
(දිලීප් ජයසේකර)
සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා වීරවිල කුඩාගම්මාන 07 හි පිහිටි හ/අභයපුර සුරනිමල ප්‍රාථමික විද්‍යාලයට අද (5) පස්වරු 4.45 ට පැමිණියේය.
සජිත් ප්‍රේමදාස මහතා සමඟ බිරිඳ ජලනි ප්‍රේමදාස මහත්මිය ද ඡන්දය ප්‍රකාශ කිරිමට පැමිණ සිටියාය.
අද (5) පෙරවරු 7.00ට සිට මාධ්‍යවේදීන් ඇතුළු පිරිස සජිත් ප්‍රේමදාස මහතා ඡන්දය ප්‍රකාශයට පත් කිරිමට පැමිණෙන තෙක් සුරනිමල විද්‍යාලය අසළ රැඳී සිටියේය.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා සිය ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමිණියේ ඡන්ද විමසීම අවසන් වීමට සුළු වේලාවකට පෙර අතර ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙන අයුරු දැකගත හැකිවිය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ ඡන්දය දාන්න එන්නෙත් පරක්කු වෙලා නම් අනික් වැඩත් සුපුරුදු පරිදි පරක්කු වෙයි.
සුබපැතුම් අගමැතිතුමනි බුදු සරණයි...!!!
මම වෙමි ආර්යාව මෙයාට සිටින... මට නම් සිටින්නේ භාර්යවකි ගෙදරම සිටින... ආර්යාව, භාර්යාව ගැන වෙනසක් තිබෙනවද... දන්නා උගතෙකු සිටී නම් මේ ගැන කියනවද...
මෙතුමා විතරයි රාහු කාලය පන්නලා ඡන්දෙ දැම්මේ. මේ පාර දිනනවා ෂුවර්!
වෙලාවටනේ වැඩ.. මේ පාර දවස් කීයක් අතුරුදහන් වෙයිද දන්නේ නෑ..
එහෙනම් නින්ද යන්න ඇති ...
අවරට වරඩ කරන කොට ඔහොම තමයි උදේම ඡන්දෙ දැම්මා නම් අර අහිංසක මිනිස්සුන්ට පොඩි මොරාල් එකක් එනවනේ... කළින්ම ප්‍රතිඵලේ දැනගෙනවත්ද මන්දා...
ආර්යාව කියන්නේ මහජන මුදලින් නඩත්තුවන භාර්යාවටද?