(මනෝජ් හර්ෂික)
මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මහා සංඝරත්නය සම්බන්ධයෙන් දැක්වූ අදහසක් පිළිබඳව පැහැදිලි කිරීමක් ජූලි 21 වැනිදාට පෙර තමා වෙත ලිඛිතව යොමු කරන ලෙස සඳහන් කරමින් අග්‍රාමාත්‍යවරයා අද(15) රන්ජන් රාමනායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකාවේ විහාරස්ථානයන්හි වෙසෙන මහා සංඝරත්නය සම්බන්ධයෙන් මෑතකදී රාජ්‍ය අමාත්‍යවරයා දැක්වූ අදහස් පිළිබඳව දැඩි අවධානයක් යොමු වී ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.
එසේම රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා දක්වා ඇති අදහස් පක්‍ෂ නායකත්වයේ හා පක්‍ෂයේ අදහස් සමග පරස්පර බවද අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් එම ලිපියේ සඳහන් කර තිබේ.
එම ලිපිය පහතින් දැක්වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායකේ කිව්වේ සුපේශල ගරුතර මහා සංඝරත්නය ගැන නොවෙයි.
මේවා නාට්‍ය පිටපත්. හැබැයි ශිලයට ගැරහීමේ පාපය ගෙවා දැමිය නොහැකි වග නළු උන්නැහේ දන්නේ නැතිව ඇති. ඒත් පාපය පාපයමය.
ඔක්කොටම දෙයියන්ගෙ හාල් කැවිලා කෙලින්නෙම පිස්සු
දැන් මොනව කීවත් කියපු දේවල් ආපසු ඉල්ල ගන්න බැහැ.
රන්ජන් රාමනායක දේශපාලනය ගැන පමණක් කතාකර , ජාති, ආගම් පිලිබදව අදහස් දැක්වීමෙන් වැලකි සිටිය යුතුය.
රන්ජන් රාමනායක කියන දේවල් හරියටම හරි.. බුද්ධ සාසනය දුෂණය කිරීම ගැන අපි බෞද්ධයන් වශයෙන් කතාකල යුතුයි! ඉතින් මෙවැනි දේවල් වෙහෙර විහාරස්ථානවල සංඝයා වහන්සේලාගෙන් සිද්ද වීම ඉතාමත් කනගාටුවට කරුණක්. " මම බෞද්ධයෙක් " .
ඔව් ඔව් චන්දෙට කලින් සේරම කුණු කන්දල් වලට සුදු හුණු පාරක් ගාන්න වෙනවා.
ඊළඟ සංදර්ශන රන්ජන්ට එරහිව විශ්වාස බංගයක් එවි. පසුව රන්ජන් ටික දවසකට තාවකාලික ඉල්ලා අස්වේවි. පසුව නැවතත් ඇමති වේවි. ඔතනින් සංදර්ශන ඉවරයි.
ඇත්ත ඇහෙද්දී, හදවතට වේදනයි.
කොහොමත් රන්ජන් කිව්වේ ඇත්ත
ඇයි පන්සල් වල විතරක් , ඔබතුමාලගේ 225 අතරෙත් ඉන්නවයි කියලා රාවයක් තියෙනවා.
කොහොමත් රන්ජන් කිව්වේ සහතික ඇත්ත
විකෘති මනසක් ඇති අයට මුලු සමාජයම පේන්නේ ඔවුන්ගේ විකෘති මනස අනුවයි. රන්ජන් හරිද නිවැරදිද යන්න වැදගත් වන්නේ ඒ පිළිබඳව හරියාකාරව පරීක්ෂණයක් කළොත් පමණි. එහෙත් සංඝ සමාජය හැදීමට පෙර රංජන් තමාගේ වැරදි ප්‍රසිද්ධියේ පිළිගතයුතුයි...
පහදන්න කියන්නේ...? රන්ජන් ඒක කිව්වේ පාලි භාෂාවෙන් නෙමෙයි නේද?