( ජයන්ත සමරකෝන් )
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා යහන්ගත කිරීමට සූදානම් වන බවත් ශ්‍රීලනිප ඉතිහාසයේ සෝමාරාමලා දෙදෙනකු බර වැඩි බව ඇයට අමතක වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒකාබද්ධව පවත්වන මෙම ප්‍රථම මාධ්‍ය සාකච්ඡාව මේ රටේ අනාගත ඉරණම තීන්දූ කරන ඓතිහාසික සිද්ධියක් වනු ඇතැයිද එම මිත්‍රත්වය, බැදීම රටපුරා ව්‍යාප්ත කිරීම පක්ෂ දෙකේම එකම අරමුණ යැයිද සඳහන් කළේය.
නාවල පාර, රාජගිරියේ පිහිටි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පිහිටුවා ඇති ඒකාබද්ධ මාධ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයේදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

( ඡායාරූප සහ වීඩියෝ ගයාන් අමරසේකර)
COMMENTS
තමන්ගේ පක්ෂේ ගැන තමන් බලා ගන්නකෝ.....
කට කියන්නේ පුදුම උපකරණයක්. කියන්නේ මොනවද නොදැන කියවන්න පුළුවන්. මොලේ ආසන්නව පිහිටියා වුනාට මොකද? කටට මොළෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැති බව මේ කතාවලින් පේනවා. මං එහෙම කිව්වට කවුද දන්නේ, සමහරවිට මොළෙත් එක්ක ඇත්තටම සම්බන්ධ ඇති, නමුත් මොලේ ප්‍රමාණය අනුව එපායැ කට වැඩකරන්න.
ඔයාලාගේ අපේක්ෂකයාව හොඳටම පුරුදු කරල මාධ්‍ය සාකච්ඡාවට එක්කං එන්න. නැත්නං ආයිත් ආ ආ, බා බා කියල දොඩන්න වෙනවා.
මේ මහත්තරු දැන් මොන බයිලා ගැහුවත් 2015 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා වැඩ කලේ මහින්ද දිනවන්නයි කියන එක හිමින් සීරුවේ අමතක කරන බවයි පෙනෙන්නේ. ඒ කාලයේ පොහොට්ටුවක් තිබ්බේ නැහැනේ. ඉතින් දැන් පොහොට්ටුවේ ඉන්නෙත්, පොහොට්ටුවට එකතු වෙන්නෙත් ඒ ශ්‍රී ලංකා කාරයෝම තමයි. මේ වතාවේ වෙනසකට තියෙන්නේ අතන මෙතන ශ්‍රී ලංකා පාක්ෂිකයින් ටික ටික හරි සජිත් සමඟ එකතුවෙන ප්‍රවණතාවයක් ඇතිවෙමින් පවතින එකයි. "පොහොට්ටුවෙන් පොල්ලෙල්ලක් දැම්මත් දිනනවා" කියලා හිතාගෙන ඔය කයිවාරු ගැහුවට ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන සමීක්ෂණ වාර්තා වලින් කියන්නේ නම් ඉතාම කිට්ටු තරඟයක් ඇති බවයි. මෙවර ජවිපෙ වෙනම ඉල්ලන නිසා 2015 මෛත්‍රීපාලට ලැබුණු අර 62 ලක්ෂයෙන් එක කුට්ටියක් කැඩෙන එක අනිවාර්යයි. දෙමළ සහ මුස්ලිම් ඡන්ද වැඩියෙන් ගන්න කෙනා දිනන බවයි තතු දත් අය කියන්නේ... දැන් දැන් සමහරු ත්‍රස්තවාදය කරලියට අරගෙන ඇති නිසා ඡන්දයට කලින් දෙතුන් පලක බෝම්බ දෙක තුනක් පත්තු වුණොත් කවුරුවත් පුදුම වෙන්න නම් එපා. මතක තියා ගන්න ඒ වගේ වැඩවලට දක්ෂ අයත් මේ අපේක්ෂකයින් අතරේ ඉන්නවා. ජනාධිපති ළඟදීම "රට කළඹවන ජාතියේ ප්‍රකාශයක් කිරීමට යනවා" කියලත් ආරංචියි.
12 -15 % ක පමණ ප්‍රතිශතයක්, ඒ කියන්නේ මන්ත්‍රී ධුර 30 ක් 35 ක්. පාර්ලිමේන්තුවේ තීරණාත්මක බලවේගය බවට ශ්‍රීලනිපය පත් වෙනවා. කවුරුත් නොවෙයි ඔබලායි ඒක දිය කරන්න බලන්නේ. ඉතිරි නායක නායිකාවෝ, උපායශීලීව ගොඩ ගනීවි. ඔය ගොල්ලෝත් අන්ත ධනපතියෝ තමයි, අනුන්ට දොස් කිව්වට...
සෝමාරාමලා නෙමේ.. බයියෝ වැඩියි. ඒ තරුණයින්වත් බයියෝ කරනවලු.. අවුරුදු ගාණක් පැරණි පක්ෂය අමතක කරලා. කොහෙවත් යන පොහොට්ටුවකට කත් අදිනවා. මේ වගේ අය තමයි අලුත බැඳපු ඈණිට වහල් වෙලා.. වයසට ගිය දෙමව්පියන් මහමග දමලා යන්නේ.. නමුත් ජනතාවට පින් අයිතිවෙන්න පොහොට්ටු නායකයින්ගේ දෙමව්පියන්ට සොහොන් මාලිගාවක් හදලා දුන්නා. ජනතා මුදලින්, දෙමව්පියන්ටත් අවනම්බුයි දැන් සොහොනට නඩු ... ඉතින් මේ පක්ෂේ ගැන කවර කතාද? කිසිම එකමුතුකමක් නැති වෛරයෙන් ක්‍රෝධයෙන් පිරුණු සක්කිලි කතා කියමින් බැනගන්න නරුම රැලක්..
මෙයා දැන් ඉන්නේ දූෂකයින් ගොඩකනේ...
ඩලස් උන්නැහේගේ කෙබර අහලා හොඳටම එපා වෙලා තියෙන්නේ. ඔය ගොල්ලොන්ගේ ඇඩ්‍රස් නැතිවන කාලය අතළඟයි.
මාධ්‍ය සාකච්ඡා වට පෙර පන්සිල් ගෙන දිවුරා පැමිණෙන්න, පන්සිල් රකින සමාජයක් ඇත්නම් මේ කරදර නෑ
සෝමාරාම කළ දෙයින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නැතිව ගියා වගෙයි. ඉන්පසු එක එක අය ඒ අයට වාසිවෙන පරිදි කටයුතු කළ එක පමණි. වාමාංශික පස්ක්ෂ හවුල් කරගෙන සම්පුර්ණයෙන් පක්ෂෙ වැනසුවා. ඒ ප්‍රතිඵලේ නිසා තමා රට ප්‍රපාතයට වැටුනෙ. දෙවානි සෝමාරාම කියන්නේ සිරිසේන මහත්මයට වෙන්න ඇති මම හිතන්නෙ.
ඩලස් කියන්නේ කටිනුත් බෝම්බ පුපුරවන ජාතියේ අපතයෙක්... කවදාවත් පක්ෂයක නායකත්වයකට එන්න බැරිබව දන්නා නිසා තමයි පක්ෂයේ මුල කපලා හරි ඇමතිකමක් ගන්න පුළුවන් තැනකට හේත්තු වෙන එක පුදුමයක් නොවේ.