( ජයන්ත සමරකෝන්)
කොළඹ නගරයේ රාජ්‍ය අයතනවල ආරක්ෂක සේවා රාජකාරී කළ සිවිල් ආරක්ෂකයින් එම රාජකාරීවලින් ඉවත් කිරීමේ කාලය ලබන මාර්තු 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන ඇතැයි සිවිල් ආරක්ෂක බළකාය කියයි.
මේ වන විට කොළඹ හා තදාසන්න රාජ්‍ය ආයතන 136 ක ආරක්ෂක සේවාවන් සිවිල් ආරක්ෂක බළකාය මගින් සිදු කිරීම කර ඇති අතර ඒ අනුව සිවිල් ආරක්ෂකයින් 100 ක් රාජ්‍ය ආයතන 15 කින් දැනටමත් ඉවත් කර තිබේ. එමෙන්ම තවත් 600 ක් පමණ ඉවත් කිරීමට සිටිනා බව සිවිල් ආරක්ෂක බළකායේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් රත්නසිංහම් මහතා පැවසීය.
සිවිල් ආරක්ෂක යින් එම ආයතනවලින් ඉවත් කිරීමෙන් පසුව රාජ්‍ය ආයතනවල සිදුවන ආරක්ෂක සේවා පුරප්පාඩු පිරවීම සඳහා ‘රක්නා ලංකා ආරක්ෂක සමාගම‘ විසින් බාරගෙන ඇතැයිද ඒ මහතා සඳහන් කළෞය.
සිවිල් ආරක්ෂකයින් බළකා මූලස්ථානය යටතේ ග්‍රාමිය ප්‍රදේශයන්හි සංවර්ධන කාර්යයන් සඳහා යෙදවීම හා සිවිල් ආරක්ෂක බළකාය යටතේ නැවත ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතින් සඳහා යෙදවීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට මතක නැහැ. මේකට නඩුත් තියෙනවද?
ඔය සමාගමට ගෝඨාගේ සම්බන්ධකමක් තියෙනවා.
මෙය පුද්ගලීකරණයක් නොවෙයිද?
දැන් සැපද? තමන්ගේ අයට කරන්නයි මේ ආණ්ඩුව දන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි රටට ගෙවන බදු මුදල් තමන්ගේ අයට බෙදලා දෙන්නේ. මේක මහා බැංකුවට දීපු ගේම වගේම එකක්.
එක වෙන්න ඕනෙනේ එක මහා එක්කනගේ නේ රත්නා ලංකා
හුරේ .....හුරේ .... රාජ්‍ය වියදම් අඩුකළ අපේ නායකයාට ජයවේව .....
රක්නා ලංකා කියන්නේ 100% ක් ආරක්ෂක අමාත්‍යංශය යටතේ පාලනය වන සමාගමක්. ඒ වගේම එකේ වැඩ කරන්නේ , හමුදාවේ ඉදලා නීත්‍යනුකුලව විශ්‍රාම ගිය අය. ඉතා ඉහල විනයක් සහ පුහුණුවක් ඇති නිලධාරීන්... ඉතින් කොළඹ ඇති රාජ්ජය ආයතන වලට එයින් හොද ආරක්ෂාවක් ලැබෙනවා. ඉතින් මේක හොද ක්‍රියාවක් නොවෙයිද.
ලිස්ට් එකේ 600, පඩි ගෙවයි 2,500 කට, නගරේ කුණු සුද්ධ කිරීමේ කොන්තරාත්තුව වගේ හොර පඩි ලොක්කොන්ගේ සාක්කුවට.
මේ නීත්‍යානුකූල වැඩක් නම් එහි ඇති වැරැද්ද කුමක්ද? අදහස් හිතට ආව පලියට කල්පනාවෙන් එළියට දාන්න ඕනෑ. ක්‍රියාත්මක වැඩ පිළිවෙලේ වැරදි තිබේ නම් පෙන්වා දෙන්න කියා ජනාධිපතිතුමා කීපවරක්ම ඉල්ලා සිටි බව මතක් කරමි...
දැන් සැපද? තමන්ගේ අයට කරන්නයි මේ ආණ්ඩුව දන්නේ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. අපි රටට ගෙවන බදු මුදල් තමන්ගේ අයට බෙදලා දෙන්නේ. මේක මහා බැංකුවට දීපු ගේම වගේම එකක්. නියමයි.
අපේ සල්ලිනේ දෙන්නේ පිටට... භාගයක් යන්නේ මහින්දට නේද?