(තරිඳු ජයවර්ධන සහ හර්ෂණ තුෂාර සිල්වා)
රනිල් වික්‍රමසිංහ මහතා ජීවිතේට අගමැති ලෙස පත් කරන්නේ නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පැවසීය.
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම අගමැති ධුරයට යෝජනා වුවහොත් ඔහුවද අගමැති ලෙස පත් නොකරන බව ද ජනාධිපතිවරයා කීවේය.
මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ අද විදේශීය මාධ්‍යවේදීන් හමුවූ අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කරන්නට හේතුවූ කාරනා ජනාධිපතිවරයා විදේශ මාධ්‍යවේදීන් හමුවේ දීර්ඝ ලෙස පැහැදිලි කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා දීමට හේතු වූ කාරණා ගැන සඳහන් කරද්දී ‘‘ මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ඉල්ලා අස්වෙන්න කියලා කිව්වවා. ඔහු එය පිළිගත්තේ නෑ. ‘‘ යැයි ද සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කර අලුත් අගමැතිවරයකු පත් කිරීමේදී තමාගේ පළමු කැමැත්ත තිබුණේ කතානායක කරු ජයසූරිය මහතාට බවත්, දෙවැනි කැමැත්ත තිබුණේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් ඔවුන් අගමැති ධුරය භාර නොගත් නිසා මහින්ද රාජපක්ෂ මහතා පත් කළ බවත් ජනාධිපතිවරයා කීවේය.
‘‘ඇයි මම දෙන්නෙකුගේ පස්සේ ගියානේ. ඒ දෙන්නම බෑ කිව්වානේ. ඒ දෙන්නා බෑ කිව්වට පස්සේ වෙන කෙනෙක් ඇත්තෙම නෑ.‘‘ යැයි මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
අගමැති ඉවත් කිරීම, අලුත් අගමැති පත් කිරීම සහ පාර්ලිමේන්තුව විසිරුවාහැරීම නීත්‍යනුකූලව සිදු කළ බවත්, පාර්ලිමේන්තුව විසිරුවා හැරීම අභියෝගයට ලක් කළත් අගමැති ඉවත් කිරීම සහ වෙනත් අගමැතිවරයකු පත් කිරීම අධිකරණයේ දී අභියෝගයට ලක් කර නැති බවත් ජනාධිපතිවරයා කීවේය.
පාර්ලිමේන්තුවේ ඡන්දය විමසීම ගැන කතා කළ ජනාධිපතිවරයා ‘‘ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල ඡන්දය ගැනීමේ ක්‍රම තුනක් තිබෙනවා.
පළවෙනි එක ශබ්දය අනුව ගැනීම. දෙවැනි එක මන්ත්‍රීවරුන්ගේ නම කතා කරලා යර්ස්, නෝ කියලා කැමතිද නැද්ද කියලා ගන්න එක. ඊළඟට ඉලෙට්‍රෝනික් සිස්ටම් එක. ආණ්ඩුවක් වෙනස් කිරීම වැඩි බරපතල දේකදි නිකං හායි කියලා හඬ අනුව නෙමෙයි නමින් හෝ ඉලෙට්‍රෝනික් සිස්ටම් එකෙන් ඉදිරිපත් කරන්න කියලයි මම ඔවුන්ට යෝජනා කළේ. ඔවුන් පෙරේදා ඉලෙට්‍රෝනික් සිස්ටම් එකට ඡන්දය පැවැත්තුවා.
මම කතානායක ඇතුළු මන්ත්‍රීවරුන්ට ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් විදියට පාර්ලිමේන්තුවේ බහුතරය මම පිළිගන්න කෙනෙක්. බහුතරය විනිවිද භාවයෙන් යුතු වෙන්න ඕනා. ‘‘ යැයි සඳහන් කළේය.
‘‘පාර්ලිමේන්තුවේ ප්‍රචණ්ඩ ලෙස හැසිරීම දැඩි සේ පිළිකුල් කරනවා. මොන පක්ෂයේද කියන එක නෙමෙයි කවුරු වුණත් ප්‍රචණ්ඩ ලෙස හැසිරීම වැරදි. ‘‘ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම ගැන අදහස් දක්වමින් ජනාධිපතිවරයා පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට චෝදනා රැසක් එල්ල කර දැන් ඔහු අගමැති ලෙස පත් කිරීම ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කරද්දී ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු දුන්නේය. ‘‘අපි හැම වෙලාවෙම අතීතයේ චෝදනා ගැන කතා කළොත් ලෝකයේ කිසිම දේශපාලනඥයෙකුට එකතු වෙන්න බෑ. 1956 ඉඳන්ම අපේ රටේ සන්ධාන ආණ්ඩු තියෙනවා. ඒ එකතු වුණ අයත් ඊට කලින් අසමගි වෙලා හිටපු අය. දේශපාලන නායකයො දේශපාලන පක්ෂ නායකයන් එකතු වෙලා තියෙන්නේ ඒ ලබපු අත්දැකීම් එක්ක එතනින් එහාට අලුත් වැඩපිළිවෙලක් එක්ක යන්නේ කොහොමද කියලා. ‘‘
මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු සමයේ කළැයි කියන දූෂණ අක්‍රමිකතා සහ අපරාධවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීම ගැන විමසද්දී ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘ ඒවට වග කියන්න ඕනා රනිල් වික්‍රමසිංහ මහත්තයා. අධිකරණය, සීඅයිඩිය, පොලිසිය ඔක්කොම තිබ්බේ එක්සත් ජාතික පක්ෂය යටතේ. ජනාධිපතිවරයා වුවත් සම්මුතිය අනුව අනිත් ඒවට ඇඟිලි නොගැසීමේ එකඟතාවක් තිබුණා.‘‘ එම චෝදනාව එජාපයෙන් කරන්නේ ජනාධිපතිවරයාට බව කී විට ජනාධිපතිවරයා මෙසේ කීවේය. ‘‘එහෙනම් ඒ කාලේ ඔප්පු කරන්න තිබ්බානේ. ඒකට එයාලට කොන්ද පන තිබ්බේ නැද්ද? ඒ සියල්ලට රනිල් වික්‍රමසිංහ මහතා සහ සාගල රත්නායක මහතා වගකිව යුතුයි.‘‘

වීඩියෝ (356)
COMMENTS
රටට ආදරයක් ඇත්තටම තියනවා නම් මහින්දයි, රනිලුයි එකතු වී සන්ධානයක් සෑදිය යුතුයි. පරණ නඩුහබ, අලුත් නඩුහබ පැත්තකින් තියලා අලුත් ගමනක් යායුතුයි. සුද්දා අපිව සුද්ද කළා. ඒත් දැන් සුද්දා හොඳයි කියනවා. අපි සුද්දට ඒ තැන දුන්නා නම් ඇයි මහින්දයි, රනිලුයි අතීතය අමතක කරලා රට වෙනුවෙන් එක් වෙනවට අකමැති...? මහින්ද රට කළමනාකරණය කර රනිල් ජාත්‍යන්තරය කළමනාකරණය කළ යුතුයි. ඔච්චර බැන්න සිරිසේන එක්ක මහින්දට එකතුවන්න පුලුවන්නම් ඇයි රනිල් සමග සන්ධානගත වෙන්න බැරි. තිරෙන් එහා මේ දෙන්නා යාලුවෝ. දෙදෙනාම අනෙකා ගැන හරියට විවේචනය කරනවද? කවදාවත් නැහැ. රට දැන් පත්වෙලා තියන තැන ගැන හිතලා එකතු වෙන්න. තව අවුරුදු කීයක් මේ දෙන්නා මහපොළවේ ඉඳීද? ඒ ටිකට එකතුවෙලා රට ගොඩ නගන්න. අනාගත පරපුර වෙනුවෙන්... හැබැයි ගුණමකු සිරිසේන වගේ අයගෙන් තොර ආණ්ඩුවක් වියයුතුයි. අඩුම ගානේ කිසියම් වූ උපාධියක් ඇති අය පමණක් මන්ත්‍රීන් ලෙස පාර්ලිමේන්තුවට තෝරා ගත යුතුයි.
පහුගිය දවස්වල කෙලපු කෙප්පවල හැටියට කියන කිසිම දෙයක් විස්වාස කරන්න පුළුවන් කමක් නැහැ. මේ වගේ පුද්ගලයෙකු රටේ ජනාධිපති වීම අවාසනාවක්..!
බොරු පොරොන්දු ගණනාවක් දීලා බලයට ඇවිල්ලා දැන්.?
මහින්ද රාජපක්ෂෂට නොයකුත් විදියට විවේචන කරමින් ඔහු සමග නැවත එකතුවීම සාධාරණය කරනවනං, ඉදිරියේදී බල තන්නාවට රනිල් සමග ආපහු එකතුවුනුත් පුදුමයක් නැහැ.
මේ සේරම කතා කියන්නේ තමන්ගේ ගැලවිල්ල සඳහා... රනිල් අස් කලෙත් යූඑන්පී එක විපක්ෂෙට දාලා මහින්ද අගමැති කලේත් ඔය කිසිවක් නිසා නෙවේ.. යුඑන්පී එකෙන් 2020 ජනපතිවරණයට සිරිසේන උන්නැහේට අපේක්ෂකත්වය දෙන්නේ නැහැ කියලා රනිල් ප්‍රමුඛ ඒජාපෙ මෙයාට කියපු නිසා මෙයා බැලුවේ මහින්ද අගමැති කරලා මෙයා ආයෙත් ශ්‍රී ලංකා එකෙන් ජනපති විදිහට අපේක්ෂකත්වය අරන් දිනලා එන වසර 6 මෙයාම ජනපති වෙන්න... මෙයාගේ ලුණු, ගොරකා මදි අපව තම්බන්න. මෙයාට වෙනදේ මෙයාගේ ඉහේ ඉන්න උකුණොවත් දන්නේ නැහැ... ඔහොම යං...
මොහු 113 ගැන කොතරම් විශ්වාස කළාද කිව්වොත් "113 හරි " කියල රින්ග් ටෝන් එකටත් දාගන්න කියලා කිව්වා. මේ තමා වෛරයේත් මේ ඛේදවාචකයේත් උපත...
මේ වගකීම තිබෙන්නේ සාගල හා රනිල්ට පමණි. ඔබට සහ ඩීල්දාසට ඒ වගකීම් නැහැ. ඔබලා දෙන්නාම ළදරුවන්...
මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යන සියලු දෙනාම පිටතදී පක්ෂවලට බෙදුණාට, තිරෙන් පිටුපස මේ සියලු දෙනා අයත් වන්නේ එකම කල්ලියකටයි. මේතාක් කල් ඉතිහාසය දිහා බැලුවොත් පෙනෙන්නේ ඔය කිසි කෙනෙක් අනිත් කෙනෙකුගේ වංචාවක් කිසි දිනක අල්ලන්නේ නැති බවයි. මේ දේවලින් සැමදාම රැවටෙන්නේ මේ අය පසුපස යන මහජනයා පමණයි.
මේ කියන එක ඇත්ත මොකද ඔය කියන දෙන්නට දුන්නොත් මහිදලගේ නඩු ටික අහල දඩුවම් කරනවා. ඒක නිසා මෙය ඒ දෙන්නට දෙන්නේ නැහැ. මොකද මෙයා තමා ඔය මහින්දලාගේ නඩු සේරම යට ගැහුවේ. මෙයා බලපෑම් කරලා තමයි එෆ්සීඅයි අංශයේ ලොක්ක ඉල්ලා අස් වුනේ... එදා ඉඳලම කලේ හොරු රකින එක...
ඉතා හොඳ තීරණයක් ජනාධිපතිතුමනි,
මහින්ද මහත්තයෝ මේ මනුස්සයා සත පහකට විශ්වාස කරන්න එපා... රනිල්ට කර වැඩේ තමා කරන්නේ.
ඔයාට ජනාධිපතිකම් දෙන්නෙත් නෑ ලංකාවේ කවුරුවත් මීට පස්සේ...
රනිල්ට දෙන්නෙත් නැහැලු ෆොන්සේකාට දෙන්නෙත් නැහැලු එක්සත් ජාතික පක්ෂය තියන්නෙත් නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය තියන්නෙත් නැහැ. ඒ නිසා දැන් කල යුත්තේ බහුතරය විසින් සුදුස්සෙක් තෝරා පත්කර සුදුසු පිළිතුරක් දීමයි නැත්නම් රටත් නැහැ.
රනිල්ට දෙන්නෙත් නැහැලු ෆොන්සේකාට දෙන්නෙත් නැහැලු එක්සත් ජාතික පක්ෂය තියන්නෙත් නැහැ. ශ්‍රීලංකා නිදහස් පක්ෂය තියන්නෙත් නැහැ.එනිසා දැන් කල යුත්තේ බහුතරය විසින් සුදුස්සෙක් තෝරා පත්කර සුදුසු පිළිතුරක් දීමයි නැත්නම් රටත් නැහැ
සිරිසේනලා 100 ටවත් බැහැ එක රනිල් කෙනෙක් වෙන්න ,
රනිල් හැර වෙන කිසිම කෙනෙක් අගමැති කරන්න කාටවත්ම අදහසක් නැහැ. එක තෝරන්න ඔබට අයිතියකුත් නැහැ. ඒ වගේම රනිල් ජනාධිපති වෙන එකත් ඔබට හිරේ යන්න වෙන එකත් වලක්වන්නත් ඔබට පුළුවන්කමක් ලැබෙන්නෙත් නැහැ.. කණගාටුයි.ඔය ළදරු මානසිකත්වය රටක් පාලනයට තියා ගෙදරක් පාලනයටවත් හරියන්නේ නැහැ. සමන්ත
කිසිම කාලයක අපේ රට මෙතරම් ජාත්‍යන්තරයේ හෑල්ලුවට ලක්වෙලා නැහැ. අනෙක් රටවලත් නායකයන් අතරේ ප්‍රශ්න ඇති. එත් ප්‍රසිද්ධියේ කවුරුවත් මොන්ටිසෝරියේ පොඩි ළමයි ගුරුතුමීට නඩු කියනවා වගේ හැසිරෙන්නේ නැහැ . ඕස්ට්‍රේලියාවේ අගමැති මෑත කාලයේ කීපාරක් මාරු වුනාද ? කෝ ඒ රටේ මෙහෙම විහිලු තියෙනවාද ? රට සාමාන්‍ය විදියට ඉදිරියට යනවා. අපි තවම ගාලගෝට්ටි කරකර පස්සට යනවා.
අනේ පව් බබා එන්න ඔයාව නලවන්න.
ආප්ප කාලා යනකොට බදාගෙන බරගත්තා මතකද?
අපි කුඩා කල සෙල්ලම් කරනකොට කියන කතා වගේ. කොහොම කලත් දෙන්නේ නැහැ... බලමු මෙයාට ඊළඟ සැරේ ලැබෙයිද කියලා.
මොකා හරි තමන්ට යටත්ව, හිතවාදී හොරුටික බේරගන්න පුළුවන් නරුමයෙක්ව දාහන්න.
මෙහෙමත් නෑමක්.
ඇත්තටම සිරිසේනව අඩි හයක් යටට යවනවා කිව්වා නම් එය සාධාරණ කතාවක්... දැන් රනිල් අඩි හයක් යට අරිනවා කිව්වොත් පුදුම වෙන්න දෙයක්නැහැ.. ජනතාව ඉන්නවා සාක්කි දෙන්න... බුදුඅම්මෝ පාසල් යන කාලේ හොයලා බැලුවා නම් කේලම් කියලා, කොටවලා මුකුත් නොකරපු ගාණට ඉන්නවා ඇති සමහරවිට ඒ. කාලේ කොල්ලෝ. කොන්ද කඩුවද දන්නෑ? නැහැ පුදුම කැත විදියට තමන් සමග එකට වැඩකරපු අයව පාවාදෙන්නේ. ජනාධිපති මන්දිරයේ දෙන වතුර බෝතලයවත් බොන්න එපා. මෙයාගේ මෝඩකම දරුණුවට පිහිටා තිබෙන්නේ... දුරදිග හිතන්නේ නැහැ. හිතට අාපු දේ කරන මෝඩයෙක්... මහින්ද, රනිල්, කරු ජයසූරිය, සජිත් විශේෂයි. කිසිම කෑමක් බීමක් එකට ගැනීමෙන් වළකින්න. ඔයාට දුවවත් කියන්නේ නැතිද? මොනවද මේ කරන ගොන්වැඩ... අපි කොහොමද? මිනිසුන්ට මුහුණ දෙන්නේ කියලා...
ඔබතුමාගේ පුද්ගලික දේපලක් වගේනේ කතාව...
හැමහොරාම බයයි ෆීලඩ් මාර්ශල්ට. ඔන්න ඕකයි ඇත්ත.
අපෙ රටෙ දෙශපාලකයෙක් වෙන්න නම් ගොරක දඩමස් කරන දඩමස් ගොරක කරන්න පුලුවන් මුකරි කම තියෙන අයෙක් වෙන්න ඔන. උගත්කම නොතිබිමත් සුදුසු කමක්. අද ඉන්න 94 ක් අවම සුදුසු කමක් හෝ නැතිලු. ව්‍යවස්ථාව සංශෝදනය කර මන්ත්‍රී කෙනෙක්වීමට අවම සුදුසුකම උසස්පෙළ හා තනතුරේ සිටිය හැකි කාලය වයස 70 ට සීමා කලයුතුය. වසර 5 දී උපයන ධනය හත්මුතු පරම්පරාවට සෑහේ. ඒ නිසා විශ්‍රාම වැටුප අහෝසිකර දැමිය යුතුය. වාහන බල පත්‍ර දිය යුත්තේ එකකි. එය විකිණීම තහනම් කල යුතුය. දීමනා සිමා කල යුතුය. මේවා කිසිවිටකත් දුෂිත දේශ පාලුවෙකු නොකරන බව දනිමු. රටට ආදරය කරන අයෙකු නායකයා වුවහොත් මෙය කල හැකිය.
ජනාදිපති වෙලා තවත් වාරයක් ලංකාව ලෝකය ඉදිරියේ දැඩි හාස්‍යට හා අපකීර්තියට පත් කල අවස්ථාවක්.
2015 ජනතාව බලය දුන්නේ හොරුන් ආරක්ෂා කරන්න නෙමේ. ඒකයි මේ දෙන්නේ නැහැ කියන්නේ. ව්‍යවස්ථාවේ එහෙමත් තියෙනවද දන්නේ නැහැ...? දන්නා තරමට නම් පාර්ලිමේන්තුවේ වැඩි කැමැත්ත...
රනිල් නැතිනම් එයා අද කොහෙද?
අපට ශ්‍රී ලංකාවේ දේශපාලකයන් එපා වෙලා තියෙන්නේ. ඔබලා 3 දෙනාම කුණු කුඩයට වැටී හමාරයි. අලුත් නායකයෙක්, අලුත් චින්තනයක් රටට අවශ්‍යයි.
රනිල් කියන්නේ මහජන ඡන්දයෙන් බලයට ආ අගමැති. ජනපතිගේ පුද්ගලික තරහකට රනිල් අයින් කිරීම එම ජන බලයට පයින් ගැසීමක් නොවේද ?. ජනපතිට ඕන විදිහට අගමැති පත්කරන්න පුළුවන් නම් නම් මහා මැතිවරණ වල තේරුමක් නැහැ නේද ? ජනපති ට ඇත්තේ පුදුම තර්ක.
රනිල්ගේ දේශපාලන නුසුදුසුකම් නෙවෙයි මේ වෙලාවේ තමන් මේ ගිනි ගත්තු රට බේරා ගන්න ක්‍රමයක් සොයා බැලුවොත් නරකද ? අපි මෙහෙ නහය ලඟට වෙනකම් ගිලිලා. රටේ ආර්ථිකය කඩන් වැටිලා. "රනිල්ගේ වැරැද්ද " ටෙලි නාට්‍යය බලා අපිට ඇති වෙලා කියලා තේරෙන්නේ නැද්ද ?
කාගේ යටතේද නීතිපති දෙපාර්තමේන්තුව තිබුණෙ ? . අර ඝාතන කුමන්ත්‍රණයට මොකද දැන් වෙන්නේ. ආණ්ඩුව අරන් දැන් මාසයක් උනා නේද ?
ජනපති වහාම ඉල්ලා අස්වියයුතුයි.
ව්‍යවස්ථාවේ තියෙන්නේ ' පාර්ලිමේන්තුවේ බහුතරය කැමතිකෙනා ජනාධිපතිවරයා විසින් අගමැති ලෙස පත්කළ යුත්තේය' කියලා නැතුව 'ජනාධිපතිවරයාට කැමති කෙනා 'කියලා නෙවෙයි. විදෙස් මාධ්‍ය මෙයාගේ දැනුම ගැන මොනවා හිතනවා ඇද්ද?
" ජීවිතේට අගමැති කරන්නෙ නෑ " ? අවුරුද්දකට තියෙන්නෙ සති 52 යි, ඔබට ඔය පදවිය තියෙන්නෙ තව සති ගණනයි.
ජනාධිපතිතුමා මෙහෙම කියන්නේ එතුමා දන්නවා රනිල් වික්‍රමසිංහ කරපු වැඩ හැම දෙයක්ම.
ඔබතුමාට ඕන දෙයක් කරන්න දැන් ඔයාගේ කථා අහලා එපාවෙලා තියෙන්නේ. තව මාස දෙකයි හෝ අවුරුදුයි. ( ඔබ වැඩිම කාලයක් වැය කලේ අමාත්‍යවරු දිව්රුම් දීම සදහා පමණි . 2015-2018)
ජනතාව වැඩි ඡන්දෙන් පත් කරන කෙනා මෙයා අකමැති කෙනෙක් නම් මල කෙලියයි නේ මහරජ කිව්වලු.
ටික දිනකට පෙර කිව්වෙ රනිල් අගමැති වුනොත් පැයක්වත් ජනාධිපති තනතුරේ ඉන්නෙ නැහැ කියලා දැන් මොනවද මේ කියන්නෙ.
කාලෙකින් දැකගන්න පුළුවන් ගුණ යහපත් නායකයෙක්... කෙලින් කතා කරන්නෙක්! ජනපතිගේ වරදක් මට නොපෙනේ !!!
තාත්ත බැන්න කියලා කිරිවදින ගොයමට ගිනි තියපු සිරිසේනට රනිල් එක්ක තරහවෙලා මෙහෙම කරලා රට වනසන එක කජ්ජක්ද?
තනියමද ජනාධිපති උනේ....සියලුදෙනා පාවාදුන්නා. මේවගේ ඉන්නේ ලෝකෙටම එකයි. අපරාදේ අපිත් ආනන්තරිය පාප කර්මයට අහුවුණා....