( තිළිණි ද සිල්වා )
හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට වත්මන් රජයේ ආයතනවල සිදුව ඇතැයි කියන දූෂණ වංචා සෙවිමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ලබන සිකුරාදා (18) පෙනි සිටින්නැයි දන්වමින් එම කොමිසම විසින් නොතීසි නිකුත් කරනු ලැබ ඇත.
හේමසිරි ප්‍රනාන්දු මහතා මහජන බැංකුවේ සභාපතිවරයාව සිටි කාලයේදී එම බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යාපෘතියට පරිගණක දෘඩාංග මිලදී ගැනීමේදී මූල්‍ය අක්‍රමිකතා සිදුව ඇතැයි කියමින් මහජන බැංකු සේවක සංගමය කළ පැමිණිල්ලකට අදාළ විභාගයට සාක්කි ලබා ගැනීම සදහා මෙම නොතීසිය නිකුත් කර ඇත.
මේ වන විට හේමසිරි ප්‍රනාන්දු මහතාට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බැවින් ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් එම නොතීසිය බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මාර්ගයෙන් අද (15) දිනයේ ඒ මහතා වෙත බාර දෙන ලදී.
ඒ අනුව හේමසිරි ප්‍රනාන්දු මහතාට ලබන සිකුරාදා (18) පෙරවරු 9.30ට හේමසිරි ප්‍රනාන්දු මහතාට කොමිෂන් සභාව හමුවේ පෙනී සිට සාක්කි ලබා දෙන ලෙස දැනුම් දී ඇති බව ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මහජන බැංකුවේ සභාපතිවරයා ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා කටයුතු කළ 2016- 2017 කාලය තුළ දී මහජන බැංකුවේ ඩිජිටල්කරණ ව්‍යපෘති සදහා ටෙන්ඩර් පටිපාටියකින් බැහැරව පරිගණක දෘඩාංග ලබාගැනීම සිදුව ඇතැයි මහජන බැංකු සේවක සංගමය සිය පැමිණිල්ලෙන් කියා සිටී.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හේමසිරිට ජනපති පරීක්ෂණ කොමිසමට එන්නැයි නොතීසි