IMG-LOGO

විශ්වමඩු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

(රොමේෂ් මධුෂංඛ)
 
මුලතිව් විශ්වමඩු , උදයාර්කට්ටු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමක දී ටී.එන්.ටී. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 40 ක් සොයාගත් බවට නාවික හමුදාව පවසයි.
 
උතුරු නාවික විධානයේ නාවික භට පිරිසක් විසින් විශ්වමඩු, උදයාර්කට්ටු කැලෑබද ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී බැරලයක බහා තිබූ මෙම පුපුරණ තොගය සොයා ගෙන ඇත.
 
යුද සමයේදී  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් මෙම ප්‍රදේශයේ අදාල පුපුරණ ද්‍රව්‍ය තොගය පසු ප්‍රයෝජනය සඳහා අතහැර දමා ගොස් ඇති බවට නාවික හමුදාව විසින් සැක පළ කරයි.
 
සොයාගත් අදාල පුපුරණ ද්‍රව්‍ය නාවික හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මඟින් නිෂ්ක්‍රීය කිරීමට නියමිතව ඇති බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසීය.



අදහස් (3)

විශ්වමඩු ප්‍රදේශයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී

සිරා Sunday, 07 June 2020 09:48 AM

ඡන්දෙ අගෝස්තුවට කල්යන්න ඉඩ තියෙන බවයි ආරංචි වෙන්නේ... ඉතින් මේවා දැම්ම එළියට දාන එක පාඩුයි නේද?

:       113       91

menna Sunday, 07 June 2020 02:03 PM

වස විස නැති, බෝම්බ වැළලී නැති ලංකාවක් ඕනේ. යුරෝප්ප සංගමය (පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි) ලංකාව අල්ල ගත්තේ රාජ්‍ය බිදිමින්. මට හිතෙන්නේ වඩුග රජවරු රාජ්‍යත්වයට පත්කිරීම පිටිපස්සේ ඇත්තේද යුරෝප සංගමය කියලයි... ලංකාවට විදේශීය රජවරු (වඩුග රජවරු) ගෙන එමෙන් දේශීය රාජ්‍යත්වය සහ පාරම්පරික දේශපාලනය අමතක කරවීමෙන්, නව පාලන ක්‍රමයක් හඳුන්වා දීමට හැකි තත්වයක් වඩුග රජවරු හරහා සිදු කලාද කියා සිතෙනවා. ඉතිහාසයේ යුරෝප්ප සංගමයේ මෙම රාජ්‍යන් තුන එකිනෙකට ප්‍රතිවාදීන් වුවද සිදුකරන වෙළඳ ගනුදෙනු හරහා අදහස් හුවමරු සිදු නොවුනේ යැයි සිතිය නොහැක. ඒ කෙසේවතත් ලංකාව තව දුරටත් එක එක රජ්‍යන්ගේ කෙටවිලි වලට හසු නොවී, විවිදත්වයක් ඇති, යුද්ධ නොකරන, මිනිස්සු මරා නොගන්න, රටක් වුනොත් හොඳයි. එමගින් බෝම්බ වැළලී ඇති බිම වෙනස්වී සරු ලස්සන බිමක් වුනොත් හොඳයි.

:       0       0

චුට්ටා Sunday, 07 June 2020 02:59 PM

ඡන්දෙ කිට්ටුවෙද්දී තව තව බඩු හම්බ වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 245 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 773 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1195 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site