තක්සේරු කිරීමකින් තොරව ඇස්තමේන්තු පිළියෙල කිරීම, පර්යේෂණ ක්‍රියාත්මක කිරීමට පර්යේෂණ හා ප්‍රකාශන ජත්‍යන්තර හා දේශීය සමුළු සඳහා ඉදිරිපත් කිරීමට අධ්‍යන කාර්ය මණ්ඩලයේ නිසි අවධානය යොමු නොවීම යන කරුණු හේතුවෙන් මෙසේ භාණ්ඩාගාරය විසින් ලබා දී තිබූ ප්‍රාග්ධන ප්‍රදාන නිසි පරිදි ප්‍රයෝජනයට ගෙන නොමැත.
විශ්ව විද්‍යාල විසින් මෙම බැංකු ගිණුම් වල මුදල් ආයෝජනය කිරීම වෙනුවට විශ්ව විද්‍යාල කටයුතු වෙනුවෙන් යෙදවූයේ නම් භාණ්ඩාගාර ප්‍රතිපාදන අඩු කරගැනීම තුළින් ඒක පුද්ගල ණය බර අඩු කර ගැනීමට පවා හැකියාව තිබූ බව ද කෝප් කමිටු වාර්තාවෙන් අණාවරණය කර ඇත.
මීට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සිව්වැනි වාර්තාවෙන් ඉදිරිපත් කර ඇති පහත දැක්වෙන කරුණු මෙරට විශ්ව විද්‍යාල පද්ධතිය තුළ වර්තමානයේ මතු වී ඇති ගැටළු වලට හේතු වී තිබෙන බව වාර්තාවේ නිරීක්ෂණ වලින් දක්වා තිබේ.
මේ අතර විශ්ව විද්‍යාල සඳහා අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව හා එයින් තෝරාගත් ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස 2013/14 වර්ෂයේ සිට 2017/18 දක්වා වර්ෂ 05 ක කාලයක් තුළ 45% සිට 38.7% දක්වා අඩු වී ඇතැයිද මෙම වාර්තාවෙන් අනාවරණය කර ඇත.
මෙම තත්වය ඇති වීමට බලපා ඇති කරුණු අතර දේශීය හා විදේශීය සිසුන් විශ්ව විද්‍යාල වලට ඇතුළත් කර ගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩු පිරවීමට කටයුතු නොකිරීම, දේශීය රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා විදේශීය සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසු ඇති වන පුරප්පාඩු නිසි ලෙස සම්පූර්ණ නොකිරීම සහ විශ්ව විද්‍යාල වලට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම නිසා අහිමි වන අවස්ථාවන් යන කරුණු ප්‍රධාන වේ.
විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපනය සම්බන්ධ කාර්ය සාධනය සලකා බැලීමේදී කාර්ය මණ්ඩල විසින් එළඹෙන බැඳුම්කර ගිවිසුම් කඩ කිරීම හා එම කඩකිරීම නිසා රජයට අය විය යුතු මුදල් අයකර ගැනිමට කටයුතු නොකිරීම නිසා එලෙස කඩකරන ලද ගිවිසුම් 519 ක් වෙනුවෙන් රජයට අය විය යුතු මුදල රුපියල් 836,133,700 කි.
තවද පර්යේෂණාධාර ලබා ගත් කථිකාචාර්යවරුන් පර්යේෂණ යෝජනා නියමිත දිනට ලබා නොදීම, පර්යේෂණ වාර්තා ඉදිරිපත් නොකිරීම ආදී හේතු නිසා සත්‍ය වශයෙන් පර්යේෂණ සිදු කර ඇත්ද යන්න සොයා බැලීම අපහසු වී ඇති බැවින් පර්යේෂණාධාර ලබා දීමේ අපේක්ෂිත අරමුණු ඉටුවී තිබේද යන්න ගැටළු සහගත බව මෙන්ම පර්යේෂණ අතහැර දමා තිබූ කථිකාචාර්යවරුන් සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමද කමිටු නිරීක්ෂ වල දැක්වේ.
විශ්ව විද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලබන ඉඩම් වල නිත්‍යනුකූල අයිතීන් පිළිබඳ ගැටළු පවතින බවත් එම ඉඩම් වල ඉදිකිරීම් සිදු කර තිබීම විශ්ව විද්‍යාල වලට අනාගත අවධානමක් ඇතිකරන බවද කමිටු නිරීක්ෂණය කර තිබේ.
එමෙන්ම අධ්‍යන කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පැමිණිම සහ පිටවීම සනාථ කර ගැනීමෙන් තොරව වැටුප් හා දීමනා ගෙවා තිබීම , කාර්ය මණ්ඩල පුරප්පාඩු නිසිලෙස සම්පූර්ණ කිරීමට කටයුතු නොකිරීම සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ උසස් අධ්‍යාපන ආයතන සඳහා වන ආයතන සංග්‍රහය වසර 34 කින් සංශෝධනය නොකිරීමද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා වාර්තාවෙන් දක්වා ඇත.
2017 වර්ෂයේ අවසන් දින වන විට එක් එක් විශ්ව විද්‍යාල වල, වැටුප් හා දීමනා සහිත සප්ත වාර්ෂික නිවාඩු ලබාගෙන සිටි අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල නිලධාරීන් වෙනත් විශ්ව විද්‍යාල වල අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩල තනතුරු වල සේවයේ යෙදී සිටිමින් එම තනතුරු වලට හිමි වැටුප් හා දීමනා ද සමග වැටුප් දෙකක් ලබා ගැනීමද මෙහිදී නිරීක්ෂණය වී තිබේ.
පසුගිය කාල වකවානුවල සිදු කරණු ලැබූ විගණනයේදී විශ්ව විද්‍යාල පද්ධතිය සම්බන්ධයෙන් අනාවරණය වූ නිරීක්ෂණ පදනම් කරගෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් මෙම වාර්තාව ඉදිරිපත් කර තිබේ.
එහිදී කාරක සභාවේ නිර්දේශ ලෙස විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණ ක්‍රියාත්මක කිරීමට සහ ඒ පිළිබඳ විවෘත සංවාදයක් පාර්ලිමේන්තුව ඇති කළ යුතු බවට යෝජනා වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හොඳම බහිරවයෝ ටික ඉඳලා තියෙන්නේ විශ්වවිද්‍යාල වලනේ.. විශ්ව විද්‍යාල පාලකයින්ට ඕනේ වුවමනාවෙන්ම ප්‍රශ්න ඇති කරන්න. රටේ උසස් අධ්‍යාපනය බිඳ දමන්න. එමගින් උගත් දරුවන් බිහිවීම වළක්වා ඔවුන්ගේ පුටුවල වැජඹෙන්න. තම දරුවන්ට පවා හෙන වදිනවා මේ අහිංසක, දුප්පත් අනාගත පරපුරේ දරුවන්ට කරන අපරාධවලට...
කොහේ හරි ඉතුරු වෙලා තිබ්බ සල්ලි, දැන් ඉතින් එ්කටත් අබ සරණයි.
කතා කරන්නෙම රට, ජාතිය ගැන... ඔන්න උගතුන්ගේ වැඩ... රටක් ගොඩ යයිද ඉතින්?
ලංකාවේ විශ්ව විද්‍යාලවලට දේශපාලන භූතයන් අරක් අරගෙන ඉන්න කොට මෙහෙම දේවල් වෙන එක පුදුමයක් නොවෙයි...
හොඳ වෙලාවට රනිල් මාමයි, රවී මාමයි නොදැක්කේ...
හිතාගන්නත් අමාරුයිනේ... මෙහෙම තකතීරු වැඩ... උගත් මිනිසුන් වැජඹෙන තැන්වලත් වෙනවා දකිනකොට.. අනේ මන්දා ආචාර්ය, මහාචාර්යවරුද වැඩ නොකරන ශරීර හොරුද? මහජන මුදලින් ඉහළට ඉගෙනගෙන තම වගකීම්, යුතුකම් ඉෂ්ඨ නොකර කොහොම ගෙවල් දොරවල්වලට යනවද මන්දා?
අහිංසක ළමයින්ට පහසුකම් සපයන්න පුළුවන්නේ.. ඉරිසියාව තමයි.
පහසුකම් මදි... අරක නැහැ.. මේක නැහැ.. කියකිය වර්ජන උද්ඝෝෂණ කරනවා. ඔය දීපු මහජන මුදලුත් වියදම් නොකර බැංකුවේ තිබෙනකොට ඕකට පලි ආණ්ඩුවද? මහජනතාවද? තව අපේ බදු සල්ලි දුන්නත් ලොක්කන් ඒවා බැංකුවේ තිබෙන්න හරීවි.. ශිෂ්‍යයෝ අපිට දියවු, අපට දියවු,.. කියමින් අපිට ගමනක් බිමනක් යන්න නොදී තබාගනීවි..
විශ්ව විද්‍යාලවලින් පර්යේෂණ සඳහා ලැබෙන අනුමැතිය පිටස්තර පුද්ගලයන් සඳහා ප්‍රමාද කිරීම මගින් පර්යේෂණ කිරීමට පුද්ගලයින්ට එපා වී ඇත. මීට මාස 5ක් බලා සිටීමට සිදුවුවත් තවම ලබා දී නැත.
ශිෂ්‍යයන් තමුන්ට වඩා ඉහළට යනවට සමහරක් ආචාර්ය සහ මහාචාර්යවරු කැමැති නැහැ.
අපි ඉගෙන ගත්තු කාලේ හිතන් හිටියේ විශ්ව විද්‍යාල කියන්නේ හොඳම උගතුන්, බුද්ධිමතුන් ඉන්න තැනක් කියලයි. බලාගෙන ගියාම එතැන ප්‍රශ්න ගොඩක්නේ...
මෙහෙ සල්ලි හිරවෙලා. තව මිලේනියම් චැලේන්ජ් වලින් සල්ලි හම්බ වෙනවලු. කොච්චර හම්බ වුණත් ඔච්චර තමයි. අපිටත් පොඩි කාලේ ඉගැන්නුවේ ටිකින් ටික, සතෙන් සතේ එකතු කරන්න කියලා. සතෙන් සතේත් එකතු කරලා, මහා පරිමානෙනුත් එකතු කරලා ලංකාව තවම දියුණු වෙමින් පවතින රටක්ද? විලි ලැජ්ජයි. අපේ අය රැකියාව පෞද්ගලිකව අරගෙන ආයතනවල ආයෝජනය සඳහා ලැබෙන ප්‍රතිපාදනත් එකතුකරනවා වගේ. බැංකුවල දාලා පොලී අරගන්නවද? අපි පොඩිකාලේ ඉගෙන ගන්නවා බුද්ධි ගලනය කියලා. බුද්ධි ගලනය නොවෙයිද මේවගේ වැඩ වෙද්දී... පරිපාලකයන් මේවා එකතුකරගෙන ඉඳලා අමතක වුණු කාලෙට හොරාගන්නවත් බලන් ඉන්නවද? උතුරේ මිනිසුන්ට සංවර්ධනය සඳහා වෙන්කරන මුදල් හිර වෙනවා වගේ ඇති... එක්කෝ පරිපාලනයේ ඉන්නේ ලෝභයින් ටිකක්. එහෙම නැත්නම් හිතාමතාම ලංකාවේ සංවර්ධනය අඩාල කරන ද්‍රෝහියන් ටිකක්.
ගොඩක් ඉන්නේ අචාර්ය මහාචාර්ය. නමුත් කරන්නේ දුරාචාරය. හම ගහන්න ඕනේ...
ඔය වගේම කෝටි ගණනක් තියනවා... අපේ ප්‍රසිද්ධ පන්සල්වලයි, දේවාලවලයි... ඒවත් රටේ සංවර්ධනයට යොදවන්න ඕනේ..
මොනවා නැති වුණත් අපේ විශ්ව විද්‍යාලවල ප්‍රමිතිය තිබෙනවනේ්?
අධ්‍යාපන ඇමති අවුරුදු 4ක් පොල්ගෑවද... මෙව්වා හොයා බලන්නේ නැතිව?
ඇදීයන අනද්දීයන කියල මේ දෙගොල්ලෝ හැමදාම වර්ජන රටට වැඩක් නැති ගොන්නු ටිකක්
පර්යේෂණ වාර්තා ඉදිරිපත් නොකිරීමට ප්‍රධාන හේතුව ඒවා ජාත්‍යන්තර මට්ටමේ නොතිබීමයි. බොහෝ පර්යේෂණ, යෝජනා කථිකාචාර්යවරුන් ඉදිරිපත් කරන්නේ පර්යේෂණ දීමනා, මාසික වැටුපට එකතු කරගැනීමේ අරමුණෙන් මිස පර්යේෂණ සම්පූර්ණ කිරීමේ අරමුණෙන් නොවීම කණගාටුවට කරුණකි.
හරිනේ..., උගන්වන්න සල්ලි වියදම් කරන්න ඕනේ නැහැනේ.. ඒ ගොල්ලෝ ගොඩක් දවසක් පාරේ පෙළපාලිනේ යන්නේ...
අද විශ්ව විද්‍යාලවල ඉන්නේ මිනිස්සු නෙවේ. බොරු පණ්ඩිතකම් කියවන දේශපාලුවන්ට ගැති පිරිසක්... ඉතින් ඔයිට වඩා දෙයක් මිනිසුන්ට විශ්ව විද්‍යාල පරිපාලකයින්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ.
ඇතැම් අය මාසෙකට දෙසැරයක් එනවා.. දේශන සියල්ල රෑ වෙනකම් කරලා යනවා. සමහරු ටියුෂන් කරනවා. සමහරු වෙන ව්‍යාපාර කරනවා. ඇතැම් මහාචාර්යවරු අවුරුද්දකට එක දේශනයක්වත් නොකර පරිවාස කාලේ ඉන්න දේශකයන් මගින් ඒවා ආවරණය කරනවා. කිසිම පර්යේෂණයක් නොකර පර්යේෂණ දීමනා ගන්නවා. කිසිම පොතක් මිලදී නොගෙන පොත් දීමනාව ගන්නවා. විශ්වවිද්‍යාල වාහනම පාවිච්චි කරලා රු.50000ක ඉන්ධන දීමනාවත් ගන්නවා. තව ගොඩක් කියන්න පුළුවන්...
ළමයින්ගේ පොදු අඩුපාඩු ගැන ළමයි පාරට බහින එක සාධාරණයි. සල්ලි තියාගෙන වැඩ කරන්නේ නෑ. ඒවා හොයලා බලන්න ආචාර්ය වරුන්ට වෙලාවක් නෑ. මේ දවස්වල උපකුලපතිකම් ගන්න පීඨාධිපතිකම් ගන්න දේශපාලකයින්ගේ පස්සේ වැටිලා. ලොකු තනතුරු ගන්න දුවනවා. ලැජ්ජාවේ බෑ. සමහර ආචාර්යවරු 8 පාස් නැති ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරු පිටිපස්සේ පවා දුවනවා. ඔක්කොම නෙවෙයි. කොන්ද කෙලින් තියාගෙන ඉන්න අය ඉන්නවා. හැබැයි අඩු ප්‍රමාණයක්...
තීරු බදු සහිත වාහන බලපත්‍ර ගන්නවා. හොඳම වාහන ගෙන්වනවා. ඒක විකුනණවා. ආයේ ගේනවා. සමහරු බලපත්‍රය රු. ලක්ෂ 25 -30කට විකුණනවා. උගත්තු කිව්වාට මානව හිතවාදී අය අඩුයි. සමහරු දුප්පත් පවුල් වලින් ඇවිල්ලා මහජන මුදලින් ඉගෙනගෙන විශ්ව විද්‍යාල ඇතුලේ සමාජවාදය ගැන කතාකරලා ආචාර්ය වරයෙක් වුණාම පූර්ණ ධනවාදියි...
මෙම මුදල යොදවා උපකරණ ගෙන්වා දැනට ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර ඉංජිනේරු නිර්මාණ උපදේශක සමාගම් සම්බන්ධ කර මොරටු සරසවිය සමගින් ප්‍රධාන නගරයේ මාර්ග නවීකරණය කරන්න පටන් ගන්න පුළුවන්... ප්‍රධාන දුම්රිය නැවතුම්පළත් නිර්මාණය කරන්න පුළුවන්.. මේ සඳහා ළමයින්ට වැටුපක් ගෙවන්නත් පුළුවන්.. මේ වැඩේ කරමු.