IMG-LOGO

වෑන් රථ රියදුරාට පහරදුන් ආරක්‍ෂකයෝ සීසීඩීයට බාරවෙති

(මනෝප‍්‍රිය ගුණසේකර)

ඩිෆෙන්ඩර් රථයකට හා ප‍්‍රාඩෝ රථයකට ඉස්සර කිරීමට ඉඩ ලබානුදුන් බව කියමින් වෑන් රථයේ රියදුරාට පහරදුන් බව කියන ඩිෆෙන්ඩර් රථයේ හා ප‍්‍රාඩෝ රථයේ ගමන් කළ ආරක්‍ෂක නිලධාරීහු දෙදෙනෙක් නීතීඥවරයකු මාර්ගයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයට අද (19)  පස්වරවේ බාරවූහ.

කොළඹ නුවර මාර්ගයේ කළගෙඩිහේන ප‍්‍රදේශයේදී පසුගිය 16 වැනිදා සිදුවූ බව කියන මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙම ආරක්‍ෂක නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්‍ෂණ ආරම්භ කර ඇති බව හෙළි වීමෙන් අනතුරුව අදාළ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා මෙලෙස නීතීඥවරයකු මාර්ගයෙන් බාරවී ඇතැයි වාර්තා වේ.

මහදවල් විශාල පිරිසක් බලා සිටියදීම ප‍්‍රධාන මාර්ගයකදී සිදුකළැයි කියන මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් විශාල ප‍්‍රචාරයක් ලැබීමත් සමඟ මේ පිළිබඳ විමර්ශන කටයුතු වැඩබලන පොලිස්පතිවරයා විසින් කොළඹ අපරාධ කෙට්ඨාසයට බාර කරන ලදී.

පහර කෑමට ලක්වූ බව කියන වෑන් රථ රියදුරාගෙන් ප‍්‍රකාශ සටහන් කරගත් කොළඹ අපරාධ කෙට්ඨාසයේ නිලධාරීහූ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් සිටින අවස්ථාවේදී නීතීඥ හරිත් හෙට්ටිආරච්චි මහතා මාර්ගයෙන් අදාළ ආරක්‍ෂක නිලධාරීන් දෙදෙනා කොළඹ අපරාධ කෙට්ඨාසයට බාර වූහ.

 

 

 

 

 

 



අදහස් (22)

වෑන් රථ රියදුරාට පහරදුන් ආරක්‍ෂකයෝ සීසීඩීයට බාරවෙති

Hafeel Friday, 19 July 2019 03:40 PM

දැන් මේ දෙදෙනා මේ නීතීඥයාගේ සේවාදායකයා...

:       0       249

Faskual Friday, 19 July 2019 03:44 PM

කවුරු හරි දේශපාලකයෙක් කරපු වැඩක් වහන්න වෙන කෙනෙක් ඉස්සරහට දැම්මාවත්ද?

:       1       145

Raveendra Friday, 19 July 2019 03:50 PM

අනේ අම්මපා පුද්ගලික මල් ශාලාවල සේවය කරන "කෝට්, කබා " ඇදගත් හිවල්ලුන් මේවගේ නිල මැස්සන්ගේ පිහිටට එනවනේ... ලැජ්ජයි...

:       8       975

Nuwan Friday, 19 July 2019 04:06 PM

දැක්කද මාධ්‍ය වල සහ සමාජ ජාලා වල බලය. ඔන්න ඔය විදියට අපි හැම අසාධාරනයක්ම ලොවට එලි කරමු. ලංකාදිපයත් අපක්ෂපාති ලෙස ප්‍රවෘත්ති ගේනවා

:       1686       2363

Sam Friday, 19 July 2019 04:33 PM

කෝස්ට් කන්වර්සේෂන් දෙපාර්තමේන්තුව (CCD) මේ වගේ තමන්ගේ විෂය පරාසයෙන් එහාගිය කරුණු හොයා බලා කටයුතු කරන එක ගැන අපි රටක් විසින් ආඩම්බර විය යුතුයි.

:       72       143

chandima Friday, 19 July 2019 04:42 PM

මොනවා වෙන්නද වැඩිම වුණොත් කොමිටියක් දායි... ඔන්න රියැදුරු අත්අඩංගුවට ගත්තා නම් නඩු අහලා හිරේට යවනවා...

:       0       74

Chanak los angeles Friday, 19 July 2019 04:47 PM

ඔන්න දැන් සාටකයන් කියයි රණවිරුවන් දඩයම් කරනවා කියා...

:       1734       1654

ධම්ම Friday, 19 July 2019 06:36 PM

හික්ස්! චානක් ලොස් ඇංජලිස් ට වලිගේ පෑගිලා. සිද්ධියට සම්බන්ධ බලවතා ඔයාගේ යූ. එන්. පි. යේ කෙනෙක්. ඒ ආරක්ෂක නිළධාරීන් ත්‍රිවිධ හමුදාවේ හෝ පොලීසියේ අය නෙවෙයි කොළපාට මැරයෝ ඒ අය...

:       1016       1304

aseSaturday, 20 July 2019 04:12 AM

අපිටත් කියන්න කව්ද කියලා? එන ඡන්දයේදී සලකන්න!

:       0       0

shanSaturday, 20 July 2019 05:30 AM

කලගෙඩිහේන ප්‍රදේශයේදී මහමග ධාවනය වූ වෑන් රථයක්‌ නවතා එම වෑන් රථයට පහරදී ඇත්තේ ගණිතය සම්බන්ධ දේශන පවත්වන ප්‍රසිද්ධ දේශකයකුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන් පිරිසක්‌ බව කොළඹ අපරාධ කොට්‌ඨාසය සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

:       0       20

BamunuarachchiSaturday, 20 July 2019 09:12 AM

මම ලීවා මේ හාදයාට තිබෙන්නේ සාටක ෆෝබියාව කියලා... එයාගේ වයිෆ් එ්ක කන්ෆෙර්ම් කළා.

:       1       92

BamunuarachchiSaturday, 20 July 2019 02:47 AM

හිතන්න බුද්ධියක් නැති වුනත් තිබෙනවා වගේ හැසිරෙන්නකෝ.

:       0       0

tikiriSaturday, 20 July 2019 05:28 AM

රට වෙනුවෙන් යුද්දෙට ගිය සොල්දාදුවන්ට රණවිරුවෝ කියන්නේ... ඒ යුද්දේදි කොටි මරපු වරදට සොල්දාදුවන්ට දඬුවම් දෙනවට තමයි රණවිරු දඩයම කියන්නේ... නැතිව කළු සල්ලි වියදම් කරකර රඟපාන අපරාධකරුවන් රකින ඔය වගේ කටුකන බල්ලන්ට කියන්න නමක් සිංහල භාෂාවේ නැහැ.

:       0       151

Chanak los angelesSaturday, 20 July 2019 03:38 PM

සාටකයන් සාටකයට කරන්නෙත් අවමානයක් ..

:       1       1

BamunuarachchiSaturday, 20 July 2019 05:14 PM

මාර ෆොබියාව්ක් වෙව්ලනකොට කට ගැහෙන්නෙත් සාටක සාටක කියලා. අනේ පව් අපි කියලා මොනවා කරන්නද? කියන්න වෙන්නේ කුම්බලා මාළු කෑවානම් වින්දවපන් බළලෝ කියලා තමයි.

:       2       0

Bamunuarachchi Saturday, 20 July 2019 02:35 AM

කාගේ ආරක්ෂකයෝද? මගේ ප්‍රදේශයේ දවස් කීපයකට පෙර වුන සිදුවීමක් මේ. ඒ අවමංගල්‍ය පෙරේදා සිදුකලා. අර කොල්ලා ඇප ලැබී එදාම ගෙදර ගියා. කොහොමද පොලිස්සිය?

:       0       0

ase Saturday, 20 July 2019 04:18 AM

සල්ලි වලට මේ වගේ මැරයෝ වෙනුවෙන් ඉදිරිපත් වෙන කළු කෝට් කාරයන්ට මෙන්න වැඩක්.

:       0       0

KANDEPOLA Saturday, 20 July 2019 04:30 AM

ආරක්ෂක නිලධාරීන් ??????

:       0       0

සෙනෙවි Saturday, 20 July 2019 06:00 AM

දැන් ඔයිට පස්සේ ඩිෆෙන්ඩර් වලින් එන එකාලා පාට් එක දැම්මොත් නෙලලා දාන්න ඕනෑ..

:       0       270

සේන Saturday, 20 July 2019 07:09 AM

බය නැතිව බාරවෙනවා. හරියට පූස් පැටව් මරලා ගෙදරට එන ළමයින් වගේ. ඔය ගෙදරදී නාවලා එළියට දානවා. අන්න ඒකයි දැන් ඒ ඇත්තන්ගේ රාජකාරිය...

:       0       15

Ruhunu Saturday, 20 July 2019 12:12 PM

අනුන්ගේ කුණු කන පිරිසක්......

:       0       1

Bamunuarachchi Monday, 22 July 2019 04:02 AM

"අර කොල්ලා ඇප ලැබී එදාම ගෙදර ගියා. කොහොමද පොලිස්සිය?"

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 259 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 784 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site