IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


විදේශිකයන්ට - පිටස්තරයින්ට දකුණේ ළමා නිවාසවලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

(ජේ.කේ.එල් චාමින්ද)

දැනට පවතින තත්වය හේතුවෙන් විදේශිකයින්ට හා පිටස්තර පුද්ගලයින්ට දකුණු පළාතේ  ළමා නිවාසවලට ඇතුල්විම තාවකාලිකව  තහනම් කර ඇති බව දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස් මහෙෂ් කරුණානායක මහතා පවසයි.
 
දකුණු පළාතේ ළමා නිවාස වලට දරුවන් ඇතුළත් කරගැනිමේ දි  වෛද්‍ය පරික්ෂණයකට ලක්කර  එම දරුවන්  ඇතුළත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි ඇති බැව්ද ඒ මහතා පැවසීය.
 
සති දෙකකට පමණ අවශ්‍ය  වියලි අහාර ද්‍රව්‍ය ළමා නිවාසවල ගබඩා කොට ඇති බවද ළමා නිවාස වලට දාන ලබාදිමේ දි සෞඛ්‍ය ආරක්ෂිතව වියලි  අහාර ද්‍රව්‍ය පමණක් ලබාගෙන  ඉවිමේ කටයුතු සිදුකරණ බවද  සඳහන් කළේය.
 
 
මේ පිළිබද අදහස් දක්වමින්  දකුණු පළාත් පරිවාස හා ළමාරක්ෂක කොමසාරිස්වරයා මේසේද කිවේය.
 
දකුණු පළාතේ ළමා නිවාස 26ක දරුවන්  850ක් විතර ඉන්නවා. එහි ඉඩකඩ පහසුකම් අඩුයි. මේ නිසා ළමා නිවාසවලට අධිකරණ නියෝගමත දරුවන් ඇතුලත් කරගැනිමේ දි  එම දරුවන් වෛද්‍ය පරික්ෂණයකට ලක්කොට නිරෝගි දරුවකු බව තහවුරුකර ගැනිමෙන්පසු ඇතුලත් කරගන්නා ලෙස පරිවාස නිලධාරින්ට උපදෙස් ලබාදි තියෙනවා. 
 


දැනට සති දෙකකට පමණ අවශ්‍ය  අහාර ද්‍රව්‍ය තියෙනවා.මෙම තත්වය තවදුරටත් පැවතුනහොත් ආහාර ද්‍රව්‍ය සපයා ගන්නා ආකාරය පිළිබද අමාත්‍යංශය සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තුවන බවද පරිවාස කොමසාරිස්වරයා සදහන් කළේය.



අදහස් (1)

විදේශිකයන්ට - පිටස්තරයින්ට දකුණේ ළමා නිවාසවලට ඇතුළු වීම තාවකාලිකව තහනම්

Tissa Kumara Friday, 27 March 2020 02:34 PM

මේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට පියවර ගැනීම ඉතාම වැදගත් වෙනවා. දරුවන්ගේ ආරක්ෂාව හා අත්මාභිමානය තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමකි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 19 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 702 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site