(බිඟුන් මේනක ගමගේ)
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කතාකළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමගම ජාතික ආරක්ෂාව පිළිබඳ සාකච්ඡාව ඉහළට එසැවීමෙන් මෙම තත්ත්වය නිර්මාණය වී යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ලංකාදීපයට අද(7) පැවැසීය.
එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන මහ මැතිවරණයේ දී කතා කළ හැක්කේ ඔලුව අමාරුවක් ඇති අයෙකුට පමණක් යැයිද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කර කීය.
එසේ වුවද දහනවවැනි සංශෝධනයෙන් රටට උරුම කර දුන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ආරක්ෂා කර ගත යුතු යැයි ද හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාලා මොනවා කිව්වත් වැඩක් නැහැ. ජාතික ලැයිස්තුවෙන් නේද ආවේ...?
ජනාධිපතිගේ බලතල අඩුකර පාර්ලිමේන්තුවේ බලය වැඩිකිරීමෙන් අහිතකර ඵලවිපාක රාශියක් තිබෙනවා. වැඩි බහුතර බලයක් නොතිබුනොත් බෙදුම්වාදීන්ගේ අසාධාරණ ඉල්ලීම් ඉටුකිරීමට සිදුවෙනවා. මන්ත්‍රීවරු මුදලට විකිනී රජය අස්ථාවරවීම් නිතර සිදුවෙනවා. ජනපති සහ අගමැති අදහස් නොගැලපුණොත් රට එහෙම් පිටින්ම අස්ථාවර වෙනවා. අවසානයේ ජනතාවට ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී අවුල් ගොඩකි. නමුත් සමහර දේශපාලන පක්ෂවලට නම් බොරදියේ මාලු බෑ හැකිය.
කට නැතිනම් 3%ත් නැහැ.
හිටන් කළ තවත් වැඩක් තමයි ඕක... මට නැතිනම් අනික් අයටත් නැහැ, යන යකා කොරහත් බිඳගෙන යනවායි කියන වැකියට හා බල්ලොත් එක්ක නිදියගත්තාම මැක්කොත් එක්ක නැගිටින්න වෙනවායි කියන කියමන්වලට දුන්නු හොඳම අර්ථකථනය, කිය කියා හිටියේ මන් යනකොට හොඳ වැඩක් කරලා යනවයි කියලා. ප්‍රධාන පක්ෂ දෙකක් නන්නත්තාරයි. රට නන්නත්තාරයි ගොඩ ගන්න හරිම අමාරුයි. හැබැයි මෑන්ස් ගොඩ. ගෙදර විතරක් මදැයි.
ඡන්ද කාලේ දැකපු නැති ජෙප්පෝ දැන් මේවා දකිනවා..
පොලිස්පති අයින් කරගන්න බැරි ස්වාධීන කොමිෂන් සභා..
එම නිසා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන කතා කිරීමට අවශ්‍ය නොමැත. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් එක්ව ඔවුන්ගේ ඡන්දයෙන් දහනවවැනි සංශෝධනයෙන් රටට උරුම කර දුන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා ක්‍රමය ආරක්ෂා කරගත යුතු මෙන්ම ජනාධිපතිවරයාගේ බලතල 90% නැතිකොට තිබේ. ඔහුගේ පළමු කතාවෙන්ම වර්තමාන ජනාධිපතිවරයා විසින්ම ඔහු විධායක ජනාධිපතිවරයා යනුවෙන් හදුන්වා ගනු ලැබුවේ ඒ වන විට ඔහු 19 වන සංශෝධනය නිවැරදිව කියවා හෝ සම්පුර්ණයෙන්ම කියවා නොතිබෙන්නට ඇත. වෙන කවුරුත් නොව ඔහු පුනපුනා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වාධීන කොමිෂන් සභා නිසා ඔහුට රට පාලනය කල නොහැකි බවකි. දහනවවැනි සංශෝධනය යනු ජනාධිපතිවරයාගේ තිබු අසීමිත බලතල පාර්ලිමේන්තුවට ලබා ගැනීමකි. දහනවවැනි සංශෝධනය වෙනුවෙන් කතා කිරීමට සහ එහි වටිනාකම සහ වැදගත්කම පමණක් නොව එයින් මහජනතාවට ලැබී ඇති බලය පිළිබඳවත් මහජනතාවට එය බලපාන්නේ කෙසේද කියා මහජනතාව දැනුවත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීමකි
එහෙනම් මොකටද විධායක ජනාධිපති වෙන්න තරඟ කලේ...?
මෙයාගේ මහා ජෙප්ප පසුගිය මැතිවරණ වේදිකාවලදී විජේවීර තුමා ගැන හෝ මේ ගොල්ලන්ගේ ශුද්ධ වචනය වන සමාජවාදය ගැන සදහනක් නොකරපු කෙනෙක්...
මෙන්න බලා ගන්න දිව දෙකේ කතා. 2015 UNP, TNA සහ මුස්ලිම් පක්ෂ එක්ක එකතු වෙලා මහින්දව පරද්දන්න තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කිව්වේ. ඊට පස්සේ එහෙම කියපු ජේවීපී එක විධායක ජනාධිපති ධූරයටත් ඡන්දෙ ඉල්ලුවා. දැන් කියනවා විධායක ජනාධිපති ධූරය අහෝසි කරන එක වලංගු නැහැලු.
ඔබතුමාලට කොහොමත් අයිතියක් නැහැ විධායකය ගැන කතා කරන්න. හොඳට බලන්න ඔයාලගේ ඡන්ද ප්‍රතිපලය
ඊළඟ ඡන්දෙන් ඔහෙලා ගෙදර තමයි.
මේ අය තමයි හැම ආණ්ඩුවක්ම කෑවේ විකාර කරලා..
ඔබ හිසමත තබාගෙන ඉන්න ඇමෙරිකාවේත් විධායක ජනාධිපති කෙනෙක් ඉන්නවා...
දැන් විධායක ජනපතිතුමා හොඳයි.
නරකද ඔය අපේ කොල්ලොත් එක්ක එකතු වෙලා පුරන් කුඹුරක් හරි, අඩු තරමින් තාප්පයක් හරි පාට කරන්න අත් උදව් දුන්නොත්...? මොකද දැන් ඔහෙලගේ බයිලා අහන අපිට තිත්ත වෙලා.
අම්මෝ ඇත්තද? සුදු වෑන් කියලා ටොම් පච ඇදබාලා දැන් තව එකක් පටන් ගන්න වගේ.
ඉහත අදහස් දැක්කම අපේ රටේ මිනිස්සු කොච්චර මෝඩයෝද කියලා තේරෙනවා. මුලු ලෝකෙම නිදහස වෙනුවෙන් සටන් කරද්දි අපේ මිනිස්සු ඒකාධිපතියෙකු ඕන කියලා කෑගහනවා. කවදා මේ වහල් මානසිකත්වයෙන් මිදෙයිද දන්නෑ.
විධායක ජනාධිපතිකම නැති කිරීම ඔය ගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ තිබුන එකක් නේද? දැන් මොකද වෙන කතාවක්. ප්‍රතිපත්තියක ඉන්නවා නම් එකේම ඉන්න. දැන් බලන කොට හැමෝම එකයි.
මේ ගොල්ල නේද විධායක ජනාධිපති අහෝසි කරන 20 වෙනි සංශෝධනය සභාගත කලේ? දැන් කොහොමද අදාළ නැහැ කියන්නේ? සෝභිත හාමුදුරුවන්ටවත් සාධාරණයක් කරන්න. කොන්ද කෙලින් තියාගෙන ඉන්නකෝ එක මතයක. පාස්කු ප්‍රහාරයම ඇති විධායක ජනාධිපතිකම අහෝසි කරන්න.
මේ කියව කියව වටේ යන ගොන්නු ටික අල්ලලා හිරේට හරි දැම්මනම් රටේ වැඩක් කළහැකි කරදරයක් නැතිව.
විධායක ජනපති ක්‍රමය වැරදි කෙනෙකුට කලින් තිබිලා කරපු වින්නැහිය මදැයි. වටේ ඉන්න විවිධාකාර අන්ඩයන්ගේ කූට රූකඩ මෙහෙයවීම් නිසා කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න බැරි හිටපු ජනාධිපති මිනීමරුවෝ නිදහස් කර කර මහලොකුවට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම ගැන පම්පෝරි ගැහුවා. ඔය බලය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්ම ලී කුවාන් යූ, මහතීර් මොහොමඩ් සහ ගොඨාභය රාජපක්ෂ වැනි කොඳු නාරටි තියෙන, දැක්මක් තියෙන, අභීත නායකයන්ට පමණයි.
විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ගැන කතා කතාකළ හැකි දේශපාලන පරිසරය අහෝසි වී ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි. සම්පුර්ණ ඇත්ත සහෝ. රනිල් මහත්තය නැහැ නේ අගමැතිකමේ. දැන් ඕන නැහැ කඩේ යන හැටි රතු අලි පැටව්.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම ගැන දැන් කතා බෑ. ඒ ගැන වචනයක් කතා කරන්න එපා. විධායක ජනාධිපති ධුරය මෙරටට තාමත් අවශ්‍ය එකක්...
3%ක් බත් කන අයගෙන් එකෙක් මම... ඒ ගැන ආඩම්බරයි. දැන් තණකොළ වවන්න පටන් අරගෙන කියන්නේ ඇත්තද?
විධායකය අයින් කරනවා නම් 13 ඉවත් කරන්න ඕනේ.. නැත්නම් විධායකයක් අවශ්‍යයි. කෙසේවෙතත් ස්වාධීන කොමිසන් සභා යම් සාධනීය තත්වයක්... කෙසේවෙතත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් ඍජුවම ජීවත් වීමේ අයිතිය පිළිගන්න ඕනේ... ඒ නැතිව මොකවත් වැඩක් නෑ... සියලු සංශෝධන දේශපාලන අවශ්‍යතාවයට කරපුවා මිස ජනතාව දිහා බලලා කරපුවා නෙවෙයි.