IMG-LOGO

සිංහරාජය මැදින් පාරක් කැපීම ගැන යුනෙස්කෝවෙන් ප්‍රශ්න කරයි

තරිඳු ජයවර්ධන
 
ලෝක උරුමයක් වූ සිංහරාජ වනාන්තර මැදින් මාර්ගයක් කැපීම සම්බන්ධයෙන් සුදුසු ආයතන හරහා විමර්ශනයක් සිදු කරන ලෙස යුනෙස්කෝ සංවිධානය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.
 
යුනෙස්කෝ සංවිධානය වෙනුවෙන් ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ලේකම් ජනරාල්වරයා විසින් මෙම ලිපිය යොමු කරනු ලැබ ඇත.
 
පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය විසින් කරන ලද පැමිණිල්ලක් සැලකිල්ලට ගෙන මෙම දැනුම්දීම කර ඇති අතර එම ලිපියේ පිටපත් වනජීවී දෙපාර්තමේන්තුවට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇතැයි දැනගන්නට තිබේ.
 
මෙම මාර්ගය ඉදි කිරීම මගින් සිංහරාජ වනාන්තරයට දැඩි බලපෑමක් එල්ල වන බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ පරිසරවේදී ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා කළ පැමිණිල්ලේ සඳහන්වේ. 



අදහස් (33)

සිංහරාජය මැදින් පාරක් කැපීම ගැන යුනෙස්කෝවෙන් ප්‍රශ්න කරයි

Raveendra Friday, 11 January 2019 04:53 PM

යුනේස්කෝවෙන්ම ප්‍රශ්න කරනකම් බලා ඉන්නේ ඉහළ පුටුවල ඉන්නේ හරක්ද, එලගවයින්ද මසට හදන අම්බරුවන්ද? ඇහුවොත් අර ආචාර්ය මේ මහචාර්ය..., අර ඇමතිය මේ ඇමතිය වැරැද්ද හදාගන්න වටේ යනවා ...

:       1       574

NishanSaturday, 12 January 2019 01:11 AM

ඕක කැපුවේ මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලේ. සිංහරාජේ ඇතුලේ හෝටලේකුත් හැදුවා...

:       78       232

BamunuarachchiSaturday, 12 January 2019 09:52 AM

ඉතින් මහින්දගේ කාලේ කරපු නරක වැඩ නවත්වන්න එජාප ආවේ. ඉතින් මේ අය මහින්දගේ වැඩ කරන ගමන් රටත් හොර කරනවානම් මහින්ද හොඳයිනේ මේ අයට වඩා.

:       129       105

ruwan Sunday, 13 January 2019 04:47 AM

දැන් ඕක කරන්නේ අතිගරු ජනාධිපතිතුමා... ඇත්ත ඒකයි.

:       0       13

විජිත් Saturday, 12 January 2019 02:10 AM

මෙහෙමනේ රවින්ද්‍ර මල්ලි, ඔය ඉහළ පුටුවල ඉන්න අයට ' ඔඩ්ර්ස් ' දෙන්නේ දේශපාලකයන්නේ.. ඔය පාර හදන්නේ දේශපාලකයන් කීපදෙනෙකුගේ " හොර "වැඩකට කියලයි දැනට ආරංචිය තියෙන්නේ. ඉහළ පුටුවල ඉන්න නිලධාරීන් ගොඩකගේ " පිට කොන්දක් "නැහැ. ඉතින් දේශපාලුවා කීවොත් ...සිංහරාජයම කපලා දාන්න කියලා.. නිලධාරියා එයා යටතේ ඉන්න මිනිස්සුන්ව යවනවා.." සිංහරාජ අඩවියම ෆ්ලැට් කරන්න කියලා. ඒ හරක් රැල ඒ අණ නියමට පිළිපදිනවා. වාසනාවකට හරි සොබාදහමට ආදරය කරන සංවිධාන කිහිපයක් හරි රටේ තියෙනවා. ඒ අයත් නැතිවුනා නම්..දේශපාලකයොයි, මෝඩ නිලධාරිනුයි අපේ කැළෑවල පිනුම් ගහවි...

:       0       163

anuraSaturday, 12 January 2019 02:52 AM

1970 යුගයේදී සිංහරාජ වනාන්තරය එවක සිටි රජයන් කපන්න පටන් ගත්තා. රත්නපුර නිවිතිගල ආසන්නයේ දෑල පිහිටි ලී එකතුකරන මධ්‍යස්ථානයේ සිට එකල කැළැණි වැලි දුම්රියෙන් සාලාව (පහුගිය දවස් වල විනාශ වූ යුද හමුදාව අයුධ ගබඩා ව තිබූ ස්ථානය) තුනී ලෑලි සංස්ථාවට දැව ප්‍රවාහණය කර තුනී ලෑලි සාදන්නට පටන් ගත්තා.1970 පෙර ආණ්ඩුව හෝටන් තැන්න හෙළි පෙහෙළි කර අර්තාපල් වැව්වා. එතකොට විකට කතාවකුත් තිබුනා "...ජාතික පොළේ " කියලා....

:       0       33

ලසන්ත Saturday, 12 January 2019 05:49 AM

පැරණි නුවණැති මිනිස්සු ඕවට අත තිබ්බේ නෑ. මොකද ඒවයේ විද්‍යාව දැනගෙන සිටියා. විවිධ උපාය යොදලා සාමන්‍ය මිනිසුන්වත් එවැනි දේ වලින් වැළකුවා. බටහිර දැනුම ලැබූවන් 70 කාළේ හිතුවේ වනාන්තර පස ඉතා සාරවත් කියලා. පසුව එම දැනුම අළුත් වෙනකොට දැනගත්තා මේවායේ පවතින්නේ ස්වාභාවික චක්‍ර කියලා...

:       1       4

AkilaSaturday, 12 January 2019 02:45 AM

ඉහළ පුටුවක ඉන්න එක් අයෙක් නම් හිරිවැටිලා ඉන්නේ.., එයාට මේවා මුකුත් තේරෙන්නේ නැහැ. පුදුමේ කියන්නේ එයාගේ හිරිවැටිල්ල හොයාගත් අනෙත් එක්කෙනාටත් ඒ ලෙඩේම හැදිලා වගේ දැන්....

:       0       39

kuamari Friday, 11 January 2019 05:13 PM

අැයි එතකොට විල්පත්තුව?

:       1       278

NuwanSaturday, 12 January 2019 02:10 AM

විල්පත්තුව කියන්නේ ලෝක උරුමයක් නෙමේ. එ්කයි ඒ ගැන අහන්නේ නැත්තේ යුනේස්කෝවෙන්.

:       0       82

BamunuarachchiSaturday, 12 January 2019 12:21 PM

විල්පත්තුව ලෝක උරුමයක් නොවුනාට එය ජාතික උරුමයක්. ඒ උරුමය විනාශ කලා.

:       0       15

tommySaturday, 12 January 2019 12:42 PM

මේ ස්ථාන ලෝක උරුම යයි පැවසුවාට, ඒවා ලෝකයට අයත් නොවන අතර ඒවා අයත් වන්නේ ලංකාවටයි. ලංකාවට අයත් ස්ථාන, රටට අවශ්‍ය පරිදි ප්‍රයෝජනයට ගැනීමට ලෝකයෙන් අවසර ගත යුතු නැත.

:       23       9

BamunuarachchiSaturday, 12 January 2019 05:17 PM

ඔය ටෝමි කීවේ එයා දන්නා හරිය. එජාපෙ ඔක්කොම ඔහොම තමයි. ලෝක උරුම වුනාම ඒවා සංරක්ෂණය කර ගැනීමට යුනෙස්කෝව ආධාර කරනවා ඒවායේ පැවැත්ම ගැන සොයාබලනවා.

:       41       11

sudath Friday, 11 January 2019 06:29 PM

නොපෙනෙන බලවේග අද සියල්ල පාලනය කරන්නේ... ඉහළ සිට පහළට සියලු දේශපාලකයෝ හා නිලධාරීන් අල්ලේ නැටවෙන රූකඩ තමයි පුම්බගෙන හිටියට...

:       0       93

lanka Friday, 11 January 2019 08:10 PM

මෙය බලු බැල්මට මෙය මහා මාර්ගයක් නොවන අතර වනය නැරබීමට එන අයට ඇවිදගෙන යාම සඳහා තනනලද මාර්ගයක් පමණි. මා සිතන්නේ අපි අපේ රටේ දේවල් අපට අවශ්‍ය හැටියට කරනවා විනා, යුනෙස්කෝව කියන ආකාරයට වැඩ කල යුතු නැති බවයි.

:       141       1

ajithSaturday, 12 January 2019 06:52 AM

ලංකා, ඔයා වගේ තව ටික දෙනෙක් හිටියොත් ලංකාවට අබ සරණයි.

:       0       2

nimalsiri Saturday, 12 January 2019 01:56 PM

ඔයා දන්නවද ඔය පාර හදන්නේ ලෝක බැංකුවේ ප්‍රතිපාදන වලින් බව..?

:       0       15

ගයාන් ප්‍රියන්තSaturday, 12 January 2019 03:48 PM

සිංහරාජය වගේ රක්ෂිතයක් ඇතුලට මහා මාර්ගයක් තියා වෙනත් කිසිම විදියක මාර්ගයක් අවශ්‍ය නෑ. ඒකෙන් ස්වභාවික පරිසර පද්ධතියට ලොකු බලපෑමක් වෙනවා. අනික පාරක් හැදුවාම හැම කෙනාම මේකට රිංගනවා. මේකෙ කිසිම වටිනාකමක් දන්නැතුව ඔහේ හැමකෙනාම යනවා. අපි එතෙන්ට ගිහින් තියනවා කියලා ෆේස්බුක් දාන්න ඕනේ අය විතරක් ඉන්නවනේ. පාරක් නැති උනාම මේකට යන්නේ පරිසරයට ඇත්තටම ආදරේ අය විතරයි.

:       0       12

sunil g Saturday, 12 January 2019 04:20 AM

කව්ද අපේ රටේ පරිසර ඇමති මෙච්චර දෙයක් වෙනකන් සද්ද නැතිව හිටයේ?

:       0       14

Maime banda Saturday, 12 January 2019 05:56 AM

මේ පාර කපන්න පටන් ගත්තේ නාමල් බේබි ඒ ගොල්ලන්ගේ බලය කාලේ මේක කපාගෙන නිදහන් හාරාගෙන තමයි ඉස්සරහට ගියේ... ඒ දවස්වල හුඟක් දෙනෙක් මේකට විරුද්ධ වුණත් බලය උපයෝගී කරගෙන මේක විනාශ කරගෙන ගියා..

:       100       139

TIKIRISaturday, 12 January 2019 07:26 AM

සිංහරාජේ පැත්තට තවමත් ජනාධිපති මහින්දද ? මේ රජය තවමත් වැඩකරන්නේ මහින්දට ඕන විදියටද ?

:       28       1

BamunuarachchiSunday, 13 January 2019 06:24 AM

දැන් මෙරට කෙරෙන්නේ ගොබ්බ රැලකට වුවමනා විදිහටනේ... එ්කනේ රට අවුරුදු 4ක් එකතැන පල්වෙන්නේ...

:       82       1

සමන්ත Saturday, 12 January 2019 09:41 AM

ලංකා ඔයා යුනෙස්කෝව කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ඇති.. යුනෙස්කෝව නැත්නම් අද අපේ රටේ ඉතිහාසය මකලා දාලා ගොඩක් කල්.. යුනෙස්කෝව නිසා තමා අපට අපේ දේවල් මෙහෙම හරි ඉතුරුවෙලා තියෙන්නේ.. සිංහරාජය ලෝක උරුමයක් නොවෙන්න ඒකට විල්පත්තුවට වෙච්ච දේ මීට කලින් වෙන්නේ.. දැන්වත් පාට කණ්නාඩි ගලවලා ලෝකේ දිහාවේ බලන්න..

:       0       11

lankaSunday, 13 January 2019 05:52 AM

සමහරෙක් ඔය ඉතිහාසයේ කබල්ගාමින් අතීතයේම ජීවත්වන නිසා තමයි අද ලංකාව එකතැන පල්වෙන ජාතියක් වෙලා තියෙන්නේ. එමනිසා ඔය ඉතිහාසේ ටිකක් මකාගත්තට කමක් නැහැ. විල්පත්තුව සතුන්ගේ අභය භූමියක් යයි කීවේ සුද්දන් විසිනුයි. එය සැමදා එසේම තිබිය යුතු නැත. වැඩිවන ජනගහනයේ අවශ්‍යතා සඳහා එහි ජනාවාස ඇතිකිරීමේ වරදක් නැහැ. පසුගිය ශතවර්ෂයේ මුල් භාගයේදී කොළඹ ප්‍රධාන නගරයට දකුණින් වූ භූමිභාගය සතුන්ගෙන් ගහන වන පෙදෙසක් වුවත්, අද එම ප්‍රදේශය මිනිසුන් විශාල ප්‍රමාණක් වසන ජනාවාස බවට පත්වී ඇත. එසේනම්, කොළඹ අවට අතීතයේ තිබූ වනගත ප්‍රදේශ කපා හෙළි කිරීමත් වරදක්ද?

:       11       9

Bamunuarachchi Saturday, 12 January 2019 12:13 PM

මෝඩකම ලෝකෙට පෙන්වන්න එපා. අපට ඕන විදිහ තමයි ලෝක උරුමයන් හැටියට තිබෙන දේවල් පවා විනාශකර ගස්ටික කපාගැනීම. යුනෙස්කෝව කරන්නේ ලෝක උරුමයන් රැකගැනීමට කටයුතු කිරීම. සියල්ලටම පළමුව යුනෙස්කෝවේ කාර්ය භාරය මොකක්ද කියා දැනගන්න.

:       0       3

aravinda Saturday, 12 January 2019 12:30 PM

අපි වැඩ කල යුත්තේ අපේ රටේ අවශ්‍යතා මත විනා, යුනේස්කෝව හෝ වෙනයම් එන්.ජි.ඕ කියන ආකාරයට නොවේ.

:       24       2

DD Saturday, 12 January 2019 10:26 PM

අපේ රටේ ඉන්න හොර දේශපාලකයෝ එ්කත් කන්නද හදන්නේ? උඹලාගේ මොලේ කොහෙද තියෙන්නේ...?

:       0       1

mo Saturday, 12 January 2019 10:47 PM

පළමුව සිංහරාජ වනය ලෝක උරුමයක් කරන්න හේතුව හොයලා බලන්න. අනික අපේ රට කෙලවාගෙන තියෙන්නේ අපිට ඕන ඕන විදියට වැඩ කරන්න ගිහිල්ල තමා. මේක ආරක්ෂා කල යුතු උරුමයක්.

:       0       1

Bamunuarachchi Sunday, 13 January 2019 06:21 AM

aravinda දන්නා මගුලක් කතා කරන්න හලෝ... සිංහරාජය විතරක් නොවෙයි සංරක්ෂණය කළයුතු භාෂා 10ට සිංහල භාෂාවත්, සංරක්ෂණය කළයුතු භාෂාවත් හැටියට යුනෙස්කෝව විසින් නම් කර තිබෙනවා. පාදඩ සිංහලයෝ සිංහල භාෂාවේ වටිනාකම දන්නේ නැහැ. සිංහල භාෂාව කන්නේ සිංහල TV නාලිකා. නමුත් දෙමල භාෂාව දමිලයින් රැක ගන්නවා. මාසමග වාදයකට පැටලුන ඩයස්පෝරා දමිලයෙක් දෙමල භාෂාවට එකතුවුණු වෙනත් භාෂාවක එක වචනයක් පෙන්නන්න කියලා මට අභියෝග කළා. නමුත් සිංහල භාෂාවේ දෙමල සිට පරංගි භාෂාවේ වචන තිබෙනවා. කියන්නේ නම් "අපි වැඩ කල යුත්තේ අපේ රටේ අවශ්‍යතා මත" එහෙම කරලා තමයි අපි ලෝකය ඉදිරියේ බාල්දුවෙලා තිබෙන්නේ. නිදහස් දවසේ ලැප්ටොප් ඩාන්ස් දාන්න හදපු නිවට සිංහලයෝ මේ රටේ ඉන්නේ...

:       47       19

RaveendraSunday, 13 January 2019 11:14 AM

Bamunuarachchi මයා වෙත, ඔබගේ නිවැරදි අදහස් අප අගය කරන්නෙමු. අර නාලිකාලා, මේ නලිකාලා අපගේ මව්බස විනාශකරමින් සිටින බව නව පරපුර කෙසේවෙතත් අම්බරුවන් 225න් කීයෙන් කීදෙනෙක් දන්නේද යන්න ගැටලුවකි. කෙනෙකු තමන්ගේ මව්බස නිසිලෙස හැසිරවීමට නොදන්නේ යන්නෙන් අදහස් වන්නේ ඔහු හෝ ඇය ගැන කීමට වචන නැති බවයි. නමුත් නූතන අප සමාජයේ අවජාතකයන් තම මව්බස නොදන්නවා යයි කියන්නේ උජාරුවෙනි. නැවතත් මෙසේ ලිවීමට කැමැත්තෙමු. ඕනෑම පුරවැසියකුට රාජද්‍රෝහියකු වීමේ (පවතින ඕනෑම රජයකට) අයිතියක් ඇති නමුත් කිසිඳු පුරවැසියකුට තම උපන් මව්බිමට ද්‍රෝහීවීම නොහොත් දේශද්‍රෝහියකු වීමේ කිසිදු අයිතියක් නැතිබවයි. තම මව්බස විනාශ කරන්නෝද දේශද්‍රෝහීන්ය...

:       0       4

himalSunday, 13 January 2019 01:57 PM

බමුණු, ඔයා එහෙම නම් ඉන්දියානු සාමාන්‍ය දෙමළ තරුණයෙක් කතා කරනවා බලන්න කොච්චර ඉංග්‍රීසි වචන අතර මැදින් දාලා කතා කරනවද බලන්න? ඉංග්‍රීසි බසට ලෝකේ භාෂා කීයක වචන එකතු වෙලා තියෙනවද? යම් බසකට විදෙස් බසකින් වදන් එකතු වෙනවා කියන්නේ ඒ බස තව ඉදිරියට යනවා කියන එක.

:       0       0

aravinda Sunday, 13 January 2019 02:26 PM

සිංහල භාෂාව රැකගත යුත්තේ රට තුළ වසන මිනිසුන් වන අතර ඒ සඳහා යුනෙස්කෝවට කළ හැකි කෙන්ගෙඩියක් නැත. TV නාලිකාවේ කියන දේ අසා තමන්ගේ භාෂාව වනසා ගන්නවා යයි කියන්නේ, තමන්ගේ ආත්ම ශක්තියේ ඇති දුර්වලතාවය විදහාපෑමක් පමණි...

:       0       0

Bamunuarachchi Sunday, 13 January 2019 05:57 PM

හලෝ අතර මැදින් දාන වචන ගැන නොවෙයි කියන්නේ බාශාවට එකතුවී තිබෙනවාද කියන එකයි කතා කරන්නේ. අපිත් සමහර අවස්තාවලදී බොහොම ස්තූතියි කියනවා. ප්‍රශ්නය දෙමළ භාෂාවට එකතු වූ සිංහල වචන මොනවාද? නමුත් සිංහල භාෂාවට එකතු වූ දෙමළ වචන බොහොමයි. කුලම්, වඩේ, කඩේ මේවා අපේ භාෂාවට එකතුවුණු දෙමල වචන. ඉංග්‍රීසි භාෂාවට හැමදාම වචන එකතුවෙනවා. ඔබ දන්නවාද "aswaddumization" කියන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසියට ගියේ අස්වැද්දුම කියන සිංහල වචනයක් බව. ගූගල් සර්ච් කර බලන්න. මම කියන්නේ දමිලයින් ඔවුන්ගේ භාෂාව සංකර කරගෙන නැහැ. එමනිසා පැරණිකමේ වටිනාකම තිබෙනවා. නැතිනම් ඔරිජිනල් තත්වයේ තිබෙනවා. ඒ ගැන දමිළයින් ආඩම්බරයෙන් කතා කරනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 132 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 674 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site