IMG-LOGO

විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ කිරීමට සැරසෙති

( රංජන් කස්තුරි )          

ලංකා විදුලිබල මණ්ඩලයේ  දිගු කාලීන ජනතා සැලැස්ම ක්‍රියාත්මක කරන ලෙස බල කරමින් මේ මස 8 වැනිදා සිට අකුරට වැඩ කිරීමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට ලංකා  විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබේ.

මීට අමතරව මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ කරන සියලු රාජකාරී වලින්  ඉවත් වීමටද සංගමය දැනටමත් පියවර ගෙන ඇතැයි ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ලංකා විදුලි බල මණ්ඩලය සකස් කළ දිගු කාලීන ජනතා  සැලැස්මට බාධා කරමින් එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදුන්න හොත් ඉදිරියේදී  වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක්  දියත් කරන බවද එම සංගමය පවසයි.



අදහස් (5)

විදුලි ඉංජිනේරුවෝ අකුරට වැඩ කිරීමට සැරසෙති

naradha Friday, 04 May 2018 10:42 AM

අද රටේ පවතින බොහෝ අකුරට වැඩ සහ වැඩ වර්ජන වලට මුල, රජය තීරණ ගැනීමේදී වැනෙන සුළු වීමත්, ස්ථාවරයක් නැති වීමත්ය. උදාහරණයක් ලෙස, රටේ පුද්ගලික විශ්ව විද්‍යාල පිළිබද ප්‍රශ්නය මෙතෙක් දිග්ගැස්සී ඇත්තේ රජය දැඩි ස්ථාවරයක සිට ඒ පිලිබඳ තීරණයක් නොගැනීම නිසයි. අද රජය කරන්නේ හැම දෙනාට සවන් දෙනවාය කියමින් ප්‍රශ්න විසදීම සඳහා කල් මැරීමයි. අවසානයේ මේ සියල්ලෙන් බැට කන්නේ සාමාන්‍ය මහජනයයි.

:       0       26

hewawitharana Friday, 04 May 2018 11:57 AM

අගක් මුලක් නැතිව ඕනෑවට එපාවට කරනවට වඩා අකුරටම වැඩකරන එක කොයි තරම් හොඳ දෙයක්ද?

:       0       18

sanath Friday, 04 May 2018 06:49 PM

ඉංජිනේරුවන්ට තියෙන්නේ තමන්ට පැවරිලා තියෙන රාජකාරිය කරන්න. එයාලට තියෙන්නේ රජයේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න. රජයේ කාර්යභාරය තමයි ප්‍රතිපත්ති හදන එක. ඉංජිනේරුවෝ කියන්නේ රජයේ සේවකයෝ එයාලට පුළුවන් යෝජනා ඉදිරිපත් කරන්න නමුත් ඒවා අනිවාර්යයෙන් පිළිගන්න කියල බලකරන්න බැහැ.

:       39       2574

Asiri Saturday, 05 May 2018 04:55 AM

ඉංජිනේරුවෝ විදුලි ඉල්ලුමට සැපයුම ලබාදෙන්න සැලසුම් හැදුවාම මෙම කොමිසම ඒවා ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. අන්තිමට ලයිට් කපන්න වෙනවා. වැඩි ගාණට විදුලිය ගන්න වෙනවා. කොමිසමේ ඉන්නේ පරිපාලන සේවයේ අය.. එයාලා නෑ බෑ කියාගත්ත ගමන්...

:       0       7

SanathSaturday, 05 May 2018 07:58 AM

ඉංජිනේරුවෝ අපිටයි, රටටයි හරිම ආදරයක්නේ තියෙන්නේ. අපිට කරන්ට් එක නැතුව කරුවලේ ඉන්නවෙයි කියලා එයාලට දුකයිලු. මේවගේ උනන්දුවෙන් වැඩ කරන රජයේ සේවකයෝ සොයාගන්නත් අමාරුයි. ඒ නිසා ජනාධිපති පදවියත් අගමැතිකමත් කැබිනට් එකත් මෙයාලටම බාර දෙන්න කියල මං යෝජනා කරනවා.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 79 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 50 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 200 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site