IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘මම ගත්තේ සීසර්ගේ ඝාතකයා ගත් තීරණයයි’

(බන්දුල ඉලේපෙරුම)

එදා ජුලියස් සීසර් ඝාතනය කළේ ඇයි දැයි ඝාතකයාගෙන් ඇසූ විට ඔහු කීවේ “මම සීසර්ට ආදරෙයි නමුත් රෝමයට ඊට වඩා ආදරෙයි “ යනුවෙන් බවත් තමාත් විපක්ෂයේ සිට ඊයේ ගනු ලැබුවේ එවැනි තීරණයක් බවත් සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ප්‍රකාශ කළාය.

අද(23) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය කියා සිටියේ අතපය බැඳ දමා ජනපතිට පීනන්නට කීවොත් පිහිනිය නොහැකි බවයි. එබැවින් ජනපතිට ඕනෑම සහායක් තමා ලබාදෙන බවද කොතරම් විනය පරීක්ෂණ තැබුවද තම හිතට එකඟව අවංකව කටයුතු කරන බවද සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ පැවසුවාය.



අදහස් (47)

‘මම ගත්තේ සීසර්ගේ ඝාතකයා ගත් තීරණයයි’

Walter White Friday, 23 October 2020 01:14 PM

මේ මන්ත්‍රීතුමිය හිතාමතාම ඉතිහාසේ විකෘති කරනවා, නැත්නම් උඩින් පල්ලෙන් කියවල කපටිකමක් කරනවා. ටිකක් හෙව්වා නම් සෙනෙටර්වරුන්ගේ බලය කප්පාදු කරලා රජෙක් අධිරාජ්යයෙක් වෙන්න හදපු සීසර් වෙනුවට ඡන්ද බලයෙන් පත්වුණා සෙනෙටර්වරුන්ගේ බලය සහිත ජනරජයක් උදෙසා බ්රුටස් සහ අනුගාමිකයන් ඒ ඝාතනය කළා කියල ඉතිහාසේ සඳහන් වෙනවා කියල ඉගෙනගන්න තිබුනා, ඒත් අපේ මන්ත්‍රීතුමිය කලේ මන්ත්‍රීවරුන්ගේ බලය කපන්න ඒකාධිපතියෙක් හදන්න අසීමිත බලයක් දෙන්න ඡන්ද දුන් එක, අපට නම් මේවා මහා විහිලු.

:       0       7

මහසෝන Friday, 23 October 2020 01:17 PM

මොලවල කිසිදෙයක් නැති දේශපාලුවන්ට නොතේරණ එකම දේ ජනතාව ඡන්දය දුන්නේ පුද්ගලයාට නොව පක්ෂයට බවයි. විපක්ෂයට ඡන්දය දී පිරිසක් පාර්ලිමේන්තු අරින්නේ එතන සිටීමට මිසක් හෘද සාක්ෂිය කියාගෙන ආණ්ඩුවට සල්ලි වලට කඩේ යැමට නොවෙයි..

:       0       6

ravi Friday, 23 October 2020 01:36 PM

සීසර්ට ඕක ඇහුනානම්...

:       0       5

krish Friday, 23 October 2020 01:57 PM

නූතන පබා...

:       0       24

Buddhika P Friday, 23 October 2020 02:32 PM

මේ මහත්මිය දෙපැත්ත නෙවෙයි හතර පැත්තම පටලවාගෙන්. ඇත්තටම මේතුමිය සීසර් කෙනෙක් උපද්දලා, තමයි මේ වැරදි උදාන වාක්‍ය කියන්නේ. විලියම් ශෙක්ස්පීයර් ඔහුගේ Tragedy of Caesar, කාව්‍යයෙහි රෝමයේ සිදුවූ සීසර් ඝාතනය, දේශපාලන මතය හකුලා කාව්‍යක් ලෙස ලොවට ඉදිරිපත් කරා. මෙහි ප්‍රස්තුත කතාව වන්නේ, ආසන්න වශයෙන්, ක්‍රි පූ 44, මාර්තු 15 වෙනිදා, ජුලියස් සීසර් නම් රෝමානු ඒකාධිපතියා ඝාතන සිද්දියයි. ඔහු මරා දැමුවේ, ඔහුගේම රජයේ තමන්ගේම දේශපාලන සගයින් හා සෙනේට් සභිකයින් විසින්, තම රාජ්‍ය සභාව පවත්වමින් සිටින අතරතුරදී. ඔහුට 26 වතාවකට වඩා පිහි පහර එල්ලකොට තිබුනා, ඔහුගේම පාර්ලිමේන්තුව තුලදී.

:       1       33

senaSaturday, 24 October 2020 05:06 AM

බුද්ධික මහත්තයෝ මෙ මනුස්සයාට ඔච්චර දේවල් තේරුම්ගන්න බැහැ. නිකම්ම නිකම් වෙළෙන්දියක් විතරයි.

:       1       34

Gamarala Friday, 23 October 2020 03:35 PM

ඇත්තටම අපේ “යකඩ කාන්තාව”.

:       36       44

Nihal Friday, 23 October 2020 03:51 PM

මිනිසා රුදුරුම සතා වන්නේ මේ නිසයි.

:       0       26

Demuni Uduwara Friday, 23 October 2020 04:14 PM

සීසර්ගේ ඝාතනය මෙම කාරණය සමඟ සැසඳීම නොගැලපේ. මෙය සැබවින්ම පාවාදීමකි.

:       0       39

Achira Friday, 23 October 2020 05:18 PM

මට හිනාව නවත්වාගන්න බැහැ .

:       1       31

dnh Friday, 23 October 2020 10:11 PM

හොඳින් කිව්වා ඔබතුමිය, ගවයින් කණ්ඩායමක් තුළ අවම වශයෙන් එක් අයෙකු හෝ මොළය ඇති බව.

:       44       63

Chandima Friday, 23 October 2020 10:21 PM

මේ වගේ කෙනෙක් පාර්ලිමේන්තුවේ ඉන්නවා කියලා අපි දැනගෙන හිටියේ නැනේ.

:       1       25

Dhamneth Saturday, 24 October 2020 12:21 AM

ඒත්... ඔබත් බෘට්ස් කෙනෙක්ද.?

:       0       16

Rohana Saturday, 24 October 2020 01:17 AM

අනේද කියන්නේ...

:       0       13

anura Saturday, 24 October 2020 01:30 AM

ඔබතුමියගේ නිදහස් ස්වාදීන තීරණයට මම ගරු කරමි.

:       38       56

kamal Saturday, 24 October 2020 01:46 AM

අද රටට අවශ්‍ය වෙලා තියෙන්නේ ඝාතකයෝ නොවෙයි, යහපාලක දේශපාලකයොයි.

:       0       30

dhamneth Saturday, 24 October 2020 01:59 AM

ඔබත් බෘටස් කෙනෙක්ද.? එදා බෘටස්ගේ ක්‍රියාව කිසිවෙක් අනුමතකලේ නැහැ.

:       0       17

BamunuarachchiSaturday, 24 October 2020 03:35 AM

"එදා බෘටස්ගේ ක්‍රියාව කිසිවෙක් අනුමතකලේ නැහැ." ඒ එදා රෝමයේ බෲටස් ගේ ක්‍රීයාව මෙදා ඩයනගේ ක්‍රීයාව 69 ලක්ෂයක් අනුමත කළා. මොනවද මේ කතා.

:       27       5

Galapara Saturday, 24 October 2020 02:26 AM

මෙයා... දේශපාලන වේධිකාවේ රාජපක්ෂලාට හොරු කිය කිය බැන බැන ඉඳලා, අන්තිමට බෝනස් මන්ත්‍රී කමත් පාවලා දීලා ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කරන්න පැන්නා.

:       0       34

Brutus Saturday, 24 October 2020 02:30 AM

බෘටස් ඊර්ෂ්‍යා කරමින් සිටියේය. වසරක් වැනි කෙටි කාලයක් තුළ සීසර් රෝම අධිරාජ්‍යය පුළුල් කිරීමට සහ මධ්‍යම රජය වන සෙනෙට් සභාව ශක්තිමත් කිරීමට විශාල දියුණුවක් ලබා දුන්නේය. බෘටස් සහ ඔහුගේ කල්ලියට බලය අල්ලා ගැනීමට අවශ්‍ය විය. 20 වන ව්‍යවස්ථා සංශෝධනය සඳහා ඡන්දය දීම කිසිසේත්ම බෘටස් කළ දෙයට සමාන නොවේ. විපක්ෂය විසින් ජාතික ලැයිස්තුවෙන් පත් කරන ලද මෙම මැය විපක්ෂය සමඟ බැඳී සිටිය යුතුය.

:       1       20

P T C Nihal Saturday, 24 October 2020 02:49 AM

බෲටස්ටත් අවනම්බුයි මේ කියන කතාව. බෲටස්ගෙ අරමුණ මොකක් උනත් මිනිහා කලේ ඒකාධිපතියෙක් නැති කරන එක. එහෙම කිව්වේ ඒකාධිපතියගෙන් රට බේරගන්න ඒකාධිපතියව නැති කරා කියන එක.

:       0       19

AkanajSaturday, 24 October 2020 07:30 AM

බෘෘටස් කාලේ ඒකාධිපතියකු විනාශ කළ එකයි මෙයා කළේ.. ඒකාධිපතියා ශක්තිමත් කළා.

:       0       6

Bamunuarachchi Saturday, 24 October 2020 03:09 AM

හැබැයි නෝනා සජිත්ව සීසර්ට උපමා කරනවානම් ඒක සීසර්ට කරපු ලොකුම අවමානය. එත් ලෝකල් සීසර්ට ඩයනා ගත්ත තීරණය මම උසස් කොට සලකනවා. එත් නෝනා සීසර් මැරුවේ අන්තෝනියෝ නොවෙයි මාර්කස් බෘටස්. පාරලිමෙන්තුවේ සිටි කිසිවෙක් එය නිවැරදි කලේ නැහැ එකෙන් අපිට දේශපාලුවන්ගේ ලෝක ඉතිහාසය ගැන දැනීමත් අපි දැනගත්තා.

:       19       41

ranaSaturday, 24 October 2020 04:42 AM

දැන් හම්බයෝ "හොඳයි" නේද?

:       0       10

BamunuarachchiSunday, 25 October 2020 07:08 AM

හම්බයෝ අපිව කරෙ තියාගෙන ගියාට අපි හම්බයෝ කරේ තියාගෙන යන්නේ නැහැ. බලෙන් ප්ලග් උනාට අපි මොනවා කරන්නද? කාරෙක තල්ලු කලාට කාර් එකේ දාගෙන යන්නේ නැහැ. ඒක තේරුම් ගන්න.

:       6       1

Bamunuarachchi Saturday, 24 October 2020 03:27 AM

නෝනා යු ටියුබ් එකේ යන ඔබේ කතාවෙන් කියවෙන්නේ අන්ටොනියෝ සීසර් මරුවා කියලා. උජාරුවට කතාව කලාට සීසර්ව මැරුවේ ඇන්ටෝනියෝ නොවෙයි මාක්ස් බෘටස් කියලා දරුවන්ටවත් කියා දෙන්න.

:       2       19

Dmg dayarathne Saturday, 24 October 2020 03:39 AM

බෘෘටස් හොද ඒකාධිපතියෙක් විනාශ කළා. ඹබ රටක් විනාශ කළා. අදබාල මෙවැනි පාවා දෙන්නෝ ඉන්නකම් මේ රට විනාශයටම යනවා. අපෝයි අපේ රට?

:       2       29

ana Saturday, 24 October 2020 05:42 AM

ඔයා නම් ආදරේ රටට නොවේ සීසර්ටයි.

:       0       0

dhamneth Saturday, 24 October 2020 06:28 AM

මෙරට ජනාධිපතිවරණයකින් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේ චන්ද්‍රිකා මහත්මියයි. 64%.ක්.. දෙවැනි වර එම ගණන බොහෝ දුරට අඩුවී තිබුණා. බලයට ආවට පසු වැඩකිරීම අනුවයි ජනප්‍රියතාවයට පවතින්නේ..

:       0       0

dhamneth Saturday, 24 October 2020 07:14 AM

තවමත් කිසිවකු පත්කරන්නේ නැති එජාපයේ හෝ රතන හාමුදුරුවන්ගේ පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය බැසිල් රාජපක්ෂ මහතාට පිරිනමන්න රටට වැඩි සේවයක් කළ හැකි පුද්ගලයෙක්...

:       0       0

Rata Perata Saturday, 24 October 2020 07:34 AM

ඒ කියන්නේ ජනාධිපතිට රට පාලනය කරන්න විදේශිකයොත් ඔනෑ. එතකොට ගණන් පරීක්ෂා කළොත් රටපාලනය කරන්න බෑ කියලද කියන්නේ? මෝඩ වට්ටි අම්මලා ඔතනට ගියාම ඔක තමයි වෙන්නේ. මෙ මෑත කාලීන විනාශ බොහොමයක් රනිල් නිසා.

:       0       6

BamunuarachchiSunday, 25 October 2020 07:37 AM

ගෝඨාභය මහතා මේ අවුරුද්ද තුල රටට කල එකදු අනර්ථකාරී ඒකාධිපති ක්‍රියාවක් පෙන්නුවොත් මම ජපනුන්ගේ "හරාකිරි" ක්‍රමය අනුගමනය කරනවා. මේ දක්වා කර නැතිනම් අනාගතයේ කරයි කියල්ලා හිතන ගොබ්බයො මොක්කුද? රටට යහපතට කලාට කමක් නැත. එසේ විය යුතුයි.

:       7       0

BamunuarachchiSunday, 25 October 2020 07:39 AM

නුවණක්කාර කට්ටිය රට කරපු හැටි අපි අවුරුදු 5 තුළ දැක්කා. ඒ ක්‍රමය හොදයි කියන අය තවමත් ඉන්නවනේ අම්මපා.

:       7       0

isurandi Saturday, 24 October 2020 08:02 AM

බලයට එන්න කළින් කියන කතා නෙමෙයි බලය ලැබුණට පස්සෙ කියන්නේ. ස්වාධීනත්වය කියන්නේ මෙවටද? එතකොට මෙවගේ අයට කතිරෙ ගහපු අය හරක් වෙන්න ඇති....

:       0       1

siri Saturday, 24 October 2020 08:35 AM

අන්තර්ජාලයෙන් "ජුලියස් සීසර් සාහසික ලෙස රෝම සෙනෙට් මණ්ඩල ශාලාව තුල ඝාතනය කළ ක්‍රි.පූ.44 මාර්තු 15 වැනි දින කුමන්ත්‍රණ කරුවන් ජුලියස් සීසර්ව එතෙක් දිවි හිමියෙන් ආරක්ෂා කළ වීරෝධාර සෙන්පති මාර්ක් ඇන්ටනීට සෙනෙට් මණ්ඩල ශාලාවට ඇතුලු විය නොහැකි වන සේ සැලසුම් කොට කුලී භටයින් යොදා තිබිණ. සීසර්ව ඝාතනය කෙළේ බෲටස්, කැස්කා ඇතුළු කුමන්ත්‍රණ කරුවන් පිරිසක් මිස මාර්ක් ඇන්ටනී නොවේ. මේ පිළිබඳ ඩයනාගෙන් ප්‍රශ්න කිරීමට ලංකාවේ පාර්ලිමේන්තුව තුල එකදු පුද්ගලයෙක් හෝ සිටියේ නැත. ඉතින් එහෙව් අය ඒකාධිපති සංශෝධනයකට තුනෙන් දෙකකටත් වඩා අත් ඉස්සීම ගැන පුදුම විය යුත්තේ මන්ද?" උපුටාගැනීම අවසන්...

:       1       6

විජිත් Saturday, 24 October 2020 09:09 AM

ඩයනා, මුලින්ම ඔබ මතක තබාගත යුතුයි ඔබ ජනතාවගේ දියණියක් නොවෙයි. ජනතාවගේ චන්දයෙන් තේරී පත්නොවී ලිස්ට් එකෙන් නොහොත් " පිනට " දියවන්නාවට ආව ඔබ පිනා මන්ත්‍රී කෙනෙක් පමණයි. පිරුණු කලේ දිය නොසැලේ කියලා කියමනක් තියෙනවා. ඔබ ඉතිහාසය දන්නා බවක් පෙන්වන්නට ගිහින් බ්රුටස් ඇතුළු සෙනෙටර්ලා රාශියක් පිහියෙන් ඇන මැරුවා. සිසර්ගේ මරණයට ඇන්ටනිව පටලවනවා. ඒ එදා ...මෙදා ඔබ සජිත්ට පිටුපසින් ඇවිත් පිහියෙන් ඇන්නට ඔහුව " ඝාතනය " කරන්න ඔබට හැකිවුණේ නැහැ. මුළු ලෝකයේම අප්‍රසාදයට පත්වී ඇති, ලෝකයම පිළිකුල් කරන ඔබගේ ගෝඨාභයට රට කරගෙන යන්න බැරිවුන දවසක, එයාගේ පවර්ස් පෙන්වලා මිනි මරන්න පටන්ගත්තාම... මුළු රටේම ජනතාව සජිත් වටා එකතුවෙනවා. දැන් ගෝටාට ඔබව අවශ්‍ය නැහැ. ඔහු ඔබව " පාවිච්චිකොට " අවසන්. අද ඔහු ඒකාධිපතියෙක්...

:       3       11

Ramal Saturday, 24 October 2020 03:15 PM

සීීසර් මැරුවෙ කව්ද? දන්නෙ නැති මලකඩ කාපු යක​ඩ

:       1       7

වනිගරත්න Saturday, 24 October 2020 05:37 PM

සීසර්ට මළකඩකාපු පිහියෙන් ඇනපු 69 ලක්ෂයට දැන් හොඳට සැපයි...

:       1       7

BamunuarachchiSunday, 25 October 2020 01:20 PM

මලකඩ කාපු පිහියෙන් ඇන්නොත් ටෙටනස් හෙවත් පිටගැස්ම හැදිලා මැරෙන බව දන්නවාද? ඒක හොඳ පිහියකින් අනිනවාට වඩා භයානකයි. 20 ස සම්මත කරගන්න පිහියෙන් අනලා නොවෙයි බෝම්බ ගැසුවත් අපිට කමක් නැහැ දැන් 20 අනුමතයි. 20 අනුමත උනේ ලක්ෂ 69 නොවෙයි. ඊට වැඩී අර 6 දෙනාගේ ඡන්දත් 69 ට එකතු වෙන්න ඕනේ

:       4       2

ලංකාපුත්‍ර Sunday, 25 October 2020 05:38 AM

ලංකා මාතාවට මළකඩ පිහියෙන් ඇන්නා වගේ...

:       0       6

BamunuarachchiTuesday, 27 October 2020 02:26 PM

ලංකා මාතාව කීවේ සජිත්ටද?

:       0       0

Siri Perera Sunday, 25 October 2020 06:21 PM

ඇත්තටම සීසර්ගේ කතාව සජිත්වත් වෙන කවුරුවත් දැනගෙන හිටියේ නැද්ද.?

:       0       3

BamunuarachchiTuesday, 27 October 2020 07:09 AM

එයා හිතලා තිබෙන්නේ අර වාහන සීස් කරන කෙනෙක් කියලා. සීසර්ගේ කතාව කොහොම වෙතත් සීසර් කවුද කියලවත් දන්නේ නැතුව ඇති...

:       0       0

sampath Monday, 26 October 2020 03:13 PM

සීසර් ඉපදුනෙත් ලංකාවේ කියයිද දන්නේ නැහැ.

:       0       0

Liya Tuesday, 27 October 2020 07:53 AM

ආණ්ඩු පක්ෂයේ ඉන්නවා ඔය වගේ අය හුරතල් කරන්න ආස අය ඔනෙ තරම්. ඒ නිසා මෙයා ගොඩයනවා. සජිත් ඉල්ලගෙන කෑවා.

:       1       0

චමින්දTuesday, 27 October 2020 08:43 AM

ලියාගේ අදහස නිවැරදියි.හිටපු පක්ෂයේ නායකයාට ද්‍රෝහිවී නිදහස ගැනීමට ක්‍රියාකල පක්ෂය නැත්තට නැතිකල සජිත්ට අනුකම්පා කරමු. කන්න ඕනෑවුණාම කබරගොයාත් තලගොයා යැයි කිවහැකි මෙම මන්ත්‍රීවරියට කම්මනා වසලෝහෝතී.... යන බුදුවදන සිහි කිරීමට කැමැත්තෙමි .

:       0       1

Bamunuarachchi Tuesday, 27 October 2020 02:23 PM

නෝනා ඔබ සීසර්ට කොහොම වෙතත් සජිත්ට බෘෘටස් වීම ගැන සතුටුවෙනවා. එත් අන්තිමට බෘෘටස් සියදිවි හානිකර ගන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 631 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 269 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 287 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 228 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 357 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 408 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 203 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1498 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site