IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රුපියල පහළටම වැටෙයි

(හර්ෂණ තුෂාර සිල්වා)
 
රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙමින් ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 159.55 ක් දක්වා අද (17) පහළ ගියේය.  
 
රුපියලේ විකුණුම් අගය මෙතරම් දුරට පහත වැටුණු පළමු අවස්ථාව මෙය වූ අතර මැයි මස 11 වැනිදා ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් රුපියලේ අගය 159.29ක් ලෙස දැක්විණි. එය මීට පෙර රුපියල පහත වැටුණු ඉහළම අගය විය. 
 
මේ වසරේ ජනවාරි 1 වැනිදා මැයි 11 වැනිදා දක්වා කාලයේදී ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව රුපියල 3.2කින් අවප්‍රමාණය වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. 
  
රුපියල වැඩි වශයෙන් අවප්‍රමාණය වූයේ අප්‍රේල් මස අගදී සහ මැයි මස මුලදී යැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව මේ වසරේ තෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය නිකුත් කරමින් (11) සඳහන් කළේය. 
 
පසුගිය වසරේදී රුපියල සියයට 2.5කින් සහ 2016 වසරේදී රුපියල සියයට 3.9කින් අවප්‍රමාණය වුණු බව ශ්‍රී ලංකා මහ බැංකු දත්ත වාර්තාවල දැක්වේ.   
 
(ඡායාරූප රොයිටර්)
 

 



අදහස් (23)

රුපියල පහළටම වැටෙයි

Raveendra Thursday, 17 May 2018 10:34 AM

කව්ද කෙනෙක් කිව්ව නේද එහෙම උනාම රටට ලොකු ලාබයක් ලැබෙනවා කියලා.?

:       1       244

ramaThursday, 17 May 2018 11:07 AM

ඔව් ඔව් රවී මුදල් ඇමති තමා කිව්වේ එක හොඳයි කියලා

:       0       118

Koththu baasThursday, 17 May 2018 11:24 AM

අපි හැමදෙයක්ම රටින් එනකන් බලාසිටිමු. එතකොට රුපියලේ අගය වැඩිවෙයි.

:       0       302

BamunuarachchiThursday, 17 May 2018 11:19 PM

නැතුව පුතේ! අපි ඇමති ගොයියන්ට කාර් ලංකාවේ හදන්නය

:       0       72

Asanka Thursday, 17 May 2018 11:00 AM

රජය අපහසුතාවයට පත්කරන්න එපා. මේ පත්තරේම තිබුනා නිරපේක්ෂ අගය වැඩිවෙලා කියලා හෙවත් දුප්පත්කම අඩුවෙලා කියලා.

:       415       233

sachith Thursday, 17 May 2018 11:58 AM

කොයි පාලකයා අාවත් ඕක තමයි වෙන්නේ... තව අවුරුදු 10ක් 15ක් යනකොට මේකත් සිම්බාබ්වේ වගේ රටක් වෙනවා. ලංකාදීපෙම තිබුනේ පුවතක් සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා කියලා ශ්‍රී ලාංකිකයන්ගේ බුද්ධි මට්ටම මන්ද බුද්ධික මට්ටමේ තියෙන්නේ කියලා.

:       0       0

Raveendra Thursday, 17 May 2018 12:16 PM

රජය නොවේ මොන කෙනා අමාරුවේ වැටුනත් කමක් නැහැ රටේ මහජනතාව අමාරුවේ නොවැටී තේරුනාද? මොකද දේශපාලකයෝ නම් යහතින් ඉහෙන් බසින රෝගයක් නැතිව යහතින් මහජන මුදලින් යස අගේට පිනටම කාලා බිලා ඉන්නවා. නමුත් සාමාන්‍ය පුරවැසියන් අනේක දුක් විදිනවා.

:       0       0

රාජුන් Thursday, 17 May 2018 12:28 PM

අපේ ඇමති මොළ කට්ටුවට මේ කියන බණේ කඳුලක් වත් තේරෙනවද මන්දා?

:       0       1

nimal Thursday, 17 May 2018 12:43 PM

එක එක හේතු පෙන්නමින් ගොඩක් මුදල් නෝට්ටු මුද්‍රණය කළා පහුගිය දවස්වල. කුරුටු ගාපු මුදල් නෝට්ටු වෙනුවට අලුතින් මුද්‍රණය කල මුදල් වල වටිනාකම කල පහුගිය දවස් වල පත්තරේ තිබ්බා. හිතන්නවත් බැරි මුදලක්... මුදල් නෝට්ටුවල කුරුටු ගහන්න තහනම්, එ්ක හරි, නමුත් එ්ක ඉදිරියට නවත්වන්න පුළුවන්ද? එ්ක ප්‍රායෝගික නෑ. මොකද ඒ.ටී.එම් එකෙනුත් කුරුටු ගාපු මුදල් නෝට්ටු එනවා. අනික සල්ලි වල කුරුටුගාලා තිබ්බා කියලා අපට එචචර ප්‍රශ්නයක්‌ වුනේ නෑ... ඉරිලා තිබ්බ සල්ලි කොළ ඇරෙන්න. මේක ආණ්ඩුව සැලසුම් කරලා කළදෙයක්.. අලුතෙන් වැඩිපුර මුදල් නෝට්ටු මුද්‍රණයට කියලයි මට හිතෙන්නේ.

:       0       0

සතයපාල Thursday, 17 May 2018 12:45 PM

දැන් ඊළඟට මහබැංකු අධිපතිවරයා කියයි. රුපියල අව ප්‍රමාණය වීම නිසා රජයට බිලියන මෙච්චර ප්‍රමාණයක ලාභයක් වුණා කියලා. ඊට පස්සේ ඛනිජ තෙල් භාර ඇමතිවරයා කියයි බොරතෙල් බැරලයක මිල ඉහළ ගිය නිසා තෙල්මිල වැඩි කළයුතුයි කියලා. අන්තිමට ආණ්ඩුවට ලාභය අපිට අලාභය...!!!

:       0       0

Soma dubayi Thursday, 17 May 2018 01:09 PM

මේවා බොරු කතා. රටට අපමණ අගයක් ලබා දුන්නේ, තිරසාර සංවර්ධනය, සහජීවනය, සංහිදියාව ඇති කරේ යහපාලන රජයයි.

:       12       0

ධනුෂ්ක Thursday, 17 May 2018 02:23 PM

වසරක අානයන වියදම ඩොලර් කෝටි 2000යි අපනයන අාදායම ඩොලර් කෝටි 1000යි. මේකට හරියන එකම විදිය තමා අාර්ථිකය තරමක් සංවෘත කිරීම. එ් කියන්නේ රටින් නැතිවම බැරි දෙයක් අැර වෙන මොකුත් නොගෙන්වා සිටීම. හැබැයි රට තුල එ්වා අැති තරම් නිෂ්පාදනය කරමින් එය කල යුතුයි. ඉන්පසු උපරිම වෙර යොදා රටේ නිෂ්පාදනය වැඩි කල යුතුයි. එ් නිෂ්පාදන අපනයනය සඳහා වෙළඳපොලවල්ද සොයා ගත යුතු අතර. එහිදී වර්තමානයේ සැප ගන්න තානාතිපති සේවයේ යොදවා අැති අය ගෙන්වා වැඩ පුලුවන් මිනිසුන් එ් සඳහා යෙදවිය යුතුයි. එමෙන්ම මෙච්චර කාලයක් නීතිය මගින් කරන්න බැරි වුන දූෂණය, අල්ලස, අපරාධ, හොරකම, පාතාලය, මත්උවදුර ලෙයින් යකඩින් හෝ මර්ධනය කල යුතුමයි. නැත්තම් මෙහෙම ගියොත් රටක් නෑ.අවුරුදු දහයක් එහෙම ගියොත් අැති. පස්සේ වුවමනා විදියට වෙනස් විය හැක.

:       0       0

Chanak Los angeles Thursday, 17 May 2018 02:36 PM

රුපියලේ අගය වැඩිවෙන්න රටේ නව නිෂ්පාදන ආරම්බ වෙන්න ඕනේ ඒවායෙන් විදේශ විනිමයන් රටතුලට ගලා එන්න ඕනේ. දියවන්නාවේ ඉන්න 200 ගණනක් සියලුම වරප්‍රසාද භුක්ති විඳිනවා මිසක් නිෂ්පාදන ඇතිකිරීමේ සැලසුම් ක්‍රමයක් ගැන දැනුමක් නොමැති පුද්ගලයන් බවයි අපේ හැගීම..

:       8       0

smith Thursday, 17 May 2018 03:11 PM

එහෙමනම් අර මහා බැංකුවේ අධිපති කියන විදියට රටට ගොඩක් වාසි වෙයි. රුපියලේ අගය තවත් අඩුකරන්න.

:       0       21

nihal Thursday, 17 May 2018 05:14 PM

මෙසේ වෙන්නේ අර දියවන්නා ඔය නිවසට එන නොහැකියාවෙන් පෙලෙන හිඟමනෙන් ජීවත්වෙන මිනිසුන් පිරිසක් නිසායි.

:       0       15

සඳුන් Thursday, 17 May 2018 05:45 PM

එක් අයෙක් සුදු ඇඳගෙන හොරකමේ. අනෙකා ටයිකෝට් දාගෙන හොරකමේ. මෙය හොරුන්ගේ දේශයයි. හොරකම් කිරීම ඇරුණුවිට වෙන ආර්ථික ප්‍රතිපත්තියක් නෑ. ඉතින් ආයෝජකයෝ එයිද? බදු බරෙන් ජනතාව පීඩාවට පත්කරනවා. තෙල් ගණන් කෝටි ගණනක වියදමින් ඇඩ්දානවා. ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාට රැපියල ඉහළයාම හොඳලු. මොවුන්ව බලයට පත්කරන අපටයි පිස්සු.

:       0       0

Haeshana Thursday, 17 May 2018 05:47 PM

ලක්ෂ 62 දැන් කොහොමද ඔයගොල්ලන්ගේ යහපාලන රජය...? ගොඩක් හොඳයි නේද? ඔබට සතුටුයිද දැන්...?

:       0       35

Sunil Thursday, 17 May 2018 05:55 PM

තවත් පහළට යාවි !!!

:       0       10

sanath Thursday, 17 May 2018 06:13 PM

රුපියලේ අගය අඩුවීම මං දන්න කාලෙ ඉඳලා වෙන එකක්. නමසිය හැත්තෑ ගණන් වලදී එන් එම් පෙරේරා මුදල් ඇමති කාලෙ කිව්වා රුපියලේ අගය හෙට ඉඳල ශත 80 යි කියලා. අපි හිතුවේ එදායින් පස්සේ රුපියලට සතේ ඒවා 100 ක් නෙමෙයි 80 ක් කියල.

:       0       0

hewawitharana Thursday, 17 May 2018 08:42 PM

විදේශිය ශ්‍රමිකයන් මෙරටට එවන විදේශිය විනිමය හොඳටම ඇති රුපියල ස්ථාවරයක තබා ගන්න කොහෙද මුන් කෝටි ගණන් ගෙවල සුකොපබෝගී වාහන ආනයනය කරන කොට

:       0       121

Ruwan Thursday, 17 May 2018 11:51 PM

සමෘද්දියටත් වැඩේ දුන්නාම ඕක රුපියල් 200ක් විතර වෙයි.

:       54       166

Kumar Friday, 18 May 2018 02:57 AM

අනේ ලොකු දෙයක් ....පිට රටවල් වල ගිහින් දුක් විදලා ලංකාවට සල්ලි එව්වහම ඩොලර් එකකට ලැබෙන්නේ පොඩි ගාණක්.........ඉට අමතරව ඒකට ටැක්ස් කියලා ගැනකුත් ආණ්ඩුවට කපා ගන්නවා.ආණ්ඩුව කිසි පිළිවෙලක් නැතිව ජොබ් වලට ගන්නවා. පඩි වැඩි කරගන්නවා...........කෝට් ගණන් වියදම් කරලා වාහන ගන්නවා......

:       0       20

Sathya Friday, 18 May 2018 03:14 AM

මොන දේත් ආණ්ඩුවේ වාසියට හරවාගෙන මිනිස්සු රවට්ටනවා. විදේශ ණය, පොලී ගෙවීම් වටිනාකම කියන්නේ ඩොලර් වලින්. අපනයන ආදායම කියන්නේ රුපියල් වලින්. අපි හිතමු අපනයන අදායම ඩොලර් 100යි කියලා. එතකොට 2015 වසරේ 130*100=13000ක අදායමක් ලබනවා. හැබැයි 2018 වසරේ 159*100=15900ක අදායමක් ලබනවා. දේශපාලකයෝ ආඩම්බරෙන් කියනවා අපනයන අදායම 2900ක් වැඩිවෙලා අපි අපනයන වැඩිකලා කියලා. අපි මේ ඉලක්කම් මාරුව නොදැන අත්පුඩි ගහනවා.

:       0       20

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බලශක්තියට නව නියාමන ආයතනයක්
2024 අප්‍රේල් මස 26 33 0

බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බාල සහල් ගැන සජිත්ගෙන් පැමිණිල්ලක්
2024 අප්‍රේල් මස 26 155 0

රටේ ඇතැම් ප්‍රදේශවලට බාල සහල් බෙදා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිම


පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමක් කැඳවයි
2024 අප්‍රේල් මස 26 465 0

පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ විශේෂ රැස්වීමක් අද (26) දහවල් 11ට කැඳවන බව නියෝජ්‍ය කතානායක රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.


ලොරි අනතුරකින් හමුදා සෙබ‌ළෙක් මරුට
2024 අප්‍රේල් මස 26 366 0

මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන්


උලපනේ හිමි ඇතුළු පස් දෙනාට දැඩි කොන්දේසි මත ඇප
2024 අප්‍රේල් මස 26 278 0

අධිකරණ නියෝගයකට අවනතව කටයුතු නොකර රාජ්‍ය නිලධාරීන්ට බාධා පමුණුවා, ඇමතිවරයකුගේ ලිපියක් පෙන්නමින් බලපෑම් කළේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ගුරු විද


මෛත්‍රී පාස්කු ගැන පාර්ලිමේන්තුවටත් කියන්න යයි
2024 අප්‍රේල් මස 26 706 1

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 332 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1716 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1557 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site