IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංගම මගීන්ට කොවිඩ් සහන රක්ෂණ අරමුදලක්

 

(නිමල කොඩිතුවක්කු)

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවලින් ගමන් ගන්නා මගීන් සඳහා කොවීඩ් සහන රක්ෂණ අරමුදල  නමින් විශේෂ ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ.  

ලංගම බස් රථයක ගමන් කිරීමේදී කොවිඩ් ආසාදනය වුවහොත් එම ආසාදිත මඟියාට රුපියල් 10,000 ක ගෙවීමක් සහ යම් මගියකු කොවීඩ්   ආසාදනය වීමෙන් මියගිය හොත් ඔහුට රුපියල් 50,000 ගෙවීමක් සිදුකරන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

මෙම ආරක්ෂණ අරමුදලේ  ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මගින් තමන්ගේ ටිකට් පත ළඟ තබා ගැනීම අනිවාර්ය බවද සභාපතිවරයා සඳහන් කළේය.

ලංගම බසය ගමන් කිරීමෙන් කොරෝනා ආසාදනය වී ඇති බවට කොවීඩ්  විශේෂ බලකාය, ලංගම බුද්ධි අංශ, සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සහ වෛද්‍යවරු මඟින් තහවුරු කළ පසු මෙම මුදල් ගෙවීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.



අදහස් (1)

ලංගම මගීන්ට කොවිඩ් සහන රක්ෂණ අරමුදලක්

shamika Wednesday, 25 November 2020 12:05 PM

මේක බොරු වැඩක්... මේ මුදල් වෙනත් ඵලදායී දෙයකට යොමු කරන්න. මේ සල්ලිවලින් දුෂ්කර පළාතකට බස් එකක් දාන්න. මොකද අපි කොහොමද ඕවා ඔප්පු කරන්නේ?

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site