IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනාධිපතිනිය සහභාගී වූ රැස්වීමක් අතරතුර උණුසුම් තත්ත්වයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වනාතවිල්ලුව කරතිව් ප්‍රදේශයේ පැවති රැස්වීමකට අද (08) සහභාගි වූ අතර ඒ අවස්ථාවේදී එහි රැඳීසිටි පිරිස් අරුවක්කාලු කසල අංගනය පිළිබඳ හිටපු ජනාධිපතිනියගෙන් විමසූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජීත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කරමින් කරතිව් නගරයේ පැවති රැළියකට චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරනු ලබන පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

මෙම රැස්වීම සඳහා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

රැස්වීම අවසානයේ බණ්ඩාරනායක මහත්මියගේ කතාව අවසන් කිරීමත් සමඟ අරුවක්කාලු කසල අංගනයට විරෝධය පළකරන පුත්තලම නගරයේ පිරිසක් කසල අංගනය පිළිබඳව එතුමියගේ ස්ථාවරය විමසුවේය.

එහිදී අරුවක්කාලු කසල අංගනයට විරෝධය දක්වන පිරිස් පවසා සිටියේ මේ වන විට කසල අංගනයේ පිපිරීම් පවා ඇතිවී ඇති බවත් ඒ සමඟම මෙවැනි ව්‍යාපෘති නිසා තවත් වසර පහකින් මේ ගම්මාන දමා යාමට ජනතාවට සිදුවන බවත්ය.

එහිදි බණ්ඩාරනායක මහත්මිය පවසා සිටියේ මේ සඳහා විසඳුමක් ඡන්දයෙන් පසුව ලබා දෙන බවයි. එයට විරෝධය දැක්වූ පිරිසකට තවත් පිරිසක් පහර දීමට සැරසුන අතර ඒ අවස්ථාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

 

 



අදහස් (29)

හිටපු ජනාධිපතිනිය සහභාගී වූ රැස්වීමක් අතරතුර උණුසුම් තත්ත්වයක්

Chanak Los Angeles Friday, 08 November 2019 07:14 PM

මේවා සාටකයින්ගේ ක්‍රියාවන් ..

:       551       652

sisira Friday, 08 November 2019 09:41 PM

කසල ගොඩක් එක්ක කසල අංගනයක් ගැන කතාවකට ගිහින්.

:       66       500

ලුම්බිණි Friday, 08 November 2019 11:50 PM

අරුවක්කාලු කසල අංගනය ගැන චන්ද්‍රිකාගෙන් අහන එකේ ඵලය කුමක්ද?

:       158       284

සේන Saturday, 09 November 2019 03:28 AM

වෙල්ගම උන්නැහේයි, මැතිණියයි දැන් U.N.P වෙලා නේද? මේ අයට තියෙන්නේ තනිකරම පෞද්ගලික ප්‍රශ්නයක්..

:       2411       2320

බමුනා මිසින්Saturday, 09 November 2019 05:29 AM

රජතුමයි, පවුලේ අයයි, අනික් කට්ටියයි පොහොට්ටු පුප්පනකොට සෙල්ලම් සේන බුදිද?

:       695       765

Rata PerataSaturday, 09 November 2019 08:19 AM

ඇමෙරිකන් කාරයෙක් හදපු පක්ෂයකින් ඉල්ලලා තවත් ඇමෙරිකන් කාරයෙක් රටේ නායකයා වෙන්න හදන එක පුද්ගලික ප්‍රශ්නයක් වෙන්නේ කොහොමද?

:       602       874

ranjith Saturday, 09 November 2019 04:03 AM

1970-77 කාලයේ මේ රට හොඳට දියුණුවෙලා තිබුණා. ඊට පස්සේ මේ දක්වා රට විනාශ කරපු නායකයින් තමයි ඉන්නේ....

:       261       411

lalithmSaturday, 09 November 2019 07:16 AM

70-77 කාලේ දියුණුවෙන්න උත්සාහ කළා. එ්කට හේතු වුනේ හඳුන්වාදුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හින්දා අපිට වුණු සම්බාධකයි. එ්ත් ඒ කාලේ කරපු සමහර දේවල් තරමට වැඩි, බෙහෙත් ද්‍රව්‍ය හිඟකම, ආහාර හිඟය තමන්ගේ කුඹුරේ වී ටිකවත් ගෙදරට ගෙනයන්න දමපු තහනම් නීති වගේ දේවල් කළමනාකරණය වුනේ නැහැ. ඒ වගේම කුණු බාල්දි අවුස්සගෙන කන තරමට නගරවල ආහාර හිඟයක් තිබුණා. අඳින්න අවම තරමට අවශ්‍ය රෙදිපිළිවත් තිබුනේ නැහැ. ඒ වගේ කරලා රටක් ගොඩ නගන්න බැහැ.

:       219       26

MaheeSaturday, 09 November 2019 07:58 AM

ඔබ හරියටම හරි, මැතිණියගේ අකාර්යක්ෂම, අදූරදර්ශී පාලනය නිසා මමත් අනන්ත දුක් වින්දා... මගේ සියලුම නිවාඩු ඉවරවුනේ පොඩි එකාට කිරිපිටි, සීනි හොයන්න පෝලිම්වල ලැගලා. දෙල්කඳ පොලේ හොරෙන් හොරෙන් විකුණපු හාල් සේරුව හංගගෙන ගෙදර ආවේ හරි බයෙන්... හැබැයි එයාගේ වටේ හිටපු ඇමතිවරු රජ සැප වින්දා...

:       160       70

DharmasiriSaturday, 09 November 2019 09:54 AM

අමතකද පිහි ඇනුම් ගිහින් කීපදෙනක් මැරුණා. පාන් පෝලිම් වල ඉඳලා...

:       0       18

warunaSaturday, 09 November 2019 07:36 AM

70-77 කාලයේ ජීවත් වුණු කෙනෙක් නෙමේ වගෙයි. එසේ වුණා නම් මෙවැන්නක් කියන්නේ නැහැ.

:       23       41

kamalSaturday, 09 November 2019 08:00 AM

70දී අපි බංකොලොත් සමාජවාදී ආර්ථිකයකට යන්න නලියනකොට 1963දී නිදහස ලබපු සිංගප්පූරුව බටහිර ගති ධනවාදී ක්‍රමයට ගියා... අද අපි සිංගප්පූරුවේ මෙහෙකාරකමට යනවා. එදා වේල රැකගන්න. 70 කරපු වැරදිවල මහිම තමයි. අපේ මිනිසුන්ට සත්‍ය තේරෙන්නේ නැත්තේ අැයි? 70දී හැන්දෙන් ගෙනත් දීපු හාල් කැවිලා නිසාද?

:       17       29

dilan Saturday, 09 November 2019 04:05 AM

ඇත්තටම එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්තිය පිළිබඳ සිතාගන්න ජනතාවට වෙන කිසිවක් අවශ්‍ය නැහැ. මේ සිදුවීම ඇති. චන්ද්‍රිකාව නෙමෙයි, සහරාන්ගේ හරි ප්‍රභාකරන්ගේ හරි බිරින්දෑවරුන්ව හරි ස්ටේජ් එකට නග්ගලා ඡන්දෙ දිනන්න පුලුවන් නම් මේ මිනිස්සු එ්කත් කරනවා. ඒ තරමටම බලයට වියරු විදියට වහ වැටිලා..

:       1226       1269

කෝසල Saturday, 09 November 2019 05:06 AM

එතකොට ඔයාලගේ කට්ටිය බලයට වහවැටිලා නෙමේද? වලපයයි, ගොඩපයයි තියාගෙන ඔය එන්න හදන්නේ. දහ අටවෙනි සංශෝධනයෙන් ජීවිත කාලයේම බලයේ ඉන්න හැදුවේ...

:       542       627

janahitha Saturday, 09 November 2019 08:09 AM

19වැනි සංශෝධනේ කොහොමද? මල්ලියේ බෝම්බ මලු බැඳන් මරාගෙන මැරෙනකම් එකෙක් දන්නේ නැහැ. සිරිසේනට ආණ්ඩුව අන්දලා ගහපු ගැටෙන රට අනාරක්ෂිත වුණා. පාරම්පරික දේශපාලනේ අත්හරිමු. ආණ්ඩුව පෙරළමු හරිවැරදි පසුවට..

:       320       165

dilanSaturday, 09 November 2019 12:12 PM

මල්ලි, ඔය මානසික වහල් බැම්ම කඩාගන්න පුළුවන් වුනොත් ඔයා ගොඩ. මම ප්‍රිය කරන නායකයින් කීපදෙනෙක් මේ රටේ හිටියා, නම් වශයෙන් කියනවා නම් ප්‍රේමදාස, ලලිත්, ගාමිණී, විජේතුංග, මහින්ද වගේ මිනිස්සු. හැබැයි ඒ සමහර නායකයන්ගේ පුත්තු නම් වටින්නේ නැහැ. එක්කෙනෙක් නිධන් හාරන දඩයක්කරුවෙක්, තවත් එක්කෙනෙක් අර බෝම්බ ප්‍රහාරය වෙලේ මාධ්‍යයට හොරෙන් "බක බක" ගගා හි විදියෙන්ම ජනතාවට ඇති ආදරය පෙන්නුවා. හැබැයි අපි "පක්ෂ මානසිකත්වය" පැත්තක තියලා බැලුවොත් මේ ගමන "ගෝඨා" දිනුවේ නැත්නම් අපේ ජාතියේ මළගමත් එතැනින්ම ලියැවෙයි.

:       108       253

Mahee Saturday, 09 November 2019 04:18 AM

එතුමිය කිව්වා හරිනේ. 'ඡන්දෙන් පස්සේ විසඳුමක් දෙන්නම්'. ඉතින් ඊට වඩා දෙයක් කියන්නේ කොහොමද? බලයට ආවොත් මොකක් හරි කරනවා, ආවේ නැත්නම් නිකම් ඉන්නවා, එච්චරයි.

:       92       336

සඳුන් Saturday, 09 November 2019 05:03 AM

මේ උද්ඝෝෂණය කරන අය ඒකවත් නිදහසේ කරන්නේ මේ යහපාලන රජය නිසා, මතකද වතුර ඉල්ලලා උද්ඝෝෂණය කළ අයට රතුපස්වලදී වෙඩි තිබ්බා...

:       268       362

janahitha Saturday, 09 November 2019 08:06 AM

රතුපස්වල රතු හමුදාව හමුදාවට ගැහුවා කළුගල් වලින් ඔළුවට... ඔවුන් අහසට වෙඩි තිබ්බ උතුරේ හිටපු හමුදාවට කළුගල් වලින් කිසිදා පහර ලැබුණේ නැත. ලැබුනේ අත්බෝම්බ, ක්ලේමෝ බෝම්බ.... ඒ අය වෙඩි තැබුවා, එලව එලවා ගැහුවා, ගල් ගහපු රතු හමුදාව ඔවුන් පෙර පරිදිම පැන දිව්වා...

:       16       214

එරංග Saturday, 09 November 2019 05:08 AM

මතක නැද්ද කොළඹ කුණු කන්ද? ඔය බලය ඉල්ලන කට්ටිය ඒක ගහක් වගේ උස යන්න ඇරියා මිසක් විසඳුමක් දුන්නද?

:       7       124

ඒකනායක Saturday, 09 November 2019 05:10 AM

ඔය උද්ඝෝෂණ කරන කට්ටිය කල්පනා කරන්න මේ නිදහස ලබලා දුන්නේ කවුද? එයාලට ඕනෑ මල්ලි ජනාධිපති, අයියා අගමැති, අනිත් අයියා කතානායක, අනිත් අයියා ආර්ථික ඇමති, නංගි තව ඇමති කෙනෙක්, අයියගේ පුතා තව ඇමති කෙනෙක්, අනිත් අයියගේ පුතා තව ඇමති කෙනෙක්, එහෙමද?

:       417       657

samanwimalaSaturday, 09 November 2019 05:55 AM

නිදහස, ඔව් නිදහසේ මැරෙන්න.. ගොන්නු නිදහසේ තණකොළ බුදීමට කැමැතිය. ඒ උන් ගොන්නු නිසායි.

:       195       272

Lebbe Saturday, 09 November 2019 05:49 AM

බොරුද කියල බලන්න 17 රෑට ආච්චි අාපහු එනගලන්තේ යන්නේ නැද්ද කියලා නොඑන්නම...? දැනටමත් ටිකට් බුක් කරලා ඉවරයි.

:       442       515

කැප්Saturday, 09 November 2019 07:20 AM

බණ්ඩාරනායකලා පැනලා යන්නේ නෑ.. එ් රාජපක්ෂලා... ඔයාට වැරදිලා...

:       179       132

ChandiSunday, 10 November 2019 08:30 AM

ඔව් ඉතින් පැනලා යන්න ඕනෑ නැහැ. තමන්ගේ ආසනේ වත් දිනාගන්න බැහැනේ... ජනතාව පන්නලා ඉවරයි.

:       0       0

janahitha Saturday, 09 November 2019 07:58 AM

අන්දෘගේ මාලිගාව මට අරන් දුන්නේ නුඹලගේ සල්ලිවලින්... මම එජාපයට යන්නේ නුඹලා වෙනුවෙන්ම නොවේ. මාලිගාවේ ඉතුරු වැඩ ටික කරගන්න. එහෙ හැමදෙයක්ම බොහොම ගණන්....

:       2       58

කැප්Saturday, 09 November 2019 01:37 PM

අපි මාලිගාවනම් දැකලා නෑ.

:       0       0

Harin Sunday, 10 November 2019 02:15 AM

දැන් වෙල්ගමත් එක්කද? ඇයි ඒ දවස්වල මන්දිරයේ දමාගෙන හිටිය සනත්ට මොකද උනේ ?

:       10       21

Bandara Sunday, 10 November 2019 08:25 AM

යන යන තැනින් මෙහෙම යවා ගත්තා නම් රටට හොඳක් වෙයි.

:       0       49

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝක් සමාගමේ ලංකා -මාලේ නව අධ්‍යක්ෂකවරියක්
2024 අප්‍රේල් මස 20 1 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 472 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 895 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 653 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1504 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3005 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site