(ජේ.කේ.එල්. චාමින්ද)

වාරකන් කාලය ආරම්භවිමත් සමග  කොග්ගල වෙරළ ආශ්‍රිතව රිටිපන්න ධිවර කර්මාන්තය ආරම්භ වි  තිබේ.

කොග්ගල සිංහ ගම්මානය ආශ්‍රිත වෙරළ තිරයේ රිටිපන්න ධිවර තොටුපොලවල් තුනක් පිහිටා ඇත. මෙකි තොටුපොළවල් ආශ්‍රිතව රිටිපන්න ධිවර කාර්මිකයින් 100  වැඩි පිරිසක්   මෙම කාලයේ දි රිටිපන්න ධිවර කර්මාන්තයේ නිරතව සිටිති. 

කොරෝනා වසංගතය නිසා  රැකියා අහිමිවු  සංචාරක  මගපෙන්වන්නන්, සහ සංචාරක කර්මාන්තයේ නිරතවු ඇතමුන්ද මේ දිනවල රිටිපන්න ධිවර කාර්මාන්තයේ නිරතව සිටින බව සාම්ප්‍රදායික රිටිපන්න ධිවර කාර්මිකයෝ පවසති.

 වාරකන් කාලයත් සමග රිටිපන්න ධිවර සමය ආරම්භවන අතර   මෙම තත්වය නිසා සාම්ප්‍රදායික රිටිපන්න ධිවර කාර්මිකයින්ගේ අතමිට සරුවි තිබේ. එහෙත්  කොරෝනා වසංගතය නිසා විදේශිකයින් නොපැමිණිම හේතුවෙන් රිට මත නැගි විදේශිකයින්ට  ඡයාරූප ගැනිමට සැලැස්විමෙන් යම්කිසි ආදායමක් උපයාගත් රිටිපන්න ධිවර කාර්මිකයෝ අසරණ තත්වයට පත්ව සිටිති. 

නයිලොන් දැල් භාවිතාකරමින් මසුන් ඇල්ලිම නිසා රිටිපන්නට ධීවරයන්ලේ බිලී පිත්තට හසුවන කොරඹුරුවෝ සාලයෝ වැනි මසුන් බෝවිමේ අඩුවක් දක්නට ඇති බවද රිටිපන්න ධිවර කාර්මිකයින් පවසති.

 කොග්ගල සිංහ ධිවර ගම්මානයේ පාරම්පාරික ධිවර කාර්මිකයකු වන  ජි ඩබ්ලිව් රම්‍යසිරි (58) මෙසේ කිවේය.‍

මැයි මාසයේ  සිට ඔක්තොබර් දක්වා  කාලය තමයි රිටිපන්නය හොදටම කරන්න පුළුවන්. ඒ කාලයට තමයි කොරඹුරුවෝ සාලයෝ වැනි මසුන් වෙරළආසන්නයට එන්නේ. මිට  වසර ගණනාවකට  පෙර නමි වර්ෂය මුළුල්ලේම රිටපන්න ධිවර කර්මාන්තය කළා. දැන් එහෙම කරන්න බැහැ.   එන්ජින් බෝට්ටු වලින් ගොස් දැල්දමා මාළු ඇල්ලිම නිසා කොරඹුරුවන් වගේ කුඩා මසුන් වඳවෙලා ගිහින්. දැලට හසුනොවන මාළු ටික තමයි වෙරළට එන්නේ. 
වෙනදා කොරඹුරුවෙකු ග්‍රැම් 150ක් පමණ බරක් තිබුනා. දැන් නම් ග්‍රැම් 50ක වගේ බරින් යතු කොරඹුරුවෝ තමයි හසුවන්නේ. 

කොරෝනා කාලයෙත් අපි මාළු ඇල්ලුවා. ඒ කාලයේ දි මාළුටික ආපු එක රිටිපන්න ධිවර කාර්මිකයින්ට විශාල සහනයක් වුනා. නමුත් කොරෝනා වසංගතය නිසා දැන් විදේශිකයින් එන්නේ නැහැ. රිටමත නැගලා විදේශිකයින්ට ඡයාරුප ගැනිමට සලස්වා යම්කිසි ආදායමක් ලබාගත් අයගේ ආදායම නම් අහිමිවෙලා තියෙනවා. 

 වාරකන්  කාලයත් සමග රිටිපන්න ක්‍රමයෙන් මසුන් ඇල්ලිමේ සමය දැන් ආරම්භවෙලා තියෙන නිසා  සංචාරක කර්මාන්තය ඇතුළු  වෙනත් රක්ෂාවල නිරතව සිටි කොග්ගල ගමේ අයත් මේ දිනවල රිටි පන්න කර්මාන්තයේ නිරතව ඉන්නවා. ඒ අයගෙත් ප්‍රධාන ජිවන මාර්ගය බවට රිටිපන්න ධිවර කර්මාන්තයේ නිරතවෙලා ඉන්නවා.

 බි.ඩබ්ලිව් කිත්සිරි (51) පාරම්පාරික රිටිපන්න ධිවර කාර්මිකයෙකි. ඔහු මෙසේ කියයි. 

දැනටනම් කිසිදු කරදරයක් නැතිව රිටිපන්න කර්මාන්තය කරගෙන යනවා රිටිපන්නයෙන් මාළු අල්ලා එවා විකිණිමෙන් ලැබෙන ආදායමෙන් තමයි අපි ජිවත්වෙන්නේ. මේ වාරකන් කාලයේ දි මාළුත් හොදට  හසුවෙනවා.දවසකට රුපියල් 1500ක් විතර හොයා ගන්නවා.  
 පාරම්පාරික රිටිපන්න ධිවර කාර්මිකයකුවන එම්. ඒ. ආරියසේන (70) මහතා මෙසේ කිවේය.

 අපේ ප්‍රධාන ජිවන මාර්ගය තමයි රිටිපන්න ධිවර රක්ෂාව. කොරෝනා සමයේ දි මේ රැකියාව තමයි අපිට පිහිටවුනේ. උදේ පාන්දර හා හවස්වරුවේ මාඵ ඇල්ලිමට එනවා. කොහොම හරි එදානෙදා වියහියදම හොයා ගන්නවා. 

මාළු එන්නේ උදේ පාන්දර  මේ දිනවල වැඩි වශයෙන් හසුවන්නේ කොරඹුරුවෝ. වාරකන් කාලයට තමයි රිටි පන්න ධිවර කර්මාන්තය  ආරම්භ කරන්නේ. අනික් කාලයට මුහුදු යනවා.

නිල්පරව්  අවොත් වෙරළ තිරයට  ආපු කොරඹුරුවෝ ආපසු මුහුදයට යනවා. එතකොට ඉතින් මාළු අල්ලන්න බැහැ. කොග්ගල ප්‍රදේශයේ  මරදුවල, මොදරහින්න,  අන්දන යන රිටිපන්න ධිවර තොටුපොළවල් 03 ක් තියෙනවා.

 කොග්ගල සිංහ ධිවර ගම්මානයේ පදිංචි ජි.ඩබ්ලිව්. ප්‍රේමසිරි (56) මහතා සාම්ප්‍රදායික  රිටිපන්න ධිවර කාර්මිකයෙකි.

අපිට නම් ප්‍රශ්නයක් නැහැ. මාළු අල්ලා විකුණලා කියක් හරි  හොයාගන්නවා. රිටිපන්නයෙන් අල්ලන මාළු ඕනතරම් විකුණන්න පුළුවන්. දැලිපොතු  අච්චුවෙන් ඊයම් බරු  ඇම වශයෙන් හදලා මාළු  අල්ලනවා. අයිස්   දමන්නේ නැහැ.  කිසිදු වසවිසක්  නැහැ අල්ලන මාළුත් හරි රසයි  ප්‍රේමසිරි මහතා කිවේය.