(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස පත්කළ මන්ත්‍රිවරු 5 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය ඉදිරි දින දෙක, තුනකදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි හ්‍රි ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා පැවසීය.
‘‘පසුගිය සති 2කට පමණ පෙර අපේ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු ලෙස පත්ව සිට අපෙන් ඉවත්වුණු මන්ත්‍රිවරු 5 දෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගත්තා. ඔවුන්ට දින 07ක් ඇතුළත නිදහසට කරුණු ලිඛිතව ඉදිරිපත් කරන්න කියලා එම කරුණු සලකා බලලා අපි තින්දු කළා ඔවුන්ගේ ශ්‍රිලනිප පක්ෂ සාමාජිකත්වය තහනම් කිරිමේ ක්‍රියාවලියකට යාමට... ඒ අනුව ඉදිරි දින දෙක තුන ඇතුළත එම ලිපි ඔවුන්ට යොමු කිරීමට නියමිතව තිබෙනවා‘‘ යයි සඳහන් කළේය.
එම මන්ත්‍රීවරුන් පස්දෙනා වන්නේ එස්.බී. දිසානායක, ඒ.එච්.එම් ෆවුසි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා සහ විජිත් විජිතමුණි යන අයයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි අයට තනතුරු හම්බවුණාම ඕක තමයි වෙන්නේ... රටත් ඉවර කළා. පක්ෂය නැතිභංස්ථානම කරලා දානවා.
මහින්ද රාජපක්ෂ වෙනත් පක්ෂයක නායකත්වයක් ගනිද්දී විනය ක්‍රියාමාර්ග නැතිද?
ඔය කතාව අර නුගේගොඩ පැවැත්වුණු " මහින්ද සුළඟ" ද " මහින්ද සමඟ නැගිටිමු" ද මොකද්ද කියන රැස්වීමේ පටන් පට්ට ගහපු එකක්. එ් නිසා ඕවා කෙරෙන කල් අපි නම් විශ්වාස කරන්නේ නැහැ. එදා ඔය වැඩේ කළා නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඔහොම අනුන්ගේ ඉඳුල් කන්න දඟලන තත්වයකට වැටෙන්නේ නැහැ මහත්තයෝ...
ඊට පස්සේ මොනවද කරන්නේ? අතීතය අමතක කරන්න එපා.
මන්ත්‍රි ඩිලාන්ගේ සහ මන්ත්‍රි එස්. බී. පක්ෂ සාමාජිකත්වය විතරක් නොවෙයි පුරවැසිභාවයත් තහනම් කරන්න ඕනේ.
යූ.එන්.පි යේ හිටියා එතැන අවුල් ඇති කළා. දැන් ආපහු ශ්‍රීලනිපයේ... එතැනත් අවුල් කරනවා. ඉස්සර වගේ සිංදුවක් කියාගෙන පැත්තකට වෙලා ඉන්නකෝ...
මෙච්චර කල් බුදියගෙනද හිටියේ?
ලෝකේ කිසිම දේශපාලකයෙක් මේ වගේ කැත වැඩ තම පක්ෂයට කරන්නේ නැහැ.. එයාට පක්ෂෙන් වැඩක් නැහැ. නායකකම තිබුනොත් ඇති.. පැරදිලා ගෙදර ගිහින්, කරපු දූෂිත වැඩ යට ගහගන්න. තිබුණු පක්ෂ නායකකමත් මෛත්‍රීට දීලා, පසුව නැවත ඉල්ලුව හිතේ. බය අඩු වෙනකොට කිසිම දෙයක් ලැබුණේ නැහැ. පක්ෂය කඩාගෙන ගියා පොහොට්ටුවෙන් පිපිලා එන්න. ඒ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කවදාවත්..,
ජනතාව ප්‍රතික්ෂේප කළවුන් ළඟට ගෙන ජනතා පරමාධිපත්‍යයට කොකා පෙන්නුවාට තව විඳවපල්ලා.
අනේ දයාවට සිරි.. අපි අහුවෙයි ඕවට.. මේක ලංකාවනේ..
සිරා කඩාගෙන ගිය දවසේ එජාප එකට ගිහින් ඇමැතිකම් ගත්ත සෙට් එකටත් එක්ක ඕක කරානම් SLFP එක අදටත් තියනවා නේද?
මහින්ද රාජපක්ෂ මහතා පොහොට්ටුවේ නායකයා... විනය පරික්ෂණ නැත්තේ ඇයි දයාසිරි මහත්තයෝ?
වඳුරෙකුට දැලි පිහියක් දුන්නාම...
හපොයි බඩවියත රැකගන්න කරන විකාරයක මහත...
ඔය විනය පරීක්ෂණ දැනට අවුරුදු 4කට විතර කලින් පොහොට්ටුවට ගිය මිනිස්සුන්ට තැබුවා නම් ශ්‍රීලනිපෙ ඔහොම දියවෙලා යන්නේ නැහැ. නමුත් එස්.බී, ඩිලාන් කියන්නේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ ජනතා ඡන්දෙන් පාර්ලිමේන්තු යන්න බැරි මිනිස්සු, පැරදිලා ගෙදර හිටිය ඔවුන් පාර්ලිමේන්තු ගෙනාවේ ඔබතුමාගේ ලොකු මහත්මයා..
මේ සියලු දෙනාගේ පාර්ලිමේන්තු සාමාජිකත්වය ජනතාව විසින් අත්හිටුවා තියෙන්නේ...
ලෑල්ලටම හිරවුණාම මතක්වෙන දේ තමයි. මහින්ද අලුත් පෙරමුණක් හදපු වෙලාවේ එලෙව්වේ නැති මිනිස්සු දැන් ඉතුරුවෙලා ඉන්න 20කට අඩු පිරිස රැකගන්න දඟලන හැටි. සිරි.. අවුරුදු පහෙන් ශ්‍රිලනිපය විනාශ කරා.. රනිල් අවුරුදු 25න් එජාපයත් නැත්තටම නැති කරා...
දයාසිරි ලේකම්තුමා බැඳුම්කර වංචා කාරයින්ගෙන් ගත් සල්ලි ලක්ෂ 10ට පරීක්ෂණයක් තිබුණද? ඒවා ජනතාවට අමතක නැහැ. වංචාකාර දේශපාලකයින් ගැන දෙවියන් බලාවි...
කවුරු කොහොම කිව්වත් රටටත්, ලෝකෙටවත් වැඩක් නැති දෙන්නෙක් නම් විසිවෙලා තියනවා. අනික් පක්ෂ මේ ගොල්ලන්ව ලඟට ගන්නේ බලාගෙනයි.
කොන්ද කෙලින් තියාගෙන නීතිය ක්‍රියාත්මක කරන්න. ඉදිරියට එ්ක අනික් මහාලේකම්ලාට ආදර්ශමත්
ඉතින් ජයා ඔයත් එහෙමනේ. ඔයා කීපාරක් එහාට මෙහාට පැන්නද?
දයාසිරිට පුලුවන් නම් ඡන්ද ලක්ෂයක් අරන් පෙන්නන්න කියන්න. අනුන්ට සීනි කිරන මිනිහෙක් වෙලා එහාට පනින්න, මෙහාට පනින්න ඔය වගේ කෙනෙකුට මහලේකම් තනතුර දුන්නේ මොකටද කියන එකයි හොයන්න ඕනේ. අායෙත් හොරෙන් හරි ආප්ප කාලා බ්ලැක් කොෆී බිව්වද දන්නෑ.. මේ හැටි අනුන්ට කඩේ දුවන්නේ..? අනික කව්ද ඉන්නේ කොන්ද පණ තියෙන කෙනෙක් දැන් ජනාධිපති එක්ක ඉන්න ඔක්කොම හොරු. අර අප්පච්චි මළා වගේ අය දැන් අායෙත් ළං කරගන්නද ඕනේ.. ලැජ්ජාවක් ඇත්තේම නැති මිනිස්සු ටිකක් දැන් ශ්‍රී ලංකා එකේ ඉතුරු වෙලා ඉන්නේ..