(ඩයනා උදයංගනී)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාට රාජකාරී කටයුතු සඳහා ලැබුණු මුද්දරවලින් රුපියල් ලක්‍ෂ 19 ක් පමණ වටිනා භාවිතා නොකළ මුද්දර පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට යළි භාර දී තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රාජකාරි කටයුතු සඳහා සෑම වසරකම නිශ්චිත වටිනාකමකින් යුත් මුද්දර ප්‍රමාණයක් ලබා දෙන අතර පාර්ලිමේන්තු ධූර කාලය අවසානයේ දී ඉන් භාවිතා නොකල මුද්දර නැවතත් තැපැල් දෙපාර්තමේන්තුවට භාර දිය යුතු වේ.
ඒ අනුව තමන්ට ලැබුණු මුද්දර අතරින් භාවිතයට නොගත් මුද්දර මෙසේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි තැපැල් කාර්යාලයට භාර දී දුන් බව විජයදාස රාජපක්‍ෂ මහතා පැවසීය.
එසේ භාරදුන් මුද්දරවල වටිනාකම රුපියල් 19,27,780ක් බව ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.
එසේ භාවිතා නොකල මුද්දර ප්‍රථම වතාවට ආපසු භාර දෙන ලද්දේ තමන් බවත්, අන් කිසිවෙකුත් එසේ භාර දීම සිදු නොකළ බවත් පාර්ලිමේන්තුවේ පිහිටි තැපැල් කාර්යාලයේ නිලධාරීන් පැවසූ බව ද හිටපු මන්ත්‍රීවරයා කීවේය.
COMMENTS
පරක්කු වැඩියිනේ.. කළින්මනේ බාරදෙන්න තිබුණේ... මොකද මේ හදිස්සියේ බාරදෙන්න හිතුණේ...
සුදුහුණු ගාපු එක ඇරෙන්න වෙන කරපු හරිහමන් රාජකාරියක් නැති නිසා මුද්දර ඉතුරුවෙන්න ඇති...
ඕක විකුණලා සල්ලි ගන්න බැරිව ඇති..
මෙයාවත් මෙච්චර වටින්නේ නැහැ...
අද ඇවන් ගාර්ඩ් එකෙන් සල්ලි ගත්තා කියලා අනෙත් අයට මෙයා චෝදනා කරනවා මම ඇස් දෙකෙන් දැක්කා මෙයා සේනාධිපති එක්ක අනුරාධපුරයේ කඩ 50කියන හරියේ හිටියා...
බාර දෙන්න දෙයක් නෑ. පාවිච්චි නොකර හිටියාම ඉබේම අහෝසි වේවි...
අම්මෝ හරි වැඩක් කරලා... ඕක දැම්මේ හොඳ මිනිහා වෙන්නද? මේ සැරේවත් දේශපාලනයෙන් ගියොත් රටට සෙතක්..
ඇවර්න්ගාර්ඩ් මුදලාලිගෙන් හම්බවෙච්ච ගාණත් එක්ක බලනකොට මේක පොඩි ගාණක්. එ්කයි ආපහු දුන්නේ...
කවුරුහරි හොඳක් කළාම අගය කිරීමක් දකින්නේ නැති කුහකයෝත් ඉන්නවා වගේ.. අපිට වැරදුණෙත් ඔතනයි මිත්‍රයා...
මේ තරම් පූර්වාදර්ශී නම් මහජන බදුමුදල් වලින් ලබාගත් වාහනයත් ආපහු බාරදෙන්න. මන්ත්‍රී වරයෙකුව සිටියදීම තම වෘත්තීය වූ නීතිඥයකු ලෙස අධිකරණයේද පෙනීසිටි නිසා ගෞරවනීය පුරවැසියකුට එලෙස මුදල් ගැනීම ලැජ්ජා සහගතයි. යූ.බී. වන්නිනායක මහතා මුදල් ඇමතිව සිටියදී විදේශගත වනවිට තම රාජකාරී දුරකථනය තැපැල් කාර්යාලයේ තබා ගිය බව අසා ඇත. මේ රටේ කීර්තිමත් රාජ්‍ය නායකයකු වූ හිටපු අග්‍රමාත්‍යවරයකු වූ ගරු ඩඩ්ලි සේනානායක මැතිඳුන් මිය යන විට බැංකුවේ රුපියල් 425/-ක් පමණ මුදලක් බව අසා ඇත. යළි කවදා මෙවන් ගරු දේශපාලකයින් මේ බිමේ බිහිවේදෝ...!!!
පාර්ලිමේන්තුවේ ඉන්න හොඳම ඩීල් කාරයින් තමයි.
ඩීල් දැම්මා ඇරෙන්න වැඩක් කළේ නැහැ ඉතින්. මුද්දර ඔක්කොම ඉතුරු ඇති. උගත් හොරුත් පාර්ලිමේන්තුවේ ඉන්නවා... ඒ අයත් හරිම භයානකයි..