(උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම සහ ලසන්ත නිරෝෂන පෙරේරා)
රත්නපුර දිස්ත්‍රික්කයේ මේවන විට පවුල් 5032 ක පුද්ගලයන් 19,074 ක් ආපදාවට පත්ව සිටින බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය අද (22) ප්‍රකාශ කළාය.
(19) වැනිදා බලපෑ අපදා තත්ත්වය දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 17 ට ම බලපා ඇති බවද රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය සඳහන් කළාය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය මෙසේ පැවසුවාය.
‘‘රත්නපුර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 575 ක් පවතින අතර අද පස්වරු 4.00 වන විට වසම් 284 කින් ආපදා සිදුවීම් වාර්තා වුණා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 5032 ක පුද්ගලයින් 19074 දෙනෙකු ආපදාවට ලක් වී තිබෙනවා.
දිස්ත්‍රික්කයේ මේ වන විට ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 03 ක් වාර්තා වී ඇති අතර මරණ 02 ක් රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් ද, අනෙක් මරණය පැල්මඩුල්ල කොට්ඨාසයෙන් වාර්තා වුණා.
පූර්ණ හානි වූ නිවාස 22 ක් සහ අර්ධ හානි වූ නිවාස 1872 ක් මේ වනවිට හඳුනාගෙන තිබෙනවා.
දිස්ත්‍රික්කයේ වෙනත් දේපල හානි 446 ක් වාර්තා වී තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 64 ක පුද්ගලයින් 228 ක් සිය ඥාති නිවාසවල මේ වන විට රඳවා සිටිනවා.
එමෙන්ම සුරක්ෂිත මධ්‍යස්ථාන 06 ක පවුල් 29 ක පුද්ගලයින් 117 දෙනෙකු රඳවා සිටිනවා‘‘ යැයි රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපොතාගම මහත්මිය ප්‍රකාශ කළාය.
2025 දෙසැම්බර් මස 18
613
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1096
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රත්නපුර පවුල් 5032 ක් ආපදාවට