(හේමලතා ඞී හේවගේ)
එදා වැලි පිල්ලේ,ගල්ලෑල්ලේ ඊට පස්සේ කළුලෑල්ලේ ඊටත් පස්සේ වයිඩ්බෝඩ් දැන් පංති කාමරවලට ඇවිල්ලා තියෙන්නේ ඩිජිටල් බෝඩ් තව මාසයක් දෙකක් යනකොට ටැබ් පරිගණක සිසුන්ට ලබාදෙනවා යැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් මහතා පැවසීය.
ඒ මහතා මෙලෙස පැවසූවේ ගිරිඋල්ල අධ්‍යාපන කළාපයට අයත් හෙන්ඩියගල ශ්‍රී රතන ජෝති මහා විද්‍යලයේ රුපියල් ලක්ෂ පන්සීයයකට මුදලක් වැයකර ඉදිකළ දෙමහල් තාක්ෂණික ගොඩනැගිල්ල , ප‍්‍රාථමික ඉගෙණුම් මධ්‍යස්ථානය ඇතුළු ද්විතීය කණිෂ්ඨ විද්‍යාගාරය අද (19) සිසු අයිතියට පත්කිරීමෙන් අනතුරුව පැවති උත්සවයේදීය.
ජාතික පාසල්වල සිටින උසස් පෙළ කරන සියලුම පාසල් දරුවන් ඇතුළු ගුරුවරුන් ලක්ෂයකට පමණ මුල් අදියරේ ටැබ් පරිගණක ලබා දෙනවා. මේ දවස්වල ඒ වැඩ ටික සිදු කෙරෙනවා.
තව මාසයකින් පමණ මේ රටේ ඉන්න උසස් පෙළ කරන දරුවන්ට හා උසස් පෙළ උගන්වන ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදෙනවා. ටැබ් පරිගණකය කියන්නේ අද මේ ඉන්න ගුරුභවතුන්ට අමතරව ඉන්න ඩිජිටල් ගුරුවරයා.
ඩිජිටල් ගුරුවරයෙක් අපි ඇති කරලා තියෙනවා.ඒ ඩිජිටල් ගුරුවරයා වැඩිකල් යන්න ඉස්සෙල්ලා පාසල් වලට ලබාදෙන්න අපි සැලසුම් කරලා තියනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට කලින් ළමයින්ට ඉගෙනගන්න සුදුසු ගොඩනැඟිල්ලක් වත් නැති පාසල් ගැන හොයලා බැලුවොත් නරකද?
සෑම පාසලකටම ඉදිරියේදී ඩිජිටල් ගුරුවරයෙක් ? ලෝකයේ දියුණු රටවල නොමැති ගොඩනැගිලි විවෘත කිරීම් සමරු පලක, තම තමුන්ගේ නම් ලියා තිබෙනවද කියා හොඳ පරීක්ෂා කලත් මේ සියල්ල සිදුවන්නේ මහජනත්වගේ මුදලින් නිසා මින්පසු ඔය නම් ලියාතිබෙන පුවරුවේ " මහජනත්වගේ බදු මුදල් වලින් මෙම ගොඩනැගිල්ල ඉදිකර මහා ජනතාවවෙත ඔවුන්ගේ ප්‍රයෝජනය සදහා ලබා දෙනලදී " කියා ලියා තබන්න. එවිට මහජතාව මිටවඩා ඔබසැමට ගරු කරාවි.
ටැබ්, ඒ එක්කම ඩිජිටල් ගුරුවරු එනකොට එංගලන්තේ කුණුත් ඇවිල්ලා. අපිට දැන් මොනවයින්ද අඩු!
එතකොට ජාතික පාසල්වලට නොයන ළමයින්ට වෙන්නේ ඒ ජාතික පාසල්වලට යන ළමයි ඩිජිටල් ක්‍රමයට ඉගෙන ගනිද්දී ගස් යටට වෙලා ඉන්නද? ඔන්න ඔහොමයි ගමේ ඡන්ද ගන්න යන්නේ? බයවෙන්න දෙයක් නැහැ... ගම සජිත් එක්කලා කියනවනේ..?
අකිල, යම් කිසි දෙයක් කරන්න පෙර ඒ ගැන හොද සමික්ෂණයක් කරන්න. ලංකාව කියන රට කොතනද ඉන්නේ කියල හොදින් අවබෝද කරගන්න. කොළඹ නුවර වැනි සිමිත පළාත් කිහිපයක හැර අනිකුත් ගොඩක් පාසල් වල ගොඩනැගිලි අබලන් තත්වයේ තියෙන්නේ, වැසිකිලි පහසුකම් නැහැ, විද්‍යාගාර, පුස්තකාල පහසුකම් නැහැ. ඒ වගේම ජලය, විදුලිය නැහැ.. ප්‍රථමයෙන් ඒ පහසුකම් හදන්න... ටැබ් එක පස්සේ දෙන්න.
දැන් කට්ටිය බලන් ඇති ටැබ් එක ගෙදර ගෙනියන්න....... පව්.
ඒ කියන්නේ රෝබෝවෙක්ද ? " අනිච්චේ දුක්කේ " ළමයිට ඉන්න ගොඩනැගිල්ලක් නැහැ යන්න වැසිකිලියක් නැහැ උගන්වන්න ගුරුවරු නැහැ..... දුෂ්කර පළාත්වල මුන් දරුවන් විදින්නේ අපාදුකක් මුන්ම මන්ද බුද්ධිකයෝ වගේ වැඩ කරනවා....... අපේ රටට වෙලා තියෙන්නේ රොබෝලා දේශපලකයන් වීම රටේ අවාසනාවයි
ඒ කියන්නේ රොබෝවෙක්ද? "අනිච්චේ දුක්කේ" ළමයින්ට ඉන්න ගොඩනැගිල්ලක් නැහැ. යන්න වැසිකිළියක් නැහැ. උගන්වන්න ගුරුවරු නැහැ. දුෂ්කර පළාත්වල දරුවන් විදින්නේ අපදුකක්.. අපේ රටට වෙලා තියෙන්නේ රොබෝලා දේශපාලකයින් වීම රටේ අවාසනාවයි.
ඒ කියන්නේ රෝබෝවෙක්ද? "අනිච්චේ දුක්ඛේ" ළමයින්ට ඉන්න ගොඩනැගිල්ලක් නැහැ. යන්න වැසිකිළියක් නැහැ. උගන්වන්න ගුරුවරු නැහැ. දුෂ්කර පළාත්වල දරුවන් විඳින්නේ අපාදුකක්.. මුන්ම මන්ද බුද්ධිකයන් වගේ වැඩ කරනවා. අපේ රටට වෙලා තියෙන්නේ රොබෝලා දේශපාලකයින් වීම රටේ අවාසනාවයි..
විදුලිය නැති දා.. හා හා ආව් ආව් ආපි ඔන්න නිවාඩු කාලේ...
පාසල්වල වැසිකිළි ටිකයි, පිරිසිදු පානීය ජලය ලබලා දෙන්න, ගොඩනැගිලි අලුත්වැඩියා කරලා දෙන්න... නැගලා යන තවුසන්ඩ් ටෝක් එපා.
ඔය ලොකු කතා කියුවට ඔය මිනිහට ඕන ඌ යන්න කලින් කුට්ටිය විතරයි. ඔය ටැබ් වලට දාන්න තාම විෂය මාලා සංයුතියවත් හදාගෙන නෑ. ඕන කෙනෙක් ජාතික අධ්‍යාපන ආයතනයෙන් අහල දැන ගන්න. අපි ගොනුන කියල හිතාගෙන මුන් ඔක්කොම ළමයින්ගේ අනාගතේ අපිට පෙන්නල කොමිස් ගහනවා. ළමයි ටැබ් එක අරන් මෙනාද බලන්නේ. අනික එක ළමයෙකුට දෙන ටැබ් එක තව ළමයෙකුට පාවිච්චි කරන්න බෑ. ඒක දෙන ළමයගේ එහෙම නම් ඊලගට එන ළමයි කණ්ඩායමටත් ටැබ් දෙන්න ඊලග අවුරුද්දෙත් මේ වගේම බිලියන ගානක් වැය කල යුතු වෙනවා. අවුරුදු පත් එහෙම වැය කරන්න මේ නිදහස් අධ්‍යාපනේ දෙන රටේ සල්ලි තියනවද. ම්න හදන්නනේ වෙනම ගේමක් ගහන්න. අනික දැං ඔය ටැබ් කැඩුනාම හදන්නේ වයිෆයි වලට බිල් ගෙවන්නේ මේවයේ නඩත්තු කරන්නේ කව්ද? කිසිම සැලසුම්ක් නැති කොමිස් වැඩ මේවා. අවුරුදු ගානක් පරණ විෂය නිර්දේශ උගන්ව උගන්ව ළමයින් ටැබ්එක විතරක් දීල ළමයි ලෝකෙට යවන්න බෑ. උන්ට නූතන අධ්‍යාපන ක්‍රම යටතේ නවීන ලෝකය පිලිගත් අධ්‍යාපනයක් ලබලා දීලා ටැබ් දුන්නට අපි විරුද්ධ නෑ. ඒත් මේ කරන් වින්නැහියෙන් නම් යයි අපේ ළමයි හා අධ්‍යාපනේ නන්නත්තාරයි. නුඹලා මේ කරන පර වැඩවලට හොදක් වෙයි කායල හිතන්න පුළුවන්ද.
අර වොක්ස්වැගන් කාර් කම්මල දැම්මා වගේද ඕකත්...?