(ඉන්දික අරුණ කුමාර)
හෝටන්තැන්න ජාතික වනෝද්‍යානය නැරඹීම සඳහා එහි පිවිසීමට මේ වනවිටත් මාර්ග දෙකක් තිබියදී තවත් මාර්ගයක් සැකසීම කාලෝචිත ක්‍රියාවක් නොවන බව 'දේශීය වානාන්තර සුරැකීමේ සංගමය' කියා සිටියි.
එහි සභාපති අතීක් නසීර් මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.
මේ වන විටත් පට්ටිපොළ හා ඔහිය දෙසින් හොර්ටන් තැන්නට පිවිසීම සදහා මාර්ග දෙකක් පවතින බවත්, නව මාර්ගය ඉදි කළහොත් එහි කටයුතු හේතුවෙන් හෝර්ටන් තැන්නට ආවේණික සත්ව විශේෂ රැසක් විනාශ වීමේ අවදානමක් පවතින බවත් හෙතෙම සිය නිවේදනයෙන් දක්වා තිබේ.
නන්පෙරියල් වතුයාය හරහා නැග්රැක් දක්වා වාහනවලින් ගමන් කර පසුව පා ගමනින් ලෝකාන්තය දක්වා සංචාරකයින්ට ගමන් කිරීම සඳහා මෙම නව මාර්ගය සැලසුම් කර ඇති බව හෙතෙම වැඩිදුරටත් කියාසිටියි.
සැලසුම් කර ඇති නව ප්‍රවේශය අධික නායයාම් හා රිය ධාවනයට නොසුදුසු ප්‍රදේශයක් බවත්, මේ හේතුවෙන් එහි පැමිණෙන සංචාරකයින් පවා අනතුරට ලක්විය හැකි බවක් 'දේශීය වනාන්තර සුරැකීමේ සංගමය' අවධාරණය කරයි.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හෝටන්තැන්නට පිවිසෙන්න තවත් මාර්ගයක් ඉදිකරනවාට විරෝධය
asanka Sunday, 20 September 2020 10:53 AM
ඇත්ත... මහා ජනකායක් මේ ස්ථානයට ඇදී ඒමෙන් මෙහි ඇති ජෛව පද්ධතියට හානියක් විය හැකියි. හැකිනම් කළ යුත්තේ ඔහිය සහ පට්ටිපොළ මාර්ගවල වාහන ගමනාගමනය නවතා, වනෝද්‍යාන නැරඹීමට කැමති අයට පා ගමනින් පමණක් එහි යාමට සැලැස්වීමයි.
surath Sunday, 20 September 2020 04:31 PM
තීරණ ගැනීමට පෙර අදාල අංශවල නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගැනීම කල යුතුය.
සෙනෙවිරත්න Sunday, 20 September 2020 04:34 PM
මෙන්න අන්‍ය ජාතජාතිකයෙක් රටේ සංවර්ධනයට බාදා කරනවා. රට ගැන කතා කරන්න අන්‍ය ජාතිකයන්ට අයිතියක්, නැහැ.
Perera Sunday, 20 September 2020 06:40 PM
ලිඳුල ආගරපතන ඩයගම හරහා හෝටන් තැන්නට පිවිසිය හැකි තවත් පාරක් දැනට තිබෙනවා.
සමරේ Monday, 21 September 2020 03:40 AM
ඔයාලා පැනික් වෙන්න එපා. සර් ආවෙම පාරවල් කාපට් කරන්න තමයි. සර් ඔය වැඩෙ ලස්සනට කරල මියුසිකල් ෂෝ එකක් තියල ඕපන් කරයි. එදාට ගිහින් ඔයාලත් නටල එන්න. ඕවට විරුද්ධ වෙලා දේශද්‍රෝහී වෙන්න එපා...
sachithMonday, 21 September 2020 07:17 AM
කියන්න තියෙන දේ කෙලින්ම කියලා.
Sanka Monday, 21 September 2020 04:57 AM
ජනනායක සර් ගේ ශෝෂල් මීඩියා වල යන වීඩියෝ එක අනුව... මේ කරන්න යන්නේ මහ සහගහන අපරාදයක්.
කීර්ති Monday, 21 September 2020 09:42 AM
අනේ අහන්නත් සතුටුයි. ජනනායක සර් තාම ඉන්නවද? දැන් මේ වෙන දේවල්වලට සර්ගේ අමිශ්‍ර හෙළ ජාන තියෙන ලේ කකියන්නේ නැත්ද දන්නේ නෑ. රට මැද්දෙන් ඇමරිකාවට දෙනවා කියලා ඉරි ඇඳ ඇඳ පෙන්න පෙන්න තුනෙන් දෙක අරන් දෙන්න සෑහෙන්න කඩේත් ගියානේ..
KooralageMonday, 21 September 2020 10:59 AM
කීර්ති, ඔයාගේ කතාව නම් ඇත්ත. ඒත් දැන් ජනනායක සර් තිත්ත ඇත්ත කතාකරන්න පටන් අරන් තියෙනවා... පහුවෙලා හරි... ඇත්ත තේරිලාද මන්දා..?
Athula Monday, 21 September 2020 08:48 AM
මේවා දකින කොට මොවුන් බලයට ගේන්න දඟලපු ජඩයින් එක්ක අැතිවන්නේ මහ පිළිකුලක්... දැන හෝ නොදැන ඔවුන් කලේ මහා විනාශයක්...