IMG-LOGO

වත්මන් පාලනයේ අඩුපාඩු එස්.බී.දකී

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපේක්‍ෂා කළ වැඩ කිරීමට නොහැකි වීමෙන් කඩා වැටී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා පසුගිය කාලයේ හොඳ ජනප්‍රියතාවයෙන් සිටි බවත් ඔහු බලාපොරොත්තු වූ කිසිඳු වැඩක් කර නොමැති බවත් දිසානායක මහතා පැවසීය.
දිසානායක මහතා පැවසුවේ ජාතික පාසල් දහසක වැඩසටහන ඉටුවී නොමැති බවත් ඉඩම් ඔප්පු පිරිනැමීමේ වැඩසටහනත් ක්‍රියාත්මක නොවන බවත්ය. 
ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්ගේ 90 වැනි ජම්ම දිනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ සුබ පැතුම් පණිවුඩ රැගෙන ගැටඹේ විහාරස්ථානයට ගිය අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා එසේ පැවසීය. 
කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් සහ දිසානායක මහතා අතර සාකච්ඡාව මෙසේය.
● කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමි:
ඇත්ත වශයෙන්ම අපි කළකිරිලා ඉන්නේ. අපිට ඕන නෑ කියලා හිතුණා. මම මේ දේශපාලනය කරන්නෙත් නෑ. කරලා වෙච්ච හරිය පේනවනේ දැන්
● එස්. බී. දිසානායක මහතා:
“ජනාධිපතුමා පසුගිය දවස්වල ඇමරිකන් ජනාධිපති වගේම හොඳමට ජනප්‍රියත්වයේ හිටියා. 
ඇවිල්ලා කිව්වා මම හොඳමට වැටිලා ඉන්නේ කියලා. මොකද කියලා ඇහුවා. ලේකම්වරුත් හිටියා. මම කිව්වා ජනාධිපතිතුමා ඔබතුමා කිව්ව කිසිම දෙයක් කෙරිලා නෑ. මම ඇහුවා ඇයි ඒ කියලා.
මම කිව්වා ඔය ඉස්සරහ ඉන්න අධ්‍යාපන ලේකම්, එතුමා කිව්වානේ ජාතික පාසල් දාහක්, දැන් අහන් කීයක් හදලා ඉවරද කියලා. එකක්වත් නෑ. එතකොට එයා කිව්වා තවම ලැයිස්තුව හදනවා කියලා. අවුරුදු එකහමාරක් ලැයිස්තු හදනවා.
මම ඇහුවා ඉඩම් ඔප්පු දෙනවා කිව්වනේ දැන් කීයක් දීලා තියෙනවද? ඒකත් තව වෙලා නෑ. 
කිව්වට හාමුදුරුවනේ වෙන්නේ නෑ. අනේ මම දන්නේ නෑ. අධ්‍යාපනයට ජී. එල්. මුකුත්ම කරන්නෙ නෑ. වේගයෙන් වැඩ කරන්න ඕනෙ එහෙම නැතුව බෑ.
ගැටලුවක් තියෙනවා අපේ ප්‍රධාන ආදායම් මාර්ග කඩාගෙන වැටිලා. හැබැයි චීනය අපිට කියලා තියෙනවා ඕන ගානක් ගන්න පුළුවන් දවසක දෙන්න කියලා. පණිවුඩය පැහැදිළිවම ආණ්ඩුවට කියලා තියෙනවා.
පාස්කු ප්‍රහාර පිළිබඳව සියලු තොරතුරු ආණ්ඩුවට ලැබුණා. ඒ තොරතුරු අගමැතිතුමා අතෙත් තිබුණා. ඒ වෙලාවේ ආරක්‍ෂ ඇමති හැටියට හිටියේ සාගල රත්නායක එයා ළගත් තිබුණා. හුගක් වෙලාවට ආරක්‍ෂක ලේකම්ටත් ආවා. හැබැයි මේ සියලුම දෙනාගේ ඔළුවේ තිබුණෙ ඊළඟ ජනාධිපති ඡන්දේ”

 



අදහස් (4)

වත්මන් පාලනයේ අඩුපාඩු එස්.බී.දකී

Perera Thursday, 08 April 2021 04:59 AM

මෙයාට ඇමැතිකමක් දීලා තිබුණා නම් ඔය කතාව වෙනස් වෙනවා නිසැකයි.

:       1       28

Puppa Thursday, 08 April 2021 07:46 AM

මේ යෝධයා බඩගින්නේ ඉන්නේ හොරාකන්න තැනක් ඉල්ලලා. මෙයා කොයිතරම් මුදල් කන්දරාවක් හොරකම් කරලා ඇද්ද?

:       1       9

විපරමා Thursday, 08 April 2021 08:44 AM

සමෘද්ධි, ක්‍රිකට් ,අධ්‍යාපන අමැති වෙලා ඉන්න කාලේ කරපු හරිය අපි නොදන්නවා නෙවෙයි .දැන් මොකුත් කරන්ඩ බැරුව හිතේ අමාරුවට කියන කතා ?

:       1       7

Sanka Thursday, 08 April 2021 09:28 AM

හැබැයි... දැන් නම් රටම ෆේල්.... කියලා වැඩක් නැ ඒ ගැන.. 69 ලක්ෂෙන් එකෙක් වත් හොයාගන්න නැහැ ...

:       1       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 264 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 792 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1205 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site