IMG-LOGO

විජයානන්ද හේරත් අගමැති කාර්ය මණ්ඩලයට

 

(විනීතා එම් ගමගේ)

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය හා සන්නිවේදන අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විජයානන්ද හේරත් මහතා පත් කරනු ලැබ ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයේ කටයුතු කළ කාලයේ දී ජනාධිපතිවරයාගේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ ඔහු මහින්ද රාජපක්ෂ මහතා කම්කරු හා වෘත්තිය පුහුණු අමාත්‍යවරයාව සිටි කාලයේ දී සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යවරයාව සිටිය දී ද ඔහුගේ මාධ්‍ය නිලධාරියා ලෙස කටයුතු කර ඇත.

සේවා නියුක්තියන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ සන්නිවේදන අංශයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර ඇති හේරත් මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ මානව සම්පත් සංවර්ධන ආයතනයේ පාලක මණ්ඩල සාමාජිකයකු ලෙස ද කටයුතු කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් මාධ්‍ය වෘත්තියට පිවිසි හේරත් මහතා මාධ්‍ය සම්බන්ධීකරණ සහ මාධ්‍ය කළමනාකරණ ක්‍ෂෙත්‍රයේ වසර 25 කට වඩා වැඩි අත්දැකීම් සහිත වූවෙකි.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂවේදී ගෞරව උපාධිධරයකු වන අතර එම විශ්ව විද්‍යාලයේම සමාජ විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිධාරියකු ද වේ.  



අදහස් (5)

විජයානන්ද හේරත් අගමැති කාර්ය මණ්ඩලයට

චිත්‍රා Tuesday, 13 October 2020 11:17 AM

අම්මෝ... මේක නම් ඉතාමත් වැදගත් පත්වීමක්. මේ වෙලාවේ රටට ඕනේම දෙයක්. නියමයි සර්. අපි පුදුමාකාර විදියට ආඩම්බර වෙනවා මේ ගැන...

:       7       28

Rata Perata Tuesday, 13 October 2020 12:58 PM

සැමියා, බිරිඳ දෙන්නාටම නව පත්වීම් දීලා වගේ.. මේක නම් මේ වෙලාවේ හැටියට අත්‍යාවශ්‍යම කාරණයක්.. ඔහොම යං අප්පච්චි... බයියෝ තාම නිදි..

:       3       26

රනෝලිස් Tuesday, 13 October 2020 01:45 PM

හේරත් පුදුම සැලකිල්ලක්නේ සලකන්නේ මේ තනතුරු දෙකටම වඩා සේවයක් නගර සභාවක කම්කරුවෙක් කරනවා..

:       2       15

upali Tuesday, 13 October 2020 01:47 PM

එතකොට රොහාන් වැලිවිටට මොකද වුණේ..?

:       2       8

Amula Sunday, 18 October 2020 01:59 PM

මේ මනුස්සයින් නම් ඉගෙනගෙන මේ තැන්වලට ඇවිත් උපාධිත් එක්ක ප්‍රදානය කරලා තියෙන හැටි දැක්කාම පුදුම සතුටක් දැනෙන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 263 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 790 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site