ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් විය.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබිණි.
ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 27 කින් පරාජයට පත් විය.
විශ්වාස භංග යෝජනාවට පක්ෂව ඡන්ද 92ක් ලැබුණු අතර විරුද්ධව ඡන්ද 119ක් ලැබිණි.
COMMENTS
විශ්වාසභංග යෝජනාව පරාදයි. සරත් ෆොන්සේකා ඡන්දය පාවිච්චි කර නැහැ. පක්ෂව 92යි, විපක්ෂව 119. මාධ්‍ය මඟින් මොනවා කිව්වත් මේකයි යතාර්ථය.
කාලකන්නිගේ බොරු වැඩ මහජන සල්ලි අපතේ...... දැන දැනත් දීන්නන්ද බැහැ කියලා බොරු ප්‍රචාරයට කරන වැඩ.
සරත් ෆොන්සේකා ඇතුළු 14 දෙනෙක් ඡන්දය දීල නැහැ. මේගොල්ලෝ අද රටේ නැද්ද නැත්නම් ඉන්නේ වැට උඩද? අප දැක්කා සරත් ෆොන්සේකා කැලණියේදී "එක්සත් ජාතික පක්ෂය පසුගිය අවුරුදු තුන හමාරක කාලය තුල කටයුතු කල අන්දමට ඉතුරු කාලයේ වැඩ කලොත් කිසිම ආනාගත බලාපොරොත්තුවක් තබා ගන්න බැරි බව" කියල තියෙනවා. එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණයේදී රටට ආදරය කරන අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකළහොත් තමන් මැතිවරණ වේදිකාවට ගොඩ නොවෙන්නටත් ඉඩ තියෙන බව ඔහු එහිදී වැඩිදුරටත් කියා තියෙනවා.
ජනතාවට පරාජය, දූෂිත අම්බරුවන්ට ජය! මෙහෙමත් කාලකණ්ණි රටක්...
13ක් ඡන්දේ දීලත් නෑනේ. අර 70පැනපු වයසක නලුවා මාස දෙකක් රටේ දෙවෙනියා වුනේ ඡන්ද 76ක් වගේ තියන්නේ. දැන් ඉතින් අරයට දෝශාභියෝගයක් ගෙනේවි වගේ.
දින දෙකක් පාර්ලිමේන්තුවේ වාදවිවාද කලා දින දෙකට ජනතා මුදල් කොපමණ වැයවුනාද. සිදුවූ යහපතක් තිබේද? මේ දින දෙකේ රට වෙනුවෙන් කොපමණ වැඩදායක දේ කරන්න නොතිබුනේද? අවුරුද්දකට වාර දෙකතුනක් මෙලෙස භංග ගෙනෙමින් ජාතික ධනය වැයකරමින් කරන මේ නාඩගම් දැන්වත් නවතා රට වෙනුවෙන් මොනවා හරි කරපල්ලා
විස්වාසභංගය දිනුවානම් ආණ්ඩුව ගෙදර යනවා. ඒ වගේ විස්වාසභංගේ පැරදුනාම ඒ විස්වාසභංගේ ගෙනාපු පක්ෂය ගෙදර යවන ක්‍රමයක් ඇති කලොත් නරකද?
හොරු දින්නා.. , කම්බ හොරු පැරදුනා ..
නාට්‍ය පෙන්වන්න පෙර අවසානය සහ තේමාව අපි දැනගෙන සිටියෙමු. මේවා බලා සිනාසී දැන් අපගේ බඩවල්ද රිදේ. අනේ නිවටයිනේ කරුණාකර අපගේ ඡන්ද අයිතිය හොරකම් නොකර ඡන්දය පවත්වන්න. ඉතිරි හරිය අපි බලා ගන්නම්. මේ දියත අපට ඇති එකම බිම් කඩ, මේ කෛරාටික, නිවටයින්ගෙන් ගළවා ගැනීමේ බරපතළ වගකීම ජනතාව මත පැටවී ඇත.
ජවිපෙ පාද නැටුම ඉවරයි වගේ...
තරුණ තරුණියන් හට ආයුධ අතටදී නැසෙන්න සලස්වා ඔවුන්ගේ දරුපවුල් පමණක් වලව්වල ආරක්ෂා කරගනිමින් රටට කළ හානියට ජේවීපියට පැවැත්මක් ඇත්තේම නැත...
බමුණට උණ අරගෙන ඇති මේක අහලා ?
පාර්ලිමේන්තු එක සැසියකට වියදම ලක්ෂ 227 ක් ලු. මේ අයට ගෙවන සල්ලිත් එක්ක. මේ දවස් දෙකට ලක්ෂ 500 වැඩිය අපේ සල්ලි ඉවරයි. ජවිපෙ එකත් කලොත් කරන්නේ මේ වගේ මෝඩ වැඩ තමයි.
ගෙදර ගියා වගේ තමයි
විශ්වාස භංගය කියන වචනෙට විශ්වාස භංගයක් අපිට ගේන්න බැරිද ඕක කවදාවත් විරුද්ධ පක්ශෙ දිනන එකක් නෙමෙයි. ආණ්ඩු පරදින එකකුත් නෙමේ
බැරි වැඩ නොකරන් අබරෝ. කොහොමත් ඔයාට බැහැ.
මේ තරම් රට විනාස කරපු ආණ්ඩුව බේරගන්න අයට හොදක්නම් වෙන්නේ නෑ. තමන්ගේ වහල් මෝඩ ඡන්දදායකයින්ට කොකා පෙන්නමින් වේදිකාවල බොරුවට ආණ්ඩුවට බනිනවා ඊලග පාරත් පාර්ලිමේන්තු යන්න.
ජවිපෙ නියම ඉල්ලන් කෑමක්. ජවිපෙත් රට වෙනුවෙන් නොව තමන්ගේ දේශපාලන වාසි සදහා වැඩකරන බව ට කදිම නිදසුනක්. මේ අවස්ථාවේ අවශ්‍ය වන්නේ මෙවැන්නක නොව එකමුතු වෙනුවෙන් වැඩ කිරීමි. නුදුරේ ඡන්ද දෙකක් තිබෙනවා. මිනිස්සුන්ට කැමති පක්ෂයක් තෝරා ගත හැක.
අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුතු පාර්ශ්ව දෙකෙන් එක් කණ්ඩායමක් ආණ්ඩුව . දැන දැනම මේ මිනිස් ඝාතන වලට ඉඩහැරියා. ඒ සිදුවීමෙන් මුළු රටේම ආර්ථිකය තවත් කඩාවැටුණා. ආණ්ඩුව ඉල්ලා අස්නොවූ නිසා ඊට එරෙහිව තමයි මේ විශ්වාස භංගය. මේ පරාද වුණේ සමස්ත ජනතාවගේම මතය .
බමුණාට උණ අරගෙන ඇති මේක අහලා...? ගොබ්බයින්ට උත්තර දීමට සිදුවීම ගැන කණගාටු වෙනවා... එ්ත් උත්තර දෙනවා. හලෝ ආණ්ඩුව රැකුණේ දෙමල්ලු නිසා දෙමලුන්ගේ ඉල්ලීම් දෙන්නේ මේ ආණඩුව. සම්බන්ධන් එජාපයට ඡන්දේ දෙන්නේ එජාපයට ආදරේ නිසා නොවෙයි,.. රාජපක්ෂලාට ආදරේ නැතිනිසා. අපි රාජපක්ෂලාගේ පැත්ත ගන්න දෙමළුන්ටයි, මුසල්මානුවන්ටයි, එජාපයටයි වෛර කරන නිසා. දෙමල ඡන්ද ටික ලැබුනා නම්. ආණ්ඩුව හොම්බෙන් යනවා. එජාපෙ ගෙදර යන්නේ රට දෙමළාටයි, මුසල්මානුවටයි දීලා. ඒකට කැමති පාදඩ මිනිස්සු, දෙමල්ලුද හමබයෝද දන්නේ නැහැ... ලොස් ඇන්ජලීස් වලත් ඉන්නවා.
මොන ජාතිකයෙක් වෙලා හරි ඉපදුනානම් ඔහුට හෝ ඇයට රටේ අනෙක් අයට තිබෙන සියලු වරප්‍රසාද හිමි නොවේ කියා කොහෙද ලියවිලා තිබෙන්නේ ? ඒ අනුව එහෙනම් මොකද බැරි ඕනෑම කෙනෙකුට ජාතියකට රට භාරගෙන පාලනය කරන්න ? මොකක්ද ප්‍රශ්නේ ?
දැන් පාස්කු ඉරිදා බෝම්බ කේස් එකට අත්අඩංගුවට අරං තියෙන අය අතරින් ඉහළම දේශපාලන සම්බන්ධතා තියෙන අය ඉන්නේ කවුද? පාර්ලිමේන්තු මැතිවරණයකත් ඉදිරිපත් වෙච්චි අය ඉන්නේ එක්කෙනයි. ඒ, ඊබ්‍රාහිම්. ඊබ්‍රාහිම් ඡන්දෙට ආවේ ජේවීපී එකෙ ලිස්ට් එකෙන්... ඊබ්‍රාහිම්ගේ සල්ලි ඡන්ද වැඩට නොදා ඉන්න ඇද්ද? ඔය මරාගෙන මැරුණු පුත්තු තමන්ගෙ තාත්තා ඡන්දෙ ඉල්ලපු පක්ෂෙට ඡන්දෙ නොදී ඉන්න ඇද්ද?