
(බන්දුල ඉලේපෙරුම)
විපක්ෂයට ප්‍රශ්න ඇසීමේ අවස්ථාව සීමා කිරීම හේතුවෙන් අද(21) පාර්ලිමේන්තුව ආරම්භයේදීම උණුසුම් තත්ත්වයක් ඇතිවිය. කොවිඩ් 19 වෛරසය මැඩපවත්වන එන්නත සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විපක්ෂය ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවූ අතර ප්‍රශ්න 8ක් පමණක් ඇසීමට සීමා කර තිබීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම විමසා සිටි අතර සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුවට ගරු කළ යුතු බවත් එය අවසන් තීන්දුව බවත්ය.
රංජිත් මද්දුමබණ්ඩාර මන්ත්‍රිවරයා - “තමුන්නාන්සේට ඕන තීන්දු දෙන්න බෑ. කරුණාකර පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්න. පාර්ලිමේන්තුවේ රීති තියෙනවා. ඔබතුමාට ඕන විදියට කටයුතු කරන්න බෑ.
මේකේ ස්ථාවර නියෝග තියෙනවා. ඔබතුමා නාමල් රාජපක්ෂ කියන විදියට ඔබතුමා වැඩකරන්නේ. ඔබතුමාගේ ප්‍රතිරූපයට මේක හානියක්”
කථානායක - “මම තීන්දුවක් දීලා තියෙනවා. ඒක වෙනස් කරන්නේ නෑ. කරුණාකර සභාවේ කටයුතු ඉදිරියට ගෙනයන්න.”

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කථානායක රාජපක්ෂලාගේ කෙනෙක්.. රටේ තත්වය හරිම භයානකයි.
මොනවා වුණත් කතානායක තනතුර බාල්දු වෙන්න හොඳ නැහැ..
මරු විපක්ෂෙ. කිසිම ආර්ථික හෝ දේශපාලන දැක්මක් නැති විපක්ෂ නායකයෙක්... ආණ්ඩුව හෝ විපක්ෂයේ කිසිඳු පක්ෂයක් වැඩකට නැති අවලාද කියනවා මිස, තම ආර්ථික හා දේශපාලන දර්ශනය ඉදිරිපත් කර ඒ ගැන සංවාද කරනවද? අනිත් අය වැරදි නම් තමන්ගේ වැඩපිළිවෙළ මොකක්ද? අප්පිරියයි දැන්නම්.
ආඥාදායකත්වයේ ලක්ෂණයක්...