( කාංචන කුමාර ආරියදාස ) 

දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින්  පුද්ගලයින්  25 දෙනකු තුවාල ලබා  ඇතැයි පොලීසිය කියයි.

 ලංකා ගමානාගමන මණ්ඩලයට අයත් බසයක් සහ වෑන් රියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

 පුද්ගලයින් 25 දෙනාගෙන් සිව් දෙනකු තත්ත්වය බරපතල බවද  පොලීසිය සඳහන් කරයි. ​

ඇතුළත් කළ රෝගීන් අතර කාන්තාවන් 8දෙනෙකු, පිරිමි පුද්ගලයින් 17දෙනෙකු සහ දරුවන් දෙදෙනෙකු වන බව රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

( ඡායාරූප - කාංචන කුමාර ආරියදාස )