IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිසුවියට අතවර කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට


 
 
(ජේ.කේ.එල්.චාමින්ද අහංගම සුමතිපාල දියගහගේ) 

 
පාසල් සිසුවියකට ලිංගික අතවර කළ විදුහල්පතිවරයකු අද (17) නීතිඥවරුන් දෙදෙනෙකු මාර්ගයෙන් පොලිසියට ඉදිරිපත් විමෙන් පසු අත්අඩංගුවට ගත් බව පිටිගල පොලිසිය පවසයි.


පාසල් සිසුවිය දෙවැනි වතාවට අපොස සාපෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකි. ඇයට පාසලේ දි විදුහල්පතිවරයා විශේෂ සැළකිල්ලක් දක්වා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත. 


මෙම සිසුවියගේ සහෝදරියන් දෙදෙනෙකු ද මෙම පාසලේ ඉගෙනුම ලබති. පාසල් දැරියගේ පියා හෘද රෝගී තත්වයක් හේතුවෙන් අසනීපව සිටින කාලයේ දී මෙම විදුහල්පතිවරයා  දැරියගේ නිවසට දෙතුන් වතාවක් පැමිණ ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ. ඊට අමතරව  විදුහල්පතිවරයා දැරිය සමඟ දුරකථනයෙන් ද කථා බහකර තිබේ.


ඉකුත් 11 වැනි දා පෙරවරුවේ  විදුහල්පතිවරයා පාසල් සිසුවියගේ නිවසට පැමිණ තිබේ. නිවසේ සිට ඇත්තේ පාසල් දැරිය හා අසුවැනි වියේ පසුවු  ඇයගේ සියා පමණි. මව තේ කම්හලේ රැකියාවට ගොස් තිබේ. පියාද නිවසේ සිට නැත.

මෙම අවස්ථාවේ  දී දැරියගේ නැන්දා කෙනෙකුද නිවසට පැමිණ තිබේ.  පසුව දැරිය මවත් සමඟ පැමිණ  පිටිගල පොලිසියට පැමිණිලි කර ඇත.පාසල් දැරිය අධිකරණ වෛද්‍යවරයකු වෙත යොමු කළ බවද පොලිසිය කියයි. 


සැකකාර විදුහල්පතිවරයා 46 හැවිරිදි වියේ පසුවන අවිවාහකයෙකි. ඔහු  බදාදා (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
 



අදහස් (13)

සිසුවියට අතවර කළ විදුහල්පතිවරයා අත්අඩංගුවට

Amarabandu Tuesday, 17 July 2018 03:20 PM

මෙවන් අයවත් එල්ලුම් ගස් යවන්න අවශ්‍යමයි

:       14       345

sirimal Tuesday, 17 July 2018 04:00 PM

"වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව" කීවාලු.

:       0       84

niresh Tuesday, 17 July 2018 04:04 PM

සිංහල බෞද්ධ රටට වෙලා තියන දේ තමයි මේ.

:       425       619

Kapila Tuesday, 17 July 2018 05:51 PM

සිංහල බෞද්ධ රටට කිසිම දෙයක් වෙලා නැහැ මහත්තයෝ... වෙලා තියෙන්නේ මේ සක්කිලියන්ගේ වනචරකම ඉහවහා ගිහිල්ලා. අනික හැම කෙහෙල්මලකටම බෞද්ධ රට බෞද්ධකම පටලවා ගන්න එපා. කව්ද දන්නේ ඔයකියන කෙනා බෞද්ධද, හින්දුද, කතෝලිකද, මුස්ලිම්ද කියලා.

:       0       0

Sarasi Tuesday, 17 July 2018 07:17 PM

අසරණකම නිසා ලංකාවේ පවුල් පිටින් අමාරුවේ වැටෙනවා. ගුරුවරයාව දෙවියන් වගේ විශ්වාස කටයුතු පරිසරයක් ලංකාවේ දැන් නැති බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කරමි. අපේ පාසල් කාලයේ සිටියේ ගුරු දෙවිවරුයි. මේ විදුහල්පති කවුරුන් හෝ දේශපාලකයෙකුගේ පිහිටෙන් ගැලවුනේ නැතිනම් මේ ලංකාව නෙවෙයි.

:       0       0

එර්දි Tuesday, 17 July 2018 08:24 PM

බෞද්ධකමවත්, සිංහලකමවත් නෙවෙයි අද රටේ මිනිස්සුන්ගේ නැහැදිච්චකම. අපේ රටේ වත්මන් තත්වයට වග කියන්න ඕනෑ අපමයි. දරුවෙක් පාරකට බහින තැනසිටම දුරාචාරය සමහරක් ශ්‍රව්‍ය ද්‍රශ්‍ය මාද්‍යයත්, රියලටි ෂෝ වලින් කරන්නෙත් ජාතිය විනාශ කිරීම... මේ තත්වයෙන් රට මුදවාගැනීමට කාටවත් වුවමනාවක් නෑ.

:       0       0

Mahee Tuesday, 17 July 2018 11:34 PM

ඔන්න ගුරු දෙගුරු සංගමේට අවස්ථාව පාරට බහින්න. අර දරුවෙකුට අතින් පයින් පහර දීල අබ්බගාතයෙක් කලහම එකට උසාවියෙන් දඬුවම් ලැබුණහම පාරට බැස්ස වගේ අවස්ථාවක්.

:       0       2

kalani Wednesday, 18 July 2018 03:38 AM

ලිංගික අධ්‍යාපනය දරුවන්ට ඉගැන්වීමේ අවශ්‍යතාවය මෙවැනි කරුණුවලින් පැහැදිලි වෙයි.

:       0       1

Uditha Wednesday, 18 July 2018 04:09 AM

ඉන්දියන් සාගරේ අමුතු ඇටය..... කුඩු තියනවා... දුෂකයෝ එන්නාව... හරි ලස්සන රටක්.... රට අරාජික වෙලා අවසන්. අපි අපේ දරුවන්ව මේ විදිහට කොහොමද ගුරුවරයෙක් ලගට යවන්නේ... ගුරුවරු කියන්නේ දෙවිවරු වගේ කොටසක්... දරුවන්ගේ ඇස් පාදන මිනිස්සු කොට්ටාසයක්.....

:       0       1

RIHAN Wednesday, 18 July 2018 04:22 AM

ස්ත්‍රී දුෂණ, ළමා දූෂකයන්ටත් එල්ලුම් ගහ තමා හරි.

:       0       1

pissa Wednesday, 18 July 2018 05:04 AM

ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, මිනී මැරුම්, මංකොල්ල කෑම්, සොරකම්, මුලා කිරීම්, මත් පෙති භාවිතය, කුඩු භාවිතය, පාතාලයේ බිය වැද්දවීම් හා එකී නොකී දෑ එමට තියෙනවා මේ සිරි ලංකාවේ. කිසිම පත්තරයක් නැහැ මින් එකක්වත් නැතුව. හොද සුක්ෂම වැඩ පිළිවෙලක් නැහැ සෑම දේම මුදලට යටවෙලා. ස්ත්‍රී දුෂකයෝ, මිනී මරුවෝ උසාවි ගෙනියනකොට මුහුණු ආවරණය කරනවා බෙරුනම තවත් අපරාදයක් කරන්න.

:       0       1

Sisira Wednesday, 18 July 2018 05:19 AM

නිකන් කලබල වෙන්න එපා මේ අයවත් කුඩුකාරයෝ වත් කවුරුත් එල්ලුම්ගස් යන්නෙ නෑ.. මේ රටේ කවුරු කොහොම දැඟලුවත් එල්ලුම්ගහ ආයෙත් ගේන්න වෙන්නේ නැහැ..

:       0       1

පිටිගල මිලානෝ Wednesday, 18 July 2018 05:29 AM

මේක ලංකාව. ඔය මිනිහව ඉක්මනින් ම ඔය චෝදනා වලින් නිදහස් කරල දෙන්න පුලුවන් තරම් කරුණාවන්ත නීතිඳයො නඩුකාරයොත් මේ රටේ ඉන්නව. ඊට පස්සෙ ඕකව ඔයිට වඩා හොඳ බාලිකා පාසලකම ප්‍රින්සිපල් කරල යවන්න තරම් හැකියාවක් තියෙන ප්‍රතිපත්තිගරුක දේශපාලකයො පරිපාලන නිලධාරිනුත් මේ රටේ ඉන්නව..

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 133 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 440 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 347 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 266 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 673 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


ජනපතිට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 1357 0

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන කටයුතු සඳහා තරුණ සේවා සභාවේ දේපල යොදාගැනීම පිළිබඳ විමර්ශනයක් කරන ලෙස ඉල්ලා අල්ලස් හා දුෂණ කොමිෂන් සභ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site