IMG-LOGO

සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් 100ක් සොයති

(ඉන්දිකා රාමනායක)
 
සයිටම්  ආයතනයට  විරෝධය  දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදී එහි දේපළ වලට හානි කළ බව කියන සිසුන්  100 දෙනකු පමණ හඳුනාගන ඇති බවත්  ඔවුන් ඉදිරි සතිය තුළ  අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය කියයි.
 
මෙලෙස හඳුනාගත්  ඇතැම් සිසුන් සිය ගම් ප්‍රදේශවලින් පළාගොස් සැඟව සිටින බව ද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
 
මෙම සිසුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව ද පොලිසිය කියයි.



අදහස් (6)

සෞඛ්‍ය අමාත්‍යංශයට පැන්න සිසුන් 100ක් සොයති

සෙනෙවි Sunday, 25 June 2017 01:45 PM

සුදු පාලකයො එදා ඌව වෙල්ලස්ස සටනින් ලැබූ පරාජයෙන් පසු තරුණ පිරිස් සොයමින් සිදු කල මහා සංහාරය මතක් වෙනවා

:       3822       3827

MahasenaviSunday, 25 June 2017 06:52 PM

හලෝ , යන්නේ කොහෙද මල්ලේ පොල් කිව්වා වගේ. ඔබත් සරසවි සිසුවෙක් වෙන්නැති !. මේ අපරාද කාරයෝ කොහොම හරි අල්ලලා මඩු වලිගෙන් ගහන්න ඕනේ.

:       304       299

කුමාර Monday, 26 June 2017 04:49 AM

නිදහස් අධ්‍යාපනය රැකගන්න සටන් කරන දරුවන්ට ගහන්න කියන අයට දඬුවම් ලැබෙන දිනය නම් ළඟයි වගේ...

:       0       30

කුමාර Monday, 26 June 2017 04:56 AM

මොකෝ ටියුබ් ලයිට්ද? Z-Score මදි වුණාද කැම්පස් යන්න? ඉරිසියාවට කැම්පස් කොල්ලන්ට මඩු වල්ගෙන් ගහන්න හදන අයවලුන්ටත් මේ බැටන් පොල්ල එල්ල වෙන දිනය වැඩි ඈතක නම් නෑ...

:       0       40

Padmini Sunday, 25 June 2017 05:34 PM

ඇතුලට රිංගන කල් බලන් හිටපු අයව අල්ලන්නේ නැද්ද?

:       12       22

Nandalal DE SILVA - France Sunday, 25 June 2017 05:36 PM

මහජන මුදලින් නොමිලයේ අධ්‍යාපනය ලබමින්, මහජන දේපළම විනාශ කරන මේ "සිසු මදාවියන්" සොයා ගැනීම අපහසු වෙන්න බැහැ. මුන්ගේ අම්මා අප්පලාගේ දේපළ මේ විදියට කඩා බිඳ දමනවාද ? මේවා අලුත්වැඩියා කිරීමට වියදම් වන්නේත් මහජනයා ගෙවන බදු මුදල් බව මේ ම්ලේච්ච අමනයන්ට තේරෙන්නේ නැද්ද ? මේ ආයතනයේ තිබෙන CCTV කැමරා වල මුන්ගේ භීෂණ මුහුණු පැහැදිලිව සටහන් වී තිබෙනවා නේද? එම දර්ශන මකා ඉවත් කිරීමට පෙර, ආරක්ෂිතව පොලිස් භාරයට ගෙන ඉක්මන් පරීක්ෂණ පවත්වා මුන්ගෙන් සියලු මුදල් අයකර ගැනීමට කටයුතු කලොත් මින් ඉදිරියට මහමග තප්පුලමින්, පොදු දේපලවලට හානි කරන අමනයන් සහ උන්ව උසිගන්වා පාරට දමන බොස්ලා වරක් නොව, කිහිපවරක්ම හිතා බලනු ඇත. මේ අමනයන් කොටුකර ගැනීමට පොලිසියට විශාල කාර්යභාරයක් පැවරී ඇත. ඒ අතරම, රට කරවන්නේ ජනාධිපති, අගමැති ඇතුළු රජයක්ද, සාමාන්‍ය ජනතාවට බාදා පමුණුවමින් පාර පුරා බුරමින් මහජන දේපොළ වනසන තක්කඩි රැලක්ද කියා මහජනයා ප්‍රශ්න කරමින් සිටී !!!!

:       469       904

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 20 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 159 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2273 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site