(හැටන් රංජිත් රාජපක්ෂ)
කාන්තාවකගේ ගෙල බැඳ තිබූ රුපියල් ලක්ෂ තුන හමාරක් පමණ වටිනා රන්මාලය කඩා ගෙන දිවගිය පුද්ගලයෙක් පොලිසියට අසුවූ අවස්ථාවේදී එම රන් මාලය ගිලදමා තිබේ.
හැටන් තරුණ බෞද්ධ සමිතියට පිවිසෙන මාර්ගයේ ගමන් කරමින් සිටි කාන්තාවකගේ රන් මාලය කඩාගැනීම සම්බන්ධයෙන් හැටන් පොලිසියට ලද පැමිණිල්ලක් මත හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් වහාම ක්‍රියාත්මක වී හැටන් නගරයේ ස්වර්ණාභරණ උකසට ගන්නා වෙළඳසල් වලින් ඒ පිළිබඳ තොරතුරු විමසා තිබේ. පසුව සැකකරු පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් පොලිස් නිලධාරින් නිලධාරින් විසින් සැකකරු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් විටදී සැකකරු විසින් ඔහු සන්තකයේ තිබු රන්මාලය ගිලදමා ඇත.
සැකකරු මේ මස (21) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය (08) දින නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ හැටන් හිජිරාපුර පදිංචි අබ්දුල් මුතාෂ් මොහොමඩ් අලි නැමැති (33) හැවිරිදි යන අයයි.
අත්අඩංගුවට ගත් සැකකරු හැටන් පොලිසියේ නිලධාරින් විසින් දික්ඔය මූලික රෝහලවෙත ඇතුළත් කර එක්ස්රේ ඡායාරුපයක් ගෙන පරීක්ෂා කර බැලිමේදී එම රන්මාලය සැකකරුගේ උදරයේ රැඳී තිබෙන අයුරු පැහැදිලිව පෙනෙන්නට තිබුණි.
හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය බන්ධනාගාර නිලධාරින්ට නියෝග කර ඇත්තේ සැකකරු බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර සැකකරුගේ උදරයේ රැඳී ඇති රන් මාලය පිටතට ගන්නා ලෙසයි. එම රන්මාලය වැඩිදුර පරීක්ෂණ සඳහා හැටන් පොලිසිය වෙත බාරදී සැකකරු මේ මස (21) දින අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත් දමයන්ති ප්‍රනාන්දු මහත්මිය නියෝග කළාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්ෂ තුන හමාරක රන් මාලය ගිල දමයි
saman Saturday, 08 August 2020 11:28 AM
මෙයාට නම් එනපාර ඡන්දෙට ඉදිරිපත් වෙන්ට මූලික සුදුසුකම් තියෙනවා.
විජිත් Saturday, 08 August 2020 01:48 PM
රන් මාල කැඩීම පිළිබඳ නම්දරාපු දේශපාලකයෙකුගේ ශිෂ්‍යයෙක් වෙන්න ඇති...!!!
සමිත සේනක අලුත්ගමගේ. Saturday, 08 August 2020 04:34 PM
සාමාන්‍යයෙන් මාල හොරෙකු මාල ගිලින්නේ ඉන්පසු මාලය සොයාගන්න බැරි වෙන්නයි. බොහෝවිට මාලේ ලඟ නැති උනාම පොලිසිය විසින් හොරාව අතහැර දමනවා. එහෙත්, මෙහිදී එසේ නොවීම අගය කළ යුතු දෙයක්. විනිසුරු තුමිය සිදු කොට තිබෙන්නේ ඉතාමත්ම අගනා දෙයක්. එක්ස්රේ කිරීම නිසා මාලය ගිල්ල බව ඔප්පු වෙනවා. ඉන්පසු කුමක් හෝ බොන්නට දී වමාර වන්න ඇති. ආයෙත් මාල නම් ගිලින එකක් නැහැ....
බද්රානි Saturday, 08 August 2020 09:38 PM
අපේ හොර පුතා හරියටම හරි... අපි තුන් වේලටම බත් කාලා, දේශීය ක්‍රමයට අල, බතල ගිල්ල පාපය තමයි මේ තවමත් කර ගහගෙන යන්නේ.. කෝච්චි වල විතරක් නෙමේ, කොටි ග්‍රහණයට ( LTTE) අසු උන අහිංසක ද්‍රවිඩ ජනතාවගේ රත්තරන් ටික මංකොල්ල කාපු අයත් ඉන්නේ අද රජ පුටුවල?? උඹ හරි මගේ පුතේ???
Prasad Sunday, 09 August 2020 05:01 AM
කලුතර ඇමැතිතුමාගෙන් උපදෙස් ගත්තා නම් අහුවෙන්නේ නැතිව වැඩ කරන්න තිබුණා.