(ඉන්දිකා රාමනායක)

හිටපු  යුද හමුදාපති  ලූතිනන් ජෙනරාල්  මහේෂ් සේනානායක මහතා අද (20) සිට    ජනරාල් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.

හිටපු යුද හමුදාපතිවරයාගේ  සමුගැනීමේ උත්සවය  අද යුද හමුදා මුලස්ථානයේ දී  පැවති අතර යුද හමුදා සම්ප‍්‍රදානුකූලව  යුද හමුදාපති ධුරය සංකේතවත් වන  අසිපත නව හිටපු යුද හමුදාපතිවරයා විසින් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත නිල වශයෙන් බාර දුන්නේය.