(ඩයනා උදයංගනී)

 

ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයාගේ දරුවාට ද එම වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.

රෝගියාගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ සුවයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේය.

කොළඹ ආනන්ද විද්‍යාලයට ද තමන් වසංගත රෝග විද්‍යාඥයින් දෙදෙනෙකු යවා තත්ත්වය සොයා බැලූ බව අනිල් ජාසිංහ මහතා කීවේය.