(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාරගත කර සිටින සිරකරුවන් 267 ක් මැතිවරණයෙන් පසු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අනුමැතිය ලැබි ඇතැයි බන්ධනාගාර කොමසාරිස් ( පාලන) බන්දුල ජයසිංහ මහතා අද පැවසීය.
මිනීමැරිම්,මංකොල්ල කෑම්,ස්ත්‍රී දූෂණ,ළමා අපචාර,මත්කුඩු ඇතුළු සංවිධානාත්මක අපරාධ ඇතුළු වැරදී 40 කට සම්බන්ධ නොමැති සිරකරුවන් පිරිසකට මෙලෙස නිදහස හිමි වේ.
වයස අවුරුදු 65 ට වැඩි සිරකරුවන් සඳහා මෙම සහනය ක්‍රියාත්මක වන බවද බන්ධනාගාර කොමසාරිස්වරයා (පාලන) පැවසීය.
COMMENTS
දැන් අර නිදහස දුන්නු කෙනා මොන වර්ගයට අයත්ද? හොඳට බලන්න හිටන් පිස්සුකෙලින එකේ සීමාවල් නැහැ. කොරහත් බිඳගෙන රටත් ඉවරෙටම ඉවරකරලා යන්නයි හදන්නේ...
මේ ටික එළියට ආපුවාම අපිට රටක් ඉතුරු වේද? එක අපරාධකාරයෙක් එළියට දාපු වැරැද්ද වහගන්න තවත් අපරාධ කාරයෝ මහගොඩක් එළියේ... ගිනිගහගෙනම යන්න වගේ කල්පනාව..
කුඩුකාරයෝ එල්ලනවා කියකිය ඉඳලා දැන් හිරේ ඉන්න අයවත් නිදහස් කරනවා. මහින්දව මිනිස්සුන්ට එපා වෙච්ච නිසා මෙයා ජනාධිපති වුණාට රටක් පාලනය කරන්න තරම් කොහෙත්ම සුදුසු නැහැ.
නිදහස් කරගන්න ඔය තරම් වලිකන එක්කෙනා ඔය ගොඩේ නැද්ද අප්පා?
UNP ය කෙරුවයින් කලේ නැහැ මේ වගේ දෙයක්. මෙයාව ගෙනැල්ල අන්තිමේ පක්ෂෙට තිබුණු තැනත් නැති කරගත්තා. රනිලුත් රට අරගෙන ඇදගෙන ගියා මිසක් දුෂණ නැති වුණාට හරියකට හොරු ඇල්ලුවේ නැහැ. සජිත් පරාද වුණොත් ඉතින් මේ අය තමයි වග කියන්න ඕනේ...
ලක්ෂ 62ක් ඡන්ද ගත්තේ කොහොමද කියලා හිතාගන්න බෑ. ලංකාවේ මිනිස්සු ඒ වෙලාවේ මොනවා හිතාගෙනද මන්දා මෙයාට ඡන්දේ දුන්නේ...
දුමින්දවයි, තංගල්ලේ සභාපතියි එළියට දාගන්න නේද මේ කුරුමානම...?
ජනාධිපති ඡන්දෙන් පස්සේ එයාට කොහෙද බලයක් තියෙන්නේ ඒවාට ඇඟිලි ගහන්ට? ඔය හදන්නේ ඡන්දෙන් පස්සේ කුඩුකාරයන් එකතුවෙලා එල්ලුම්ගහ යවන්න හදාවි කියලා බයට...
සිරිසේන ජනපතිතුමනි ඔබට, අප රට නොවටිනා බව අප තේරුම් ගත්තෙමු. නමුත් අපට අපගේ ඉදිරි දරු පරපුරට මෙම රට වටිනා බැවින් එය කිලිටි නොකර පුටුවෙන් බැස යන්න. ඉන්පසුව ඔබතුමාට අවශ්‍ය පින්දහම් පුරන්න. සිරකරුවන් නිදහස් කර ලබාගත හැකි පින් නොව පව් පමණි.
මේ රටේ ජනාධිපතිද? නැත්නම් උසාවියේ නඩුකාරතුමාද? මෙහෙම බලන්ගියොත් රටකට උසාවි වැඩක් නැහැනේ. ආවේ හොරු අල්ලන්න නමුත් දැන් ඉන්න හොරු ටිකත් නිදහස් කරනවා.
හිර ගෙදර සල්ලි ඉතුරු කරන්න කියලා ඔක්කොම හිරකාරයෝ නිදහස් කරයිද දන්නේ නැහැ. අපිටයි දැන් එල්ලෙන්න හිතෙන්නේ. අනේ අපිට මෙහෙම මෝඩ වැඩ දිහා බලන් ඉන්න වුනානේ?
ජනාධිපති වුනේ හොරු අල්ලනවා කියලා නමුත් අල්ලපු හොරෙක් නැහැ. කාට පේන්නද මේවා කරන්නේ, පෝයටත් නිදහස් කරන්න පටන් ගනියි ඔහොම යනකොට
මඩ සෝදා ගත් කල ගොවියා රජ කමටත් සුදුසුය කියපු කෙනාව මට හම්බ උනානම්...
තංගල්ලේ සබාපති කොහොමත් තව අවරුදු 3-4 කින් එලියට එනවා ,
පින් රැස් කරනවා වගේ මට පෙන්නේ.
නීතිය අතට ගන්න එපා.