IMG-LOGO

වෙන්නප්පූව මන්ත්‍රීනි - සහෝදරිය තෙවැනි වරටත් රිමාන්ඩ්

(ඔගස්ටින් ප්‍රනාන්දු)

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනි හා ඇයගේ සහෝදරිය 16 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (11) නියෝග කළේය.

පොලිස් නිලධාරින් පිරිසකට බැන රාජකාරියට බාධා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරිය හා සහෝදරිය මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටී. සැකකාරියන් දෙදෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ තුන්වැනි වරටය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සිරිගම්පල තුම්මෝදර පදිංචි  වර්ණකුලසුරිය දුලක්ෂි චමෝදරි ප්‍රනාන්දු නම් මන්ත්‍රීවරිය සහ ඇගේ සහෝදරිය වන වර්ණකුලසුරිය සුපුනි දුලාංජලි  ප්‍රනාන්දු වේ.



අදහස් (17)

වෙන්නප්පූව මන්ත්‍රීනි - සහෝදරිය තෙවැනි වරටත් රිමාන්ඩ්

පිටිගල මිලානෝ Wednesday, 11 September 2019 07:17 AM

රට හදන්න කලින් මෙවැනි මෝඩ පුද්ගලයින් දේශපාලනයට එන මාර්ග අවහිර කළ යුතුයි.

:       1       549

NissankaWednesday, 11 September 2019 07:34 AM

කලින් ආණ්ඩුව කාලෙනම් ලොක්කා තමන්ගේ මිනිස්සුන්ට මෙහෙම වෙන්න ඉඩ දෙන්නේ නැහැ. මතකනේ මත්ද්‍රව්‍ය නාශක එකෙන් වටලලා තියෙද්දී හෙලිකොප්ටරෙන් ගිහින් බදාගත්තා.

:       1227       1399

lalithm Wednesday, 11 September 2019 07:27 AM

ඡන්දෙ දුන්නේ කසිප්පු කාරයෝ වෙන්න ඕනේ. හැසිරෙන්න දන්නේ නැති චරිතයක්. ඡන්දෙට නොමිනේෂන් දුන්න අයට තලන්න ඕනේ .

:       0       216

p.d goonawardena Wednesday, 11 September 2019 07:39 AM

හොඳ වැඩේ.....

:       0       231

sena Wednesday, 11 September 2019 08:02 AM

මොහු මේ යුගයට ගැළපෙන කෙනෙක් නෙවෙයි . දැනට රටේ නීතියක් කියලා දෙයක් තියෙනවා කියන එක මොහු දැනගත යුතුයි.

:       2       35

Raveendra Wednesday, 11 September 2019 08:15 AM

ගරු අධිකරණයට අපගේ අචාරය.

:       0       179

බද්රානි Wednesday, 11 September 2019 08:21 AM

කොහොමත් සෑම පක්ෂයකම ප්‍රාදේශීය සභා මන්ත්‍රීලා කියන්නේ මෙවැනි චරිත සහිත පුද්ගලයින් තමයි. ප්‍රාදේශීය සභා ඡන්දෙට ඡන්දය ප්‍රකාශ කරන්නෙත් එවැනිම අය තමයි. මෙවැනි මන්ත්‍රීලාගෙන් ජනතාවට හිරිහැරයක් මිස, සේවයක් නම් සිදු නොවේ. ජනතාවගෙන් කප්පන් ගැනීම තමයි මේ සියලු දෙනා සිදු කරන්නේ. කෙසේ වුවත් මෙවැනි අය බන්ධනාගාර ගතව එලියට එනවිට මල්මාලා දමලා පිළිගන්න තරම් මෝඩ ජනතාවක් නම් ඒ පැත්තේ නැතිව ඇති?

:       2       143

රවින් Wednesday, 11 September 2019 08:25 AM

මාළුවා නහින්නෙත් කට හින්දාලු. දේශපාලනේ කරන්නත් (බොරු ඇත්තවගේ කියන්නත් ) කට තියෙන්න ඕනේ. තැන නොතැන දැනගෙන කට පාවිච්චි කරපු එකේ වැරැද්ද .

:       0       82

Chandima Wednesday, 11 September 2019 08:35 AM

ඇඟේ තෙල වැඩි වුනාම ඔහොම වෙනවා.

:       1       100

nimal Wednesday, 11 September 2019 08:55 AM

දේශපාලනයට සුදුසු නැත. දැන්ම මෙහෙමනම් ලොකු තනතුරක් ලැබුනොත් ?

:       0       80

SunilWednesday, 11 September 2019 10:58 AM

ලොකු තනතුරු ලැබෙයි කියලා හිතන්න ඇති.

:       0       32

Thushara Wednesday, 11 September 2019 09:30 AM

මිනිස්සුන්ට චන්ඩිකන් දාන්න ගිය අයට හොඳ වෑඩේ. හැදිලා එන්නනම් තව මාස 6 විතර අැතුලට දාන්න ඕනේ.

:       0       29

Srimala Wednesday, 11 September 2019 09:52 AM

අවුරුදු 19දී මන්ත්‍රිකමක් ලැබුණාම ඔහොම තමයි දේශපාලනයට අවම සහ උපරිම වයසක් නීතිගත කළ යුතුයි.

:       0       101

indika Wednesday, 11 September 2019 11:40 AM

මන්ත්‍රීකම ඉවත්කරන්න මෙවැනි අයගේ...

:       0       1

asela Wednesday, 11 September 2019 12:12 PM

ගෝඨා ආවහම මේවා නැහැ. එයා එයාලගේ කාටවත් හිරේ ලගින්න දෙන්නේ නැහැ.

:       0       54

චමින්දWednesday, 11 September 2019 12:47 PM

ඒකට රනිල්...

:       0       1

ප්‍රීති Wednesday, 11 September 2019 02:30 PM

පොහොට්ටුවේ සාමාජිකයෙක් වුණා නම් අද ඇයට මේ ඉරණම අත්වන්නේ නැහැ. පාලන බලය ඇතිව, හෝ නැතිව ඒ අය ඔවුන්ගේ සාමාජිකයින්ව රකිනවා. කසිප්පු ජාවාරම් කාරයින්, ගණන් කාරයින් දැනගන්න ඕනෑ ඔවුන් එකතු විය යුත්තේ කුමන කණ්ඩායම සමගද කියන බව. දේශපාලනය නෙමේ, ඇස්දෙකින් දකින, සමාජ යතාර්ථයයි මම මේ ලිව්වේ...

:       0       17

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 790 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site