IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්

 (යොහාන් භාසුර)
ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු සැපයූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට එරෙහිව විනය පරීක්‍ෂණයක් පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.


සිම්බාබ්වේ පිලට එරෙහිව මේ මස 30 වැනිදා ආරම්භ වන එක්දින තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතයට ලසිත් මාලිංග ඇතුළත්ව සිටින බවත් එම සංචිතය පසුගිය සිකුරාදා (23) ක්‍රීඩා ඇමතිවරයාගේ අනුමැතියට යොමුකර තිබුණ බවත් දැනගන්නට ලැබේ. එහෙත් මෙම සංචිතයට අද සවස් වරුව දක්වා අනුමැතිය ලැබී නොතිබුණි.

 

  සම්පූර්ණ වාර්තාව සඳහා http://kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න   



අදහස් (16)

ලසිත් මාලිංගට විනය පරීක්‍ෂණයක්

anura Sunday, 25 June 2017 12:48 PM

මේකද යහපාලනය? පුද්ගලයෙකුට සාධාරණව අදහස් ප්‍රකාශ කරන්න බැරිද? ලසිත් මාලිංග කිව්වේ සම්පූර්ණ ඇත්ත. ඇත්ත කිව්ව නිසාද විනය පරීක්ෂණ තියන්නේ. මහ ලොකුවට කියන්නේ නම් දැන් ඉස්සරට වඩා නිදහස තියෙනවා කියලයි. ලෝක කුසලානය දිනපු නායකයාගේත් බඩ තිබුණා. නමුත් ලෝක කුසලානය දිනුවා.

:       70       1055

mohanMonday, 26 June 2017 04:52 AM

1996 ජයග්‍රහණයෙන් පසු හිටපු නායක අර්ජුන මහත්තයා කළෙත් මේ වගේ ප්‍රකාශ කරලා පරිපාලනය විවේචනය කිරීම. ඔබතුමා නොදැන සිටියාට මේ ජාතික කණ්ඩායමේ වැටුපට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් යම් විනය නීති මාලාවකට යටත්ව සිටිනවා. ඔවුන් කටයුතු කල යුත්තේ එක රාමුවක් තුළ... මෙය ක්‍රීඩකයන්ගේ සීමා ඉක්මවායාමක්....

:       0       0

nuwan Sunday, 25 June 2017 01:08 PM

ඇමැති දයාසිරි මහත්තයානේ මුලින්ම පටලවා ගත්තේ .... ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳ ප්‍රශ්නයක් ක්‍රීඩා එතුමාට තිබුණා නම් ඒ ගැන කතා කල යුතු වන්නේ ක්‍රිකට් ආයතනය තුල මිසක් මාධ්‍ය ඉදිරියේවත් පර්ලිමෙන්තුවේවත් නෙවෙයි. ඒකට මාලිංග දුන්නු පිළිතුර වරදක් නෙවෙයො. කාටත් තියෙනවා ආත්ම ගරුත්වයක්. මාලිංගව ටීම් එකෙන් කපන්න ආවොත් ජනතාවගෙන් කැපෙන්නේ දයාසිරි ඇමතිතුමාවයි. ක්‍රීඩකයන් ඇමතිතුමාට ගොට්ට අල්ලනවා නම් විතරක් ටීම් එකට ගන්න සම්ප්‍රදාය තිබුණොත් ලංකාවේ ක්‍රීඩාවට දෙයියන්ගේම පිහිටයි...

:       18       557

kithsiri Sunday, 25 June 2017 01:43 PM

ක්‍රීඩකයන්ට අපහාස කලාට ඇමතිවරයාට මොකුත් විනය පරීක්ෂණයක් නැද්ද?

:       18       347

kumar (galf) Sunday, 25 June 2017 06:55 PM

මෙයා හොර ඇමතියෙක්, මෙයා දන්නා ක්‍රිකට් එකක් නෑ,මෛයාට කියන්න කුරුණෑගල කුඹුරු කොටන්න යන්න කියාලා. හිටපු එකාවගේ මෙයත් ක්‍රිකට් ක්‍රීඩාව කන්න තමා හදන්නේ.

:       1       79

vidhyadhara Weerakoon - Kurunegala Monday, 26 June 2017 01:19 AM

ඇමතිට විරුද්ධවයි විනය පරීක්ෂණයක් තියන්න ඕනෑ. එයාට අයිතියක් නෑ ක්‍රීඩකයන්ට අපහාස කරන්න.

:       1       81

jayantha Monday, 26 June 2017 01:43 AM

මාලිංග කියන්නේ නියම කොන්ද පන තියෙන කොල්ලෙක්. දයාසිරිලා යැපෙන්නේ ජනතාවගේ චන්දෙන්, නමුත් මලින්ද යැපෙන්නේ මාලිංගගේ දක්ෂතාවයෙන් කියල දයාසිරි තේරුන් ගත්තොත් හොඳය.

:       1       109

wije Monday, 26 June 2017 01:46 AM

ඇත්ත තමයි ලසිත් මාලිංග කිවුවේ ගිරව් එලියට ඇදල දාලා රිලව් බෙනය ඇතුලට රිංගලා මෙහෙම ගියොත්නම් අපිට 2020 ලෝක කුසලානයට සහබාගි වෙන්නත් බැරිවේවි.

:       1       105

channa Monday, 26 June 2017 01:52 AM

මෝඩ ගිරවට දැන් රිළවා ළග දන ගහන්න වුණා.

:       140       13

දිනේෂ් Monday, 26 June 2017 02:25 AM

ක්‍රිකට් ටීම්එකේ තරම දැන් පේනව හොදට

:       3       0

sriya Monday, 26 June 2017 02:43 AM

අර හරින් ඇමතිතුමා වගේ කන හරහා දෙකක් දුන්නනම් මාලිනගටත් කිසි ප්‍රස්නයක් නැතුව ඉන්න තිබුන. මාලිංග ඊට වඩා සංවර වුනානේ. මාලිංග අත ඉස්සුවනම් මිනිහගේ කන ගෙන්න වෙනවා.

:       0       38

sam Monday, 26 June 2017 03:10 AM

දයා සොරි දන්න කිරිකොස්.

:       4       104

mohan Monday, 26 June 2017 04:55 AM

තමන් දරන දේශපාලන අරමුණු නිසා මෙහි මාලිංගට ආවඩන උදවිය කරන්නේ ලංකාවේ ක්‍රීඩාව වලපල්ලට යාමට උඩ ගෙඩි දීමක්.... ඕනෑම ක්‍රීඩාවක විනය නීති මාලාවක් ඇති අතර ක්‍රීඩකයන් පරිපාලනට යටත් විය යුතු වෙනවා.

:       110       135

desilva Monday, 26 June 2017 03:27 PM

එක්දහස් නමසිය අනූගණන් වල ලංකාවේ දේශපාලකයන් ක්‍රිකට් ක්‍රීඩාවට මෙතරම් ඇඟිලි ගැහුවේ නැහැ. හොඳම උදාහරණය අර්ජුන රණතුංග මහත්මයාගේ පියා ශ්‍රී.ල.නි.පෙ. ප්‍රබල දේශපාලකයෙක්... නමුත් රටේ තිබුනේ එ.ජා.ප ආණ්ඩුවක්.... ක්‍රීඩකයොත් මේ වගේ මුදල් පසු පස දිවුවේ නැහැ... විනය ඉහලින් පැවතුණා දැන් වගේ නෙවේ. ඔවුන් ලෝක ශුරතාවය දිනුවා. දැන් සියල්ල කණපිට පෙරලි ඇත. අපට සිදුවන්නේ බටහිර ඉන්දීය කොදෙව්වන්ට මෙන් දශක 2-3 ක් බලන් ඉන්න තමයි.

:       0       0

kumar (galf) Wednesday, 28 June 2017 05:38 AM

ඇමතිතුමාට විනය පරීක්ෂණයක් තිබ්බොත් නරකද? මේකට කියන්නේ බල්ලගේ වැඩේ බූරුවා කරන්න යනවා කියලා නේද?

:       0       47

kumar (galf) Wednesday, 28 June 2017 12:19 PM

ක්‍රිකට් ගහන අයටයි, පුහුණු කරන අයටයි, තේරීම් කමිටුවටයි ක්‍රිකට් වැඩ කරන්න දීලා, මේ දේශපාලකයෝ තමන්ගේ බඩ වඩාගන්න දේශපාලනය කළානම් ඉවරයිනේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 10 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 726 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1335 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1538 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 847 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 796 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site