IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


රායප්පු ජෝශප් විශ්‍රාමික රදගුරු තුමෝ ස්වර්ගස්ථ වෙති

(තිළිණි ද සිල්වා )

මන්නාරම හිටපු රදගුරු රායප්පු ජෝශප් පියතුමෝ අද (01) අලුයම යාපනය රෝහලේදී ස්වර්ගස්ථ වූහ.

රෝගාතුරව යාපනය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී රායප්පු ජෝසෆ් හිටපු රදගුරුතුමන් ස්වර්ගස්ථ වනවිට 81 හැවිරිදි වියෙහි පසුවිය.

රායප්පු ජෝශප් පියතුමන් මෙරට කතෝලික ජනතාවට විශිෂ්ට සේවයක් කළ බව මන්නාරම රදගුරු එම්මෑනුවෙල් ප්‍රනාන්දු පියතුමෝ සඳහන් කළහ.

එල්ටීටීඊයට එරෙහි යුද්ධයේදී හිටපු රදගුරුවරයා තම අදහස් ඉතා විවෘතව ප්‍රකාශ කළ අයෙකු වන අතර ඔහු බොහෝ විට දක්නට ලැබුනේ යුද්ධය පැවති කාලයේ රජයේ හමුදාවේ හැසිරීම විවේචනය කරන්නෙකු ලෙසය.එසේම යුද ගැටුම් පැවති සමයේ මන්නාරම මරද මඩු කතෝලික දේවස්ථානය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ද හිටපු රදගුරුතුමන් දැඩි වෙහෙසක් ගත්හ.

1940 වසරේ අප්‍රියෙල් 16 වැනිදා යාපනය නෙදුන්තීව් හි උපත ලැබූ රායප්පු ජෝෂෆ් රදගුරුතුමන් පූජක දිවිය ඇතුළත් වීමට පෙර පාසල් අධ්‍යාපනය ලැබුවේ යාපනයේ ශාන්ත පැට්‍රික් විද්‍යාලයෙනි. පසුව රදගුරුතුමන් ඉතාලියේ පොන්ටිෆිකල් නාගරික විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ද ලැබීය.

1967 දෙසැම්බර් මාසයේදී කතෝලික පූජකවරය ලබා ගත් රදගුරතුමන් යාපනයේ ශාන්ත සේවියර්ස් සෙමනේරියේ මහාචාර්යවරයෙක් ලෙසද කටයුතු කළේය. 1992 ජූලි මාසයේදී ඔහු මන්නාරම රදගුරු පදවියට පත් විය.

 



අදහස් (4)

රායප්පු ජෝශප් විශ්‍රාමික රදගුරු තුමෝ ස්වර්ගස්ථ වෙති

sam Thursday, 01 April 2021 09:33 AM

බෞද්ධයින් හැටියට අපිට පොඩිකාලේ ඉඳලාම උගන්නලා තියෙන්නේ... හතුරාටත් වෛර කරන්න එපා කියලා...

:       5       31

Raveendra Thursday, 01 April 2021 11:36 AM

සහතික ඇත්ත. පුල්ලි මාස්ටර්ලා රඟන වකවානුවේ ඒ ඒ අයගේ භූමිකාව සිහියට නැගෙනවා. මක්නිසාදයත් අප මැරිලා ඉපදුණු අය නොවෙන බැවිනි.

:       1       22

BamunuarachchiThursday, 01 April 2021 11:47 AM

එහෙම බෞද්ධ පිළිවෙත් රැක්ක රටවල අද බුද්ධාගම නැහැ. අපේ අනාගත සිංහල බෞද්ධ දරුවන්ට බුද්ධාගම රැකදෙන්න ඕනේද?

:       6       9

Bamunuarachchi Thursday, 01 April 2021 11:44 AM

LTTE එකට විශේෂ සේවයක් කළ කෙනෙක්...

:       6       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැනට අදත් වැස්ස
2024 අප්‍රේල් මස 27 51 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ ඌව පළාත්වලට පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 1057 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 1890 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 2122 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 1066 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 1021 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 344 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1570 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site