
(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව එගොඩඋයන ප්‍රදේශයේදී මාර්ගය මැද ඉදිකර ඇති සිමෙන්ති බැමි තීරුවේ සවිකර ඇති යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට ගිය පුද්ගලයෙකු ශාන්ත ආනා පාර ඉදිරිපිටදී මෝටර් රියක සහ ලොරියක අද(13) ගැටී පානදුර මූලික රෝහලට රැගෙන යමින් සිටින අතරතුර දී මියගොස් ඇති බව අඟුලාන පොලිසිය පැවසීය.
මිය ගිය තැනැත්තා කවුරුන්ද යන බව මේ වනවිටත් තහවුරු කරගෙන නොමැති බව සඳහන් කරන පොලිසිය මොහු වයස අවුරුදු 55 ක් පමණ වන පුද්ගලයෙකු බවද පැවසීය.
යකඩ වැටට ඉහළින් පැන පාර මාරුවීමට පැමිණි අවස්ථාවේදී කාරයේ ගැටී අනිත් පසින් ධාවනය වෙමින් තිබූ ලොරියේ ද ගැටී ඇතැයි පොලිසිය පැවසීය.රිය අනතුර සම්බන්ධයෙන් මෝටර් රථය සහ ලොරි රථය පැදවූ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මියගිය තැනැත්තාගේ මෘත දේහය පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව පොලිසිය පැවසීය.
අත්අඩංගුවට ගත් මෝටර් රථයේ සහ ලොරි රථයේ රියදුරන් දෙදෙනා හෙට(14) මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.
2025 දෙසැම්බර් මස 30
45
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
715
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
වැටෙන් පැන පාර මාරුවීමට ගිය අය මරුට
කොරලවැල්ල Wednesday, 13 January 2021 10:17 AM
සමහර වෙලාවට වැටෙන් පැනලා මේ මිනිස්සු පාර එයාලාගේ වගේ යන්නේ... වාහන නවත්තන්න ඕනේ එයාලා යනකම්...
අනුර පැස්කුවල් Wednesday, 13 January 2021 11:09 AM
කවුද මේ කහ ඉර අන්දපු කෙනා? එක්කෝ වැට ගලවන්න ඕනේ... නැත්නම් කහ ඉර මකන්න ඕනේ. ලංකාවනේ..
PakeerWednesday, 13 January 2021 03:45 PM
ඔයා ගාලු පාරේ ගිහිල්ලා නැහැ වගේ. මොරටුවේ තියෙන්නේ එහෙම තමයි. සම්පූර්ණ පාර එකසැරේට පනින්න බැරි වෙන්න තමයි මෙහෙම ගහලා තියෙන්නේ. හොඳට බලන්න මෙතන යකඩ වැට ඩබල් තියෙන්නේ. මේක තමයි හරි ක්‍රමය... ඔයා කොහේද? පොළොන්නරුවේද?
අනුර පැස්කුවල්Wednesday, 13 January 2021 04:54 PM
හෑ ... එහෙමද හරි ක්‍රමය? මම කොළඹ නොවෙච්ච එකමයි කාරිය...