IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


සෝමාවතිය පුද බිමත් ජලයෙන් යටවෙයි

(ඩබ්.ඒ  පියතිලක)
 
පවතින වර්ෂාව හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය මත සෝමාවතිය පුද බිම අඩි තුනක් පමණ ජලයෙන් යට වී ඇති බව සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි පැවැසූහ.

 
සෝමාවතිය රාජමහා විහාරාධිපති පහමුණේ සුමංගල නාහිමි මහනුවර සිට පැමිණ ගංවතුරට කොටු වී සෝමාවතිය පුද බිමේ සිටින ස්වාමින් වහන්සේලා  සහ සේවකයින් සඳහා අවශ්‍ය ආහාර පාන බෝට්ටු මගින් රැගෙන යෑමට කටයුතු කළහ.
 
සෝමාවතිය පුදබිමට යන මාර්ගයේ කිලෝ මීටර් තුනක පමණ දුරක් අඩි හයක පමණ ප්‍රමාණයක්  සම්පුර්ණයෙන්ම ජලයෙන් යටව පවති.  
 
පුදබිම වෙත ආහාර පාන සහ සියලු ගමන් බිමන් යුද හමුදාව , පුලස්තිපුර පොලිසිය සහ ප්‍රදේශිය ලේකම් කාර්යාලය විසින් සිදු කරනු  ලබයි.
 
වෙනදා මෙන්ම සෝමාවතිය චෛත්‍ය වෙත බුද්ධ පුජාව ඇතුළු සියලුම පුද සත්කාර නොකඩවා සිදු කරන බවත් පවතින ගංවතුර තත්ත්වය දින කිපයකින් පහව ගිය පසු නැවැත බැතිමැතුන් වෙනුවෙන් සෝමාවතිය චෛත්‍ය වැද පුදා ගැනීමට විවෘත කරන බවත් උන්වහන්සේ සඳහන් කළහ.

 



අදහස් (15)

සෝමාවතිය පුද බිමත් ජලයෙන් යටවෙයි

කුරුප්පු Friday, 06 December 2019 05:15 PM

නව ජනාධිපති කෙනෙක් ආවා විතරයි මොකද රටට මේ තරම් විපත්?

:       4322       3582

මුණසිංහSaturday, 07 December 2019 12:47 AM

යහපාලන ආණ්ඩුවේ පවු සෝදා හරිමින් තමයි ඉන්නේ..

:       343       950

AithSaturday, 07 December 2019 03:31 AM

මේක විපතක් නෙමෙයි! මෝඩයන් හේදිලා යන්න තමයි වහින්නේ...

:       610       539

suranjithSaturday, 07 December 2019 06:58 AM

අහිංසක මිනිසුන්ගේ සේසත ගහගෙන යන එක හා ඔවුන්ගේ ජීවිත පීඩාවට පත්වීම ඔබට පෙන්නේ පව් සෝදා යමක් ලෙසට නම් ඔබ කන්නේ මොනවද කියලා හිතා ගන්න පුළුවන්. මිනිසුන්ගේ දුකේදීත් ඔබ වැනි අය කරන්නේ දේශපාලුවන්ට කඩේ යාමයි රටටම අබ සරණයි

:       8       644

sanjeewaSaturday, 07 December 2019 05:13 AM

නව ජනාධිපති කෙනෙක් ආවට රටට කෙලවෙනකන් බලාගෙන ඉන්න කුහකයෝ ටික තවම ඉන්නවනේ... ඒ අය ඉන්නකන් මේ රට ගොඩ දාන එක ලේසි නෑ.

:       37       891

janahitha Sunday, 08 December 2019 06:49 AM

බැංකුව හිස් නොකළ හින්දද, බෝම්බ පිපිරෙන්නේ නැති හින්දද ඔහොම කියන්නේ? පහුගිය කාලේ ඔබතුමා බස්වල ගියේ නැහැ නේද එඩිතරකම හින්දාම...

:       0       0

wimal Saturday, 07 December 2019 04:54 AM

අපේ රටේ වාසනාවට කවදාවත් නැතිව එකවර මුළු ලංකාවටම වැස්සා. පසුගිය අවුරුදු 4ක තිබුණු විෂබීජ ඔක්කොම හේදිලා ගියා...

:       257       428

Buddika Saturday, 07 December 2019 05:52 AM

එක එක අයගේ කතා. වහින්නේ රටේ කාලගුණයේ බලපෑම නිසයි. ඒකට දේශපාලනය හෝ වාසනාව අදාළ වෙන්නේ නැහැ. හැබැයි ලංකාවට කල් වැසි වහින්නේ නැහැ කාලෙක ඉඳලා...

:       3       113

AnuraSaturday, 07 December 2019 03:42 PM

වහල්ලු පැරදිලා ඉන්න කාලේ නම් දේව සාප කියයි

:       0       122

Dilan Saturday, 07 December 2019 05:53 AM

කරදරයක්, ආපදාවක් වගේ පෙනුණට මේ වැස්ස අවශ්‍යයි. ඊළඟ වසරේ මේ කාලය දක්වාම ගොවිබිම් අස්වැද්දීමට අවශ්‍ය වැව් අමුණු, ගංගා වලට අවශ්‍ය ජලය සහ භූගත ජලය ලැබෙන්නේ මේ වර්ෂාව නිසා. වර්ෂ අවසානයේ ලැබෙන ඊසාන දිග මෝසම් වැස්සෙන් මේ ප්‍රදේශවල ඇතිවන ගංවතුර සාමාන්‍ය තත්වයක්...

:       42       831

Athula kSaturday, 07 December 2019 02:53 PM

ඒ විතරක් නොවෙයි පිටාර තැන්න වගාවට යොදාගෙන රොන් මඩවල පොහොර තමයි බිම සරු කරන්නේ. 1914 ලංකා මැනීම කරපු සුද්දෝ ලියපු වාර්තා බලනකොට එවකට හිටපු මිනිස්සු භූ විෂමතාවය අපූරුවට කළමනාකරණය කරපු හැටි පේනවා...

:       0       28

sandy Saturday, 07 December 2019 06:14 AM

අපේ හිත්වලට දේශපාලනය යාවී ඇති ආකාරය ඉහල අදහස් වලින් මොනවට පැහැදිලි වෙයි.

:       2       29

isurandi Saturday, 07 December 2019 09:56 AM

මේ වෙන ආපදාවන්ට තාවකාලික පැලැස්තර නැතුව දිගුකාලින සැලසුම් නැතිද? ස්වභාවධර්මයා විසින් දෙන දේ වැළකිය නොහැකිය. නමුත් පෙර සූදානමක් තියෙනවා නම් මෙව්වා අවම කරගන්න බැරිද? මොකද මේ පුදබිම දන්නා කියන කාලේ ඉඳලා වැස්සක් වැස්සොත් යටවෙන බව දන්නවනේ...

:       2       23

Champa Saturday, 07 December 2019 02:03 PM

හපොයි දෙයියනේ. මෛත්‍රී ජනාධිපති කාලේ වගේමයි. හැමදාම මරණ. ස්වභාවික විපත්. දැන් ඒ මදිවට පූජා නගරත් ජලයෙන් යටවෙනවා. ලංකාවට බලපාල තියෙන මේ තත්වය කවදා නැතිවෙයිද දන්නේ නැහැ.

:       32       129

helabima Sunday, 08 December 2019 06:53 AM

මේ වෙන ආපදාවන්ට තාවකාලික පැලැස්තර නැතුව දිගුකාලින සැලසුම් නැතිද? තියෙනවා ජාල මුලාශ්‍රය කඳුකරයේ රට මැද සමතලා කර මුහුද ගොඩ කිරීම තමා විසඳුම.. පාර්ලිමේන්තුවේ උගතුන් කියන්නේ, රත්නපුරයෙන් උඩරටට සීමිත දුරකින් මහා ජල කන්දක් පහළට වැටෙනවා. එතැන් සිට පහත්බිම් හරහා මුහුදට ගලාබසිනවා. සීමිත බෑවුමකින් දිග දුරකින් ඉතින් ඔක්කොම යටවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1525 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1348 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 486 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site