IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


රෝගී වී මියයන වැව් මාළු කරවලවලට වේලති

(ඩබ්. ඒ. පියතිලක)
 
රෝගී තත්වයක් හේතුවන් සති කිහිපයක සිට මින්නේරිය වැවේ මිය යන මසුන් රැස්කරන ධීවරයෝ කරවල නිෂ්පාදනයට සහ පරිභෝජනයට ජනතාවට අලෙවි කරමින් සිටිති.
 
සති කිපයක සිට වැවේ සිටින විශාල සහ කුඩා මසුන් මියයෑමට පටන් ගෙන ඇති බවත්, කිසිදු සතෙකු විසින් ආහාරයට නොගන්නා එම මසුන් වැව් ඉස්මත්තට ගසාගෙන එන බවත්, ප්‍රදේශයේ ජනතාව කියති.
 
හිඟුරක්ගොඩ ප්‍රදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධක්ෂක කාර්යාලයේ වෛද්‍ය ටී.එන්.කේ. විජේකොන් මහත්මිය මේ සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.
 
“මින්නේරිය වැවේ මාළු මිය යන බව තොරතුරක් අපිට ලැබුණා. ඒ සම්බන්ධයෙන්  සොයා බැලීම සඳහා ඒ ප්‍රදේශයට මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන් යොමු කරලා තිබෙන්නේ. මියයන මසුන් පරිභෝජනයට නොගන්නා ලෙස  ජනතාව දැනුවත් කිරීමට  නියමිතව තිබෙනවා.  මෙම මසුන් මිය යන්නේ කුමන හේතුවක් නිසාද කියලා රසායනික පරීක්ෂණයක් ද සිදුකිරීමට අවශ්‍ය කටයුතු  කරමින් සිටින්නේ. එතෙක් දැල් දමා අල්ලන මසුන් අලෙවි නොකරන්නැයි කියලා අපි ධීවරයන්ගෙන් ඉල්ලා සිටිනවා” වෛද්‍යවරිය කීවාය.
 
මින්නේරිය වැවේ ධීවරයින් පවසා සිටින්නේ වැවේ මැරී පාවෙන මසුන් ආහාරයට නොගන්නා බවය. එසේ වුවද, ඔවුන් මසුන් කපා කරවල බවට පත්කරමින් සිටින ආකාරය දැකගත හැකි විය.



අදහස් (3)

රෝගී වී මියයන වැව් මාළු කරවලවලට වේලති

janaka Wednesday, 16 September 2020 10:54 AM

මින්නේරිය සංචාරයේදී අපත් මේ බව දුටුවා.

:       0       0

Nuwan Wednesday, 16 September 2020 11:00 AM

සුන්දර ශ්‍රී ලංකා.. ඉන්න හිතෙන රටක් මේක..!!! 

:       0       110

Perera Wednesday, 16 September 2020 06:25 PM

කවුද කරවල ඇමැති?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 352 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2153 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1634 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site