IMG-LOGO

ලක්ෂ 50ක කහ තොගයක් පේසාලේහිදී ලොරියකින් සොයාගනී

(සිතුම් චතුරංග)
 
ඉන්දියාවේ සිට නීතිවිරෝධීව මුහුදු මාර්ගයෙන් ගෙන්වූ බවට සැකකෙරෙන, ලක්ෂ 50ක් පමණ වටිනාකමින් යුතු වියළි කහ කිලෝ 1024යි ග්‍රෑම් 245ක් සමඟ ලොරි රථයක් මන්නාරම, පේසාලේ පෙරියකාසල් ප්‍රදේශයේ දී සිය බාරයට ගත් බව පේසාලේ පොලිසිය කියයි.

පේසාලේ පොලිස් නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව කළ වැටලීමක දී නිවසක් ආසන්නයේ නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කිරීමේ දී කහතොගය හමු වී තිබේ.
 
විශාල ප්‍රමාණයේ පොලිතීන් මලු 29 ක් තුළ මෙම වියළි කහ තොගය අසුරා තිබූ බවත්, වැටලීම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පැනගොස් සිටි බවත් පොලිසිය සඳහන් කළේය.
 
ලොරි රථය පොලිසිය බාරයට ගෙන ඇති අතර එම තොරතුරු ඔස්සේ සැකකරුවන් සොයා විමර්ශනය සිදුකරන බව පොලිසිය පැවසීය.
 
අත්අඩංගුවටගත් කහ තොගය යාපනය රේගු පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතය. පේසාලේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.



අදහස් (3)

ලක්ෂ 50ක කහ තොගයක් පේසාලේහිදී ලොරියකින් සොයාගනී

isurandi Sunday, 27 September 2020 11:16 AM

පිටරට සිට තම පවුලේ අයට ගෙදර පාවිච්චියට කහ කිලෝවක් දෙකක් එවන්න බැරිද එයාර් කාගෝ මගින්.

:       0       0

Prabha Sunday, 27 September 2020 03:01 PM

ඇයි ලංකාවේ කහ වලට ඔච්චර ඉල්ලුම.

:       1       0

Chandima Monday, 28 September 2020 05:58 AM

71 හාල් පොලු මතක් වෙනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 781 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1203 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site