(ඩයනා උදයංගනී )
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති ඉල්ලීම් තමා පිළිගන්නේ නම් ඒ විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ අරමුණින් පමණක් යැයි කතානායක කරු ජයසූරිය මහතා නිවේදනයකින් නිකුත් කරමින් කියා සිටී.
එමෙන්ම තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඒ එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනාගේ ආශීර්වාදය ඇතිව පමණක් බවද කතානායකවරයා සදහන් කර තිබේ.
නිවේදනය පහත දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරූ ජයසූරිය, නවීන් දිසානායක, එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගිහින් ආයෙත් ආපු අය. නිකං නෙවෙයි තව 20 ක් විතර අරගෙන ගිහිල්ලයි ආවේ. සජිත් කවදාවත් පක්ෂය දාල ගියේ නෑ. පක්ෂය පාවා නොදීපු කෙනෙක් ජනපති අපේක්ෂකකමට සුදුසුයි. කොහොමත් රට පුරාම යූ .ඇන්. පී අය ඉල්ලන්නෙ කවුද කියල දන්නවා නේ......
අපගේ අදහස් වැරදියි නම් කාරුණිකව අපව නිවැරදි කරන මෙන් ඉල්ලා සිටින්නෙමු. දැන් මොහු කොහොමද තමන්ගේ පක්ෂයක් සමග ගණුදෙනු රජයේ ලාංඡනය සහිත කොළයකින් ප්‍රකාශ කරන්නේ.? මෙය මහජනතාවගේ මුදල් සුලුවෙන් හෝ අවභාවිතාවක් නොවේද ?
මෙය කඩේ යන අයගේ වැඩක්.
රනිල් විධායක අගමැති කිරීමේ එකම මග. සජිත් අවොත් රනිල්ට බලය දෙන්න. ජීවිතේට ඔය විධායක ජනාධිපතිකම ඉවත් කරගන්නේ නැහැ.
මෙන්න යු.එන්.පි.එකෙ අැත්ත ජනාධිපති අපෙක්ෂකයා.හොද තෙරීමක්.ජයවේවා
අපේක්ෂකයා තෝරාගන්න බැරුව දඟලන දඟලිල්ලෙන් පේන්නේ අගමැති කොතරම් අප්‍රසාදයට පත්වෙලාද කියන එක
විධායකය අයින් කරන්නම තමයි හදන්නේ.., ඊට කලින් කරන්න වෙන කිසිම වැඩක් නැද්ද මේ රටේ අම්මපා...!! ජනතාවට තියෙන එකම සහ මූලික ප්‍රශ්නේ විධායකයද?
ප්‍රධාන පක්ෂ දෙක තුළ සිටින එකම අදූෂිත දේශපාලනඥයා වන ඔබ කෙරෙහි මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන බුද්ධිමත් ජනතාව තුළ පැහැදීමක් ඇතත් ප්‍රතිවාදියාගේ මුදල්, ප්‍රචාරක හා මැර බලයට මුහුණදීමට තරම් සංවිධානාත්මක හැකියාවක් ඔබට ඇතිදැයි සැක සහිතයි. ඔබ ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න දේශපාලනයක් ස්ථාපිත කිරීමට නම් ඔබ කළ යුත්තේ උගත්, බුද්ධිමත් සිවිල් සමාජය සමග එක්වී නිවැරදි දැක්මක් හා වැඩපිළිවෙලක් ඇති ජාතික ජන බලවේගය සමග එක්වී අනුර කුමාර දිසානායක මහතා දිනවීමට කටයුතු කිරීමයි...
එක එකා තමන්ගේ බඩගෝසතරේ වඩා ගන්න බලන හරම තැනම වංචාව දූෂණය රජයන කිසිම විනයක් ප්‍රතිපත්තියක් නැති හැදියාවක් නැති ලංකාව වගේ රටක විධායක ජනාදීපති ක්‍රමය අහෝසි කිරීමෙන් වෙන්නේ රට තවත් වලපල්ලට යන එක. විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකලාම එන අගමැති හොද එකෙක් රටට ආරේ ඇත්තටම රට ගොඩනගන්න උණක් තියන එකෙක් උනොත් හොදයි. එහෙම නැතුව රටේ මිනිස්සුත් එක්කම රට විකුණල තමන් ගොඩයන්න බලා ගෙන ඉන්න කෙනෙක් (දැන් ඉන්න බහුතරයක් වගේ) වුනොත් අපිට දෙයින්ගෙම පිහිටයි.
හැම එකාම ආවෙ ඕක කියාගෙන . දෑත් ශක්තිමත් කරන්න කියාගෙන පැනල ආපහු මුල් තැනටම ආපු මිනිහා ගැන නං කිසිම විශ්වාසයක් තියන්න බෑ
බළලා මල්ලෙන් එලියට ඔය අවේ...
94 ඉදන් අහලා ඇති වෙලා.
දැන් 78 ක්නේ.. ගෙදර ගිහින් බණක් භාවනාවක් කරන් ඉන්න..
ඔබට අපි තාම ගරු කරනවා.ජනතාව ඔබ ගැන හිතන්නේ කීර්තිමත්,ගෞරවණීය දේශපාලන නායකයෙක් ලෙසයි.නමුත් මෙය දැඩි තරඟකාරී ඡන්දයක්.ඔබ ඉදිරිපත් වීම පොහොට්ටුවට වාසිදායක වීම වැළැක්විය නොහැක.පොහොට්ටුව සමග තරග කර දිනිය හැක්කේ සජිත්ට පමණි.මේ යථාර්තය තේරුම් ගත යුතුයි.
කව්රුහරි මේ උන්නැහේට කියලා දෙනවද... මේ වෙනකොට මේ රටේ මිනිස්සු ජීවත් වෙන්න අරගල කරන්නේ කොහොමද කියලා. ජීවන වියදම සහ සෞඛ්‍ය සේවය රාජ්‍ය ආරක්ෂාව මේ ඔක්කොම එක වගේ පිරිහිලා තියෙන අපේ රටේ මිනිස්සුන්ට දැන් තියෙන දැවෙන ප්‍රශ්නය 'විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමද? දැනට ඉදිරිපත්වෙලා තියෙන හෝ ඉදිරිපත් වෙන්න ඉන්න කිසිම කෙනෙක් නැහැ. ජනතාවට ඕනදේ හඳුනන. අර කවුද කිව්වා වගේ හරක් පට්ටියක සිංහයෙකුට රජ වෙන්න බැහැනේ..., ඉතින් රජවෙන්නෙත් මී හරකෙක්ම තමයි.
අපි දෙන්නේ අපේ ජනපතිට... එතුමා ශ්‍රීලංකා එකෙන් ආවොත්..
මෙතුමා යෝජනා කරන්න පක්ෂයේ එකම එක මන්ත්‍රී කෙනෙක්වත් නැහැනේ... එතුමාගේ නායකත්වයේ රහස...!
කතානායක වරයාගේ මෙම ප්‍රකාශය ප්‍රසිද්ධ වීමත් සමඟම සජිත් ප්‍රේමදාස විසින් අද (17) උදැසන මංගල සමරවීර මහතාගේ නිවසේදී විශේෂ ප්‍රකාශයක් කිරීම සඳහා මාධ්‍ය හමුවක් කැඳවා ඇති බව කියවෙනවා. මේ අතර පසුගියදා ප්‍රසිද්ධියට පත්වූ ජනාධිපතිවරයාගේ "විශ්වාස කල නොහැකි වර්ගයේ හඬ පටයකින්" එතුමාතුල ඇති එජාප වෛරය කොතෙක්දැයි හෙළිවී තියෙනවා. එය ජන ගත වී දිනක් ගතවෙනවාත් සමග එතුමා නෙළුම් කුළුන විවෘත කිරීමේ උත්සවයේ දී " නෙළුම් කුළුන ආරම්භ කිරීමටත් පෙර රුපියල් කෝටි 200 ක් පිල්ලි ගසා තිබෙන බව" ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. (සමහර නාලිකා එය එසේ නොවන බව ඔප්පුකිරීමේ වෑයමකද නිරතව ඉන්නවා.) ඉන් හෙළිදරව් වන්නේ පොහොට්ටුව සමග සන්ධාන ගත වීමේ එතුමාගේ බලාපොරොත්තුව සහමුලින්ම බිඳ වැටී ඇති බවද? මේ සිදුවීම් දෙකම සජිත් ප්‍රේමදාස අද උදෑසන සිදුකිරීමට නියමිත විශේෂ ප්‍රකාශයට හේතුවූ දේවල්ද?මේ අතර මුදල් ඇමති මංගල සමරවීර විසින් තම නිල නිවසේ දී සිවිල් සමාජ සාමාජිකයන් වෙනුවෙන් අද (17) රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර ඇති බවත් ආරංචියි.මෙහි අරමුණ සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා ගැනීම සඳහා සිවිල් සමාජ සංවිධානවල සහය ලබා ගැනීමද?
ඔබ ජනාධිපති වෙන්න. රනිල් අගමැති කරන්න. ඊටපසු ජනාධිපති තනතුර අහෝසි කරන්න.
මෙම රට ගොඩ ගැනීමට සිටින හොදම නායකයා ලෙස යමක් තේරුම් ගත හැකි පිරිස් දකින්නේ ඔබයි. එම නිසා මේ අවස්ථවේ රට වෙනුවෙන් ඉදිරිපත් වන්න. සියලු දෙනා සතුටු කොට දේශපාලනය කල නොහැක. එජාපයෙන් ඉවතිවී පොදු පක්ෂකයෙකු ලෙස පැමිණියත් නිපක්ෂික චන්ද බහුතරය ලබා ගත හැක.
බලතල අහෝසි කිරීමට බලාපොරොත්තු වන තනතුරකට එන්න වලිකන්නේ අහවල් දේකටද? එහෙම අහෝසි කළාම ඒ තනතුරට වෙලා නිකම් මහජනතාවගේ මුදල් වලින් සැප විඳින්න බලාපොරොත්තුවෙන්ද?
නිධන් හාරපු, හොරකම් කරපු, ආර්යාවලා වෙන්න දඟලන පවුලේ අය ඉන්න, ලක්ෂ 36,000ක් අනුමැතියක් නැතිව වියදම් කරපු කෙනෙක්ට නොව ඔබ එනවා නම් අපේ සහයෝගය ඔබටයි...
ජනාධිපතිවීමට ආසයි භයයි වගේ...
හරි අපි ඡන්දය දීලා කාලයයි කියමුකෝ... හරියට දින වකවානු දෙන්න පුලුවන්ද? විධායක ජනපති ක්‍රමය අහෝසිකරන.. අහෝසි කලපසු ගන්නා ක්‍රියා පිළිවෙත. පලකරන්න හරි විස්තර එතකොට අපි බලමු. කොට උඩ උත්තර එපා.
කරුණාකර ඔබතුමා එන්න. සජිත් කියන, කරන දේවල් පැහැදිලි නෑ. එය ඔහුගේ නොමේරූකම...
වැඩක් වෙන්නේ නැත. දැන් රටක් නෙමෙයි ආසනයක් වත් දිනාගන්න පුලුවන්ද ?
මේක නැතිකරනවා කියලා කීදෙනෙක් බලයට ආවද? 94දී චන්ද්‍රිකා නෝනා ජනාධිපති වුණෙත් ඕක කියලයි...
ජනපති ප්‍රේමදාසගෙන් පසුව විධායක ජනපති ධුරයට පත් වූ සියලුදෙනාම ඡන්දෙට කලින් කිව්වේ තමන් බලයට පත්වුණු පසු විධායකය අහෝසි කරනවා කියල. නමුත් බලයට පත්වුන පසු කලේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. ඔබතුමාත් එක එක කතා කියමින් දෙවරක් පිල් මරුකරපු පුද්ගලයෙක්.., ඔබතුමා දෙන පොරොන්දු ජනපති සිරිසේන මහතා ඡන්දෙට කලින් දුන්නු පොරොන්දු තරම්වත් විශ්වාස කරන්න බැහැ..
කරුණාකර පැහැදිලි කරනවද කොහොමද මේ වගේ පුද්ගලික දේශපාලන කාරණාවක් පිළිබඳව කතානායක ලිපි ශීර්ෂය යටතේ නිවේදන නිකුත් කරන්නේ කියලා... අනිත් කාරණය පහුගිය අවුරුදු 4 මෙයා හිටියේ ආණ්ඩුවේ නෙමෙයිද? කිසිම දේකට විරුද්ධව අදහසක්වත් ප්‍රකාශ කරනවා කවුරුහරි දැක්කද? කවුරු ආවත් නියත පරාජයක්..
අනේ නෑවිත් ඉන්න එකමයි හොද. UNP එකෙන් 17 ක් එක්ක පැනලා රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරලා කරනම් ගහපු කෙනෙක්. ඉතින් UNP එකෙන් මේ කපේ දිනන්න බැහැ. අනික මහලු වයසේ අය අයින් වෙලා තරුණ ජවය තියෙන දුප්පතාට මොලෙන් වැඩකරන රටේම ජනමතය ඇති සජිත්ට දීලා පක්ෂය දිනවන්න වැඩ කරන්න.
ජනමතය එහාට මෙහාට අඹරන්න අගමැතිට උදව් වන හොඳම චක්ගෝලයෙක් මෙතුමා...
නිවැරදි තීරණයක්. මොහු දුෂිතයෙක් නෙමෙයි .පාර්ලිමේන්තුව තුළ කෙදිනකවත් වාහන පර්මිට් එකක් ගත් කෙනෙක් නෙමෙයි මේ පුද්ගලයා . ඔය පාර්ලිමේන්තුවේ කී දෙනෙක් ඉන්නවද පක්ෂේ මාරු කරපු අය .
නියමයි. ඔබතුමා එන්න. උඩින්ම දිනන්න පුළුවන්. රටම ඉල්ලන්නෙ ඔබතුමාව ඇත්තමයි.
දින සීයෙන්ද ජනපති ධුරය අහෝසි කරන්නේ ?
කඩේයාම් පාවාදීම් චන්ඩිකම් විනය විරෝධී කතා ගෝල බාලයින්ගේ කුණුහරුප වලට විසදුමක් ලෙස සහ සියලු කන්ඩායම් වල ආශිර්වාදය , එක්සත් ජාතික පක්ෂයේ සියලුම සහයෝගිත්වය ලබා ගත හැකි පුද්ගලයා ලෙස කරූ පැමිණිම ඉතාමත්ම හොඳයි .
පක්ෂ දේශපාලන ප්‍රකාශ නිකුත් කරන්න රාජ්‍ය නිළ ලිපි ලේඛන භාවිතය රාජ්‍ය බලය අවභාවිත කිරීමක් නේද ?
එජාපයේ කිසිම මන්ත්‍රීවරයෙක් මෙතුමාව යෝජනා කලේ නැහැ. මෙතුමා 2001දී ලේකම්ලාගෙනුත් බැනුම් ඇහුව චරිතයක්. කව්රුවත් ගණන් ගන්නේ නැහැ..
විධායකයට බනින්නේ 13 තියාගෙනද? මේ අය 19 ගෙනැල්ල රට අස්ථාවර කරලා තවත් ව්‍යවස්ථාව ගැන කතා කරනවනේ... රනිල්ට ඕනේ මොකෙක් හරි යවලා තමන්ගේ බලය තියාගන්න. රටට හෙන ගැහුවත් කමක් නැහැ. ඉතින් පැත්තවත් බලලා ඡන්දෙ දෙන්න හොඳ නැහැ.
බලයට අැවිත් අහෝසි කරන ඒක කොහොමටවත් විශ්වාස කරන්න බැහැ. හැමෝම ඔය පොරොන්දු තමයි දුන්නේ. නමුත් අහෝසි කලේ නැහැ. අනික සමහර අය කොහොමටත් ඉඩ දෙන්න නැහැ ඕක අහෝසි කරන්න. පුළුවන් නං දැන් පාර්ලිමේන්තුවට පුද්ගලික යෝජනාවක් හෝ ගෙනල්ලා අහෝසි කරන්න.
දැන් ඔබ විශ්‍රාම ගියොත් වටිනවා. වයසින් මුහුකුරා ගිය ඔබ වසර 70 කළ කී දේ මදිද? . දැන්වත් තරුණයන්ට රට බාරදීලා යන්න.
කිසිම ආකාරයකින් ජනතා ප්‍රශ්න ගැන අවධානයක් යොමු නොකළ ස්වාර්ථයට මුල් තැන ලබා දී බැදුම්කර සිද්ධිය හෝ පාස්කු ප්‍රහාරය වැනි අවස්ථා වලදී කිසිදු වගකීමක් නොදැරූ පාර්ලිමේන්තුවට සුවිශේෂී බලයක් ලබා දීමට කතා කිරීම ජනතාව රවටන නිර්ලජ්ජීලත උත්සාහයකි.
මේ කිසිම ගිවිසුමක් අවශ්‍ය නැහැ. පක්ෂේ කට්ටිය රටට, ජනතාවට අවශ්‍ය විදියට වැඩකෙරුවා නම්... ටිකක් අතීතය හිතලා බලන්න. ඒ කාලේ තමයි නියම දේශපාලනය කරපු පක්ෂ නායකයින් හිටියේ... ඡන්ද කාලෙට... ඒ ගොල්ලන්ව පිළිගන්න ජනතාව මග බලන් ඉන්නේ.., දැන් ඉන්න අයට පුළුවන්ද? පොලිස් භටයෙක් නැතිව පාරේ යන්න, කොයි පක්ෂේත් එකයි. දැන් ඉන්න අය කරන්නෙම හොරකම, එන්නෙත් ඒකටයි, එකෙක් හොරාකාපුවම ඇති, මේ හොරාව පක්ෂෙන් නෙරපන්නේ නැතිව, අනිත් අයත් හොරා වෙනුවෙන් නැගී සිටිනවා. මොලයක් තියෙන මිනිහාට මේවා අප්පිරියයි. රට හදන්න කලින් තමන් හැදෙනවා. මේ කතාවේ දෙපැත්තක් තියෙනවා. හරි පැත්ත තෝරා ගන්න..
රටේ දහසකුත් එකක් ප්‍රශ්ණ තියෙනවා. නමුත් මේ මනුස්සයා රටේ නායකයා තෝරන ඡන්දෙට ඉදිරිපත් වන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් කියාගෙන...
ගව පට්ටියක තවත් එවැනිම ගවයෙක් මිස... සිංහයෙක් රජ නොවේ.
හොරුන්ට සාපේක්ෂව මෙතුමා නුසුදුසුද?
ඔක්කොම එකවල්ලේ පොල්...
අන්තිමට ගාමිණී දිසානායක පරම්පරාව, ප්‍රේමදාස පරම්පරාව පරදවාවි වගේ...
2018 ඔක්තෝබර් මාසයේ සියලු වැඩ පෙන්නුවේ මේ ටිකටද? ජනාධිපතිතුමා අන්තිමේදී පක්ෂග්‍රාහී වුනා වගේ මෙතුමා කතානායක තනතුරේදී නිතරම පක්ෂග්‍රාහී වුවේය. නමුත් එවිටත් යටි අරමුණ බෑනා රජකරවීම බව ඉඳහිට පෙනුනි. කමක් නැත. අපටත් ඕස්ට්‍රේලියාවේ වත්තකින් ඇපල් ගෙඩියක් දෙකක් ලැබේවා.
ජනපතිධූරය අහෝසි නොකළ යුතුයි. අවශ්‍ය වන්නේ බහුතර සිංහලයාගේ එකමුතුව පමණි. නැතිනම් ඔවුන්ට රටක් නොමැති වෙනවා. නැවතත් වහාම අහෝසි කළ යුත්තේ ඊනියා 19 ව්‍යවස්ථාව සහ එයට මුල් උන අය , ජනපති අගමැති සහ ශ්‍රී.ල.නි.ප. හෙංචයියන් රටක් වටින ජනතාවගේ දරුවන්ගේ රටේ මිනිසුන්ගේ ආරක්ෂාව සංචාරකයන්ගේ ආරක්ෂාව නැතිව මිය ගියේ මේ ඊනියා ව්‍යවස්ථාව මගින් පරිපාලනය බිඳ වැටීම නිසාය. ජනවාරි පළමු වැනිදා අනිවාර්යෙන්ම මෙය වෙනස් කරනවා ජනතාව විසින්ම , නැති නම් ජනතාවනි රට වෙනුවන් පෙරට එන්න.....
කරූටයි, ගෝඨාභයටයි... සජිත්ට වඩා බුද්ධිමත් පාවෙන ඡන්ද ලැබෙනු ඇත. මන්ද සජිත් කියන කරන ආකාරය බුද්ධිමතුන් ගරු නොකරන අදට නොගැලපෙන 70 දශකයට ගැලපුණු ඒවා වීමත් පසුගිය ඔක්තෝබර් 26දා මෛත්‍රි විසින් රනිල් ඉවත්කර මහින්ද පත්කළ වෙලේ කරූ ප්‍රජාතන්ත්‍රවාදය රැකගන්න අභීතව ක්‍රියාකළ ආකාරය හා සජිත් මෛත්‍රී සමග සිට අන්තිම මොහොතේ රනිල් වෙනුවෙන් ඉදිරිපත් වූ හැටිත් ගෝඨාභය, ෆොන්සේකා සමග කොටි සටන පරාජය කිරීමට ක්‍රියාකළ ආකාරයත් සජිත් මේෂන් බාස්ලා ලවා ගෙවල්, පන්සල්, පල්ලි හැදුවා ඇරෙන්න එවැනි බරපතල දේශපාලන හැකියාවක් පෙන්වා නැති අතර දැනට කියන්නේද දේශපාලන බොළඳ කතා වන අතර කරන්නේ දේශපාලන බොළඳ ක්‍රියාය. ඔරොත්තු නොදෙන තනතුරු ලැබීම නිසා දැනුත් මොහු නීතිය, සම්ප්‍රදාය, විනය යනාදී සාරධර්ම පසෙකලා ක්‍රියාකරන බැවින් මීටවඩා තනතුරු දුන්නොත් මොහුගේ පියාට දීලා කරගත් වින්නැහියට වඩා හපන්වනු ඇත. මේ රට සිංහල බෞද්ධ රටක් නොවේ කියන මුදල් ඇමති මෙයාගේ පුරෝහිතයා වීමෙන්ම මොහු කවුදැයි වටහාගත යුතුයි. කියන තරම් ජනබලයක් මොහුට නැත.
එහෙනම් ඔබතුමා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත් වෙන්න අවශ්‍යම නැහැ. ජනතාවගෙන් ඡන්දය අයදිය යුත්තේ එම තනතුරට පත්වෙලා රටට, ජනතාවට සාධනීය හා සාධාරණ සේවයක් කිරීමේ අරමුණින්. එසේ නැතුව ජනතාවට වග කියන අදාළ තනතුර අහෝසි කිරීමේ අරමුණින් ජනතාව ඉදිරියට විත් අයදීමේ තේරුමක් නැහැ.
හොරා වගේ අර පරණ තැටිය හංගලා තියාගෙන ඉඳලා තියෙනවා නේද මේ පාර ඡන්දෙට ගන්න...?
අවුලක් නැහැ අන්න අරයා වැඩේ ගොඩ දාගෙන.පුරුදු විදියට "ඕඩර් ප්ලීස් " කියා කියා ඉන්නකෝ.