IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


‘පැණියක් පසුපස දිවීමෙන් රටේ මිනිසුන් මුලාවට පත් කරලා‘

(බන්ධුල ඉලේපෙරුම ) 

 
ආයුර්වේද හෙළ පාරම්පරික වෙදකම පසෙකලා පැණියක් පසුපස දිවීම හේතුවෙන් රටේ මිනිසුන් මුළාවට පත්කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අද(20) පාර්ලිමේන්තුවේදී පැවසීය.
.
“පැණිය කෝප්පයක් බිව්ව පියල් නිශාන්ත මහතාට අද කොවිඩ් වැළඳිලා. සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රසිද්ධියේ පැණිය බීලා පෙන්නනවා. මේවා පර්යේෂණ කරලා වාර්තාවක් ගන්න ඕනේ. ඕකට වහ දාලා ගෙනත් දුන්නනම් මොකද වෙන්නේ.

කිසිම හෙවිල්ලක් නෑ බොනවා. මොනවද මේ විකාර වැඩ. මේකෙන් ආයුර්වේදයත් හෑල්ලුවට ලක්වුණා.
 
පිළිගත් ආයුර්වේද වෛද්‍යවරු තමන් මේ රෝගය හොඳ කරන්න ඉල්ලුවත් රාජ්‍ය අනුග්‍රහය ඒවට ලැබුණේ නෑ. මේ පැණියක් පස්සේ දුවනවා. ඇමැතිත් ඒ පස්සේ යනවා. හරියට රයිගමයයි ගම්පොළයයි වගේ.”යනුවෙන් ද අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේ කල්තැබීමේ යෝජනාවට එක්වෙමින් කියා සිටියේය.
 

 



අදහස් (21)

‘පැණියක් පසුපස දිවීමෙන් රටේ මිනිසුන් මුලාවට පත් කරලා‘

sharm warn Wednesday, 20 January 2021 07:06 AM

ගවයින්ගෙන් පත්වෙච්චි ආණ්ඩුවක්නේ... එතකොට ඉතින් කරන්නේ හරක් වැඩ තමයි.

:       151       204

විජේ Wednesday, 20 January 2021 07:48 AM

සමාවෙන්න sharm warn කරපු වැරැද්දට. ගවයො ගවයින්ගෙ මොලෙන් මේ පාර පත්කර ගත්තාම කියමුකෝ... ඔයාගේ විකල්පෙ මෙයාද? මේ මහා විප්ලවවාදියාද? මේ මහා බුද්ධිමතාද? නැත්තං අනිත් කෙනාද? ඉස්සල්ලාම නායකත්වයට සුදුසු අපේක්ෂකයෙක් හොයාගන්න බලන්න. ඊට පස්සේ පොර ටෝක් දෙන්න. එතකොට අපිටත් ඒ පොරටෝක් ගැන ටිකක් හිතලා බලන්න පුලුවන් වෙයි.

:       268       360

KooralageWednesday, 20 January 2021 09:10 AM

විජේ... පැණිය ප්‍රමෝට් කරන්න ගිහිල්ලා නම් ඇත්තටම ආණ්ඩුව නම් අනාගත්තා. ඒකට නම් තර්ක දැම්මත් බිම ඇනිලා ඉවරයි.

:       133       142

RaveendraWednesday, 20 January 2021 08:59 AM

ඔබගේ අදහස් 200%ක් නිවැරදියි. එලෙසම මේ කළුකුමාර සහෝදරයා ප්‍රමුක රතු හැට්ටකාරයින් පිළිබඳව ඔබගේ අවංක කියවීම දැනගැනුමට කැමැත්තෙමු. අපට නම් කවුරු බලයේ හිටියත් අදාලම නැත. මොකද මේ හැමෝම මෙතෙක්කල් සහ අනාගතෙත් බඩගින්න නිවාගත්තේ මෙන්ම ගන්නේද අපගේ ලේ කඳුලු දහඩිය නිසායි. එලෙසම මේ රතු මලයලාත් සැමදාම කුසගින්න නිවාගන්නේ අප නිසායි. එලෙසම මේ කලුකුමාරයා ප්‍රමුඛ රතු හැට්ටකාරයින් සැමදාම... එළුවාගේ බුරුල්ල දැන් වැටෙයි, දැන් වැටෙයි සිතමින් එළුවා පිටුපස දශක කීයක් යන හිවලුන් ලෙස දකින්නේ අප පමණද?

:       21       56

චින්තක Wednesday, 20 January 2021 06:20 PM

එදා හම්බන්තොට වරාය විකුණද්දී කටේ පිට්ටු තිබුණු රතු-කොළ සහෝදරයා, පහුගිය කාලේ රටේ රණවිරුවන් නිරපරාදේ හිරේ දාද්දි කටේ පිට්ටු තිබුණු රතු-කොළ සහෝදරයා, අර රන්ජන් මැතිතුමා විනිසුරුවරුන්ට "ඇතුළට දාන්න" ගගා කියද්දී රතු-කොළ සහෝදරයා, කම්බා හොරු ටික එකතුවෙලා මහා බැංකුව මහා දවල් හොර කාලා රටම හිඟමනට දාද්දී රතු-කොළ සහෝදරයා, දැන් මේ මැරිලා ඉපදිලා වගේ කතා කරන හැටි දැක්කම මට නම් හිතෙන්නේ එතුමා කතා කරන්නේ කටින් නෙමෙයි කියලා..

:       2       1

කනිෂ්ක Wednesday, 20 January 2021 07:11 AM

පැණියක් පසුපස රජය දිව්වේ නැත. රජය තමන්ගේ වැඩ කටයුතු කරගෙන යයි. පැණියක් පසුපස ගොස් මහන්සි වන්නේ නම් වෙනත් අයයි.

:       65       262

SUNIL MILANO Wednesday, 20 January 2021 07:20 AM

ජෙප්පන් පස්සේ යන අයත් මුලාවෙන් මුලාවට පත්කර ඇත. බොරුවෙන් මයි ජීවත් වෙන්නේ. ඉතාලිවලත් ජෙප්පෝ පත්තර කෑලි විකුණ විකුණා ඔහේ ඉන්නවා... ජොබ් එකක් කරන්නවත් වුවමනාවක් නැහැ.

:       61       169

සේනක Wednesday, 20 January 2021 08:06 AM

කොහොමත් වැඩිපුර ජෙප්පෝ ඉන්නේ මිලානෝ තමයි. එකේ තර්ක දෙකක් නැහැ.

:       13       21

Rata Perata Wednesday, 20 January 2021 07:46 AM

ඔබලත් කාලෙන් කාලෙට රාජපක්ෂ වන්දනාවේ ගිහින් ජනතාව මුලාකළේ නැතිනම් මේ ව්‍යවසනය වෙන්නේ නැහැ. දැන් නිකන් කයිවාරු ගහන්නේ නැතිව ඉන්න. දැන් ජවිපය කියන්නේ බඩගෝස්තරයින් ටිකක් විතරයි.

:       41       137

chinthaka Wednesday, 20 January 2021 07:59 AM

3%ක් ජෙප්පන්ට ලැජ්ජා නැතිකම තමයි.

:       85       193

GalaparaWednesday, 20 January 2021 09:15 AM

ජෙප්පෝ නැත්තම්... අද පාර්ලිමේන්තුවේ මේ මහදවල් කරන ප්‍රෙකා්ටි ගණන් හොරකම් එළිකරන්නේ කවුද? ඒ ගාණනම් ජවිපයට මහජනතාවගේ ඉහළම ප්‍රශංසාව. ඔබලා පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනේ...

:       2       0

Senarath Wednesday, 20 January 2021 08:28 AM

මෙයා නායකත්වයේ ඉන්න තාක් ජවිපයට අනාගතයක් නැත. 6% දැන් 3%ට බැහැලා.. එන ඡන්දෙදී මේ ටිකත් නැති කරනවා.

:       90       323

sisira Wednesday, 20 January 2021 08:43 AM

ජනතාවගේ මුදල් වලින් සුඛෝපභෝගී ජීවිත ගතකරනවා හැරෙන්න වෙන කිසිදෙයක් සිදුවෙන්නේ නැහැ. පැණියේ කතාව විතරක් නොවෙයි. ඔය කරන හැමදෙයක්ම බොරු.. වංචා..!!! කාලය පසුකරමින් අපේ කරින් මුලු පවුලම හොඳ ලස්සනට කාලය ගතකරනවා.

:       7       18

prabha Wednesday, 20 January 2021 10:01 AM

කෙසේ වෙතත් කියලා තියෙන්නේ ඇත්ත. පැණිය ප්‍රමෝට් කළේ කතානායකයාගේ සිට මැති ඇමැතිවරු... දැන් ඉතින් අනුර කුමාරට හිත හදාගන්න බලමු.

:       3       15

Asanga Wednesday, 20 January 2021 10:03 AM

හැමදේටම විවේචනය කිරීම මෙයාලගේ පුරුද්දනේ.. බොරුවට කියවනවා විතරයි. විසඳුමක් ජීවිතේට හොයාගෙන තියෙනවා මේ ගොල්ලෝ.

:       14       54

සෙනෙවිරත්න Wednesday, 20 January 2021 03:29 PM

එහෙම හොයාගෙන රටට හෙලිකරන්න කියන්න රට රකින විරුවාට...

:       1       0

chithranandaThursday, 21 January 2021 12:12 AM

මිනිස්සුන්ට ඕනෑ මිථ්‍යාව අදහන ආණ්ඩු. බොරු දේශප්‍රේමය වපුරන ආණ්ඩු. හැමදාම අවුරදු 72ක් තිස්සේ රැවටෙනවා. හැබැයි වහල්කමින් මිදෙන්න කිසිම ඕනෑකමක් නැහැ. ඒ අතින් අනුර සහෝදරයා ඇතුළු රතු කණ්ඩායම ගැන ආඩම්බරයි. වැටුප පවා පරිත්‍යාග කරමින් සමස්ත රට වැසියාගේ ප්‍රශ්න නිර්භීතව පාර්ලිමේන්තුවේ කතා කරනවට...

:       0       0

මුණසිංහ Wednesday, 20 January 2021 10:44 AM

ඉහත කමෙන්ට්ස් වලින් ඇතිවෙන්න අහගෙන තියෙනවා. තවත් එකක් පැණිය බීලා නම් තවම කවුරුවත් අසාත්මිකතා හැදිලා මැරුණේ නැහැ. ඒත් බය නැතිව ඉන්ජෙක්ෂන් එක ගහ ගන්නේ කොහොමද? ඒකෙන් මැරෙන ගාන අහලා. කොහොම නමුත් ඔය ඔක්කොම ඉස්සරහට ඇවිත් බැනලා - පිටිපස්සට ගිහිල්ලා පැණි හැන්දක් බොනවා. වෙළඳ පොලෙන් ඒක පේනවා...

:       20       112

PrasadWednesday, 20 January 2021 01:04 PM

පළවෙනියා මොන්ටිසෝරියද? 

:       0       0

chandima Wednesday, 20 January 2021 01:31 PM

ඔහෙලා පස්සේ ගිහින් අපි මුලාවෙලා තියෙන තරමට පැණියට මුලාවෙන එක කජ්ජක්ද? 

:       0       0

Bamunuarachchi Thursday, 21 January 2021 04:01 AM

පැණිය පස්සේ දුවන එක වැඩක්ද? දැන් අවුරුදු 60ක් තිස්සේ මුලාවෙච්ච මිනිස්සු ඔබලා පස්සේ දුවන්නේ...

:       2       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 160 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


නොමිලේ දුන් හාල් මල්ල නරක්වෙලා‘යි පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 45 0

රජය මගින් නොමිලේ ලබා දුන් හාල් ලබා ගත් හාලිඇල ප්‍රදේශයේ පුද්ගලයකු ට නරක්වු ආහාරයට ගැනීමට නුසුදුසු තත්ත්වයේ ඇති හාල් බෑගයක් ලැබුණු බව පවසමින් හාලිඇල ස


අපරාධ වලින් ඉපැයූ සල්ලි අය කර ගන්න නීති
2024 අප්‍රේල් මස 26 255 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග විස්තීරණ ණය පහසුකම ලබා ගැනීම සඳහා එළැඹ ඇති ගිවිසුම අනුව 2014 වර්ෂය වන විට වත්කම් අය කර ගැනීම සම්බන්ධයෙන් පරිපූර්ණ නීතියක් හ


ගිණුම් වලින් සල්ලි අදින හොර කල්ලියක්
2024 අප්‍රේල් මස 26 588 0

ජංගම ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම් හරහා ඔන්ලයින් ගනුදෙනු කරන අයගේ ගිණුම් වලින් මුදල් අදින ජාවාරමක් දැනට සතියක පමණ සිට ක්‍රියාත්මක වෙමින් තිබෙන බව පො


මත්තල ගුවන්තොට ඉන්දියාවට - රුසියාවට
2024 අප්‍රේල් මස 26 1182 0

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියා සහ ඉන්දියා සමාගම් දෙකකට බාරදීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 216 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site